IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප‍්‍රබල පාසල් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙති

සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් විද්‍යා විදුහල සමගින් ශාන්ත ජෝසප් විදුහලත්, ති‍්‍රත්ව විදුහල සමගින් ශාන්ත පීතර විදුහලත්, ශාන්ත අන්තෝනි විදුහල සමගින් වේල්ස් කුමර විදුහලත්, ඉසිපතන විදුහල සමගින් රාජකීය විදුහලත් අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

සෙනසුරාදා පැවති තරග වලදී ගල්කිස්ස විද්‍යා විදුහල, ශාන්ත ජෝෂප්, ති‍්‍රත්ව සහ ශාන්ත අන්තෝනි විදුහල් ජයග‍්‍රහණ 2 බැගින් වාර්තා කරමින් පිළිවෙළින් ඒ, බී, සී, සහ ඊ කාණ්ඩ වල පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූහ.
ඞී, ජී සහ එච් කාණ්ඩ වලින් එක් ජයග‍්‍රහණයක් පමණක් ලබාගත් ශාන්ත පීතර, ඉසිපතන සහ රාජකීය කණ්ඩායම්ද එෆ් කාණ්ඩයෙන් තරග කළ වේල්ස් කුමර විදුහලද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අර්ධ අවසන් වටයේ සිට ඉදිරියට  පැවැත්වෙන තරග අද (ඉරිදා) පැවැත්වේ. මෙම
බඳුන ශූරතාව වෙනුවෙන් පානදුර රාජකීය, සබරගමුව ඒකාබද්ධ, කේරි, සහිරා, ධර්මපාල, විද්‍යාර්ථ සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල් අද තරගවදිති.

සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලිය ඊයේ (2 වැනිදා) කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී ආරම්භ විය. මෙම තරගාවලියට කණ්ඩායම් 19 ක් ඉදිරිපත් වී තිබූ අතර එම කණ්ඩායම් කාණ්ඩ 8 ක් යටතේ සෙනසුරාදා මූලික තරග වලට සහභාගී වූහ.

මෙම වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු යොවුන් රගර් තරගාවලිය සඳහා කී‍්‍රඩකයින් තොරාගනු ලබන්නේද මෙම තරගාවලියේදී කී‍්‍රඩකයින් දක්වන දස්කම් වලට අනුවය. 

ඊයේ (2 වැනිදා) පැවති මූලික තරග ප‍්‍රතිඵල

-    විද්‍යා විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (22-10)
-    ශාන්ත තෝමස් විදුහල විසින් සබරගමුව ඒකාබද්ධ පිල පරදවා ජය ලැබීය. (36-00)
-    ති‍්‍රත්ව විදුහල විසින් ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (24-14)
-    ශාන්ත පීතර විදුහල විසින් විද්‍යාර්ථ විදුහල පරදවා ජය ලැබීය. (24-00)
-    ශාන්ත අන්තෝනි විදුහල විසින් සහිරා විදුහල පරදවා ජය ලැබීය. (31-00)
-    ඉසිපතන විදුහල විසින් ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (26-00)
-    කොළඹ රාජකීය විදුහල විසින් කේරි විදුහල පරදවා ජය ලැබීය. (26-12)
-    පානදුර රාජකීය විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (26-07)
-    සබරගමුව ඒකාබද්ධ පිල විසින් මාතලේ ශාන්ත තෝමස් විදුහල පරදවා ජය ලැබීය. (36-10)
-    ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල සම ලකුණු ලැබීය. (17-17) 
-    සහිරා විදුහල විසින් නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරදවා ජය ලැබීය. (12-07)
-    විද්‍යා විදුහල විසින් පානදුර රාජකීය විදුහල පරදවා ජය ලැබීය. (36-00)
-    ශාන්ත ජෝශප් විදුහල විසින් මාතලේ ශාන්ත තෝමස් විදුහල පරදවා ජය ලැබීය. (39-00)
-    ති‍්‍රත්ව විදුහල විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල පරදවා ජය ලැබීය. (19-00)
-    ශාන්ත අන්තෝනි විදුහල විසින් ශාන්ත ජෝන් විදුහල පරදවා ජය ලැබීය. (26-00)

 

ශාන්ත ජෝන් කී‍්‍රඩකයෙකුගෙන් පිරිනැමීමක්...

 

 

 

 

 

 

 

 

 

 

 

තර්ස්ටන් - ශාන්ත තෝමස් තරගයේ තියුණු අවස්ථාවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තර්ස්ටන් - ශාන්ත ඇන්තනි තරගයේ අවස්ථාවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

මාතලේ ශාන්ත තෝමස් කී‍්‍රඩකයකුගෙන් ප‍්‍රවර්තනයක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශාන්ත ජෝන් කී‍්‍රඩකයකුගෙන් ශාන්ත ඇන්තනි කී‍්‍රඩකයකුට වෙට්ටුවක්...

 

 

 

 

 

 

 

 

 

 

 

ඡයාරූප: ශානුක අරවින්ද



අදහස් (0)

ප‍්‍රබල පාසල් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site