සබරගමු පළාතේ ඇතැම් පෙර පාසල් මවුපියන්ගෙන් අසීමිත ලෙස මුදල් එකතු කිරීම සම්බනධව පැමිණිල්ලක් ලදහොත් ඒ ගැන වහාම පරීකෂණ පවත්වා විනයානුකූල පියවරගන්නා බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න මහතා කියයි.
ප්‍රධාන ලේකම් මේ බව පැවසුවේ ඇතැම් පුර්ව ළමාවිය මධ්‍යස්ථාන වලින් මවුපියන් සුරාකෑමට ලක්ව ඇතිබවට මව්පියන් නඟන චෝදනාගැන ඇසු අවස්ථාවේදීය.
සබරගමුව පළාත් සභාව ප්‍රඥප්තියක් මගින් පුර්ව ළමාවිය මධ්‍යස්ථාන නියාමනය කිරිම ස`දහා බලතල ලබාගෙන ඇතිබවද ප්‍රධාන ලේකම්වරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් පෙර පාසැල් වල ඇතුලුවීමේ ගාස්තුව රුපියල් 10000/= යි. මාසිකව 2500/=යි.(නදී)
අනෙකුත් පළාත් සභාත් මෙම තීරණය ගන්නේ නම් එය ජනතාවට විශාල සහනයකි. (නි)
මේ ක්‍රමය මුලු දිවයිනටම ක්‍රියාත්මක කරන්න. සල්ලි නුදුන්නොත් ළමයා ගන්නේ නැති ඒවටත් නීති ගේන්න. මේක ජයටම කරන ගැරිල්ලක්. (නි)
සහතික ඇත්ත සදුනි. (නි)
කි දාහක් ගන්නවාද ඒ ළමයින්ගෙන් (දී)
මම හිතන්නේ දැන් වෙන්නෙම ඒක නේද (දී)
දියුණු රටවල ආදායමට සාපේක්‍ෂව දෙමවුපියන් ගෙවිය යුතු මුදල තීරණය කරනවා. හිතූ හිතූ ගණන් සහ ඇතුළුවීමේ ගාස්තු අනවශ්‍ය ලෙස එකතු කරන්න දෙන්නේ නැහැ. සියළුම පෙර පාසල් වලට එකම නීතියක් ගෙන ආ යුතුයි. (නි)
බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිතුමනි, මෙම කරුණ ඔබගේ අවධානයටත් යොමුවේවා! (නි)
පොඩි කට්ටියට උගන්නන තැන් වලින් ගන්නවා අහස පොලොව නුහුලන ගානක් (දී)
30000/- , 50000/- ගන්න තැන තියෙනවා (දී)
මං අවුරැදු 3කට කලින් මාසිකව 8000ක් ගෙවුවා. ඒ කොළඹ. දැන්නම් තවත් වැඩි ඇති. දෙමවුපියො මෙහෙම වෙද්දි අසරණ වෙනවා. (නි)
ඒකනම් හොඳ ආරම්භයක්, පාසැල් ගැනත් සොයා බැලුවනම් වටිනවා. (දී)