පේරාදෙණිය සරසවිය අසළ අඩි දහයක පමණ පෙදෙසක් නාය ගොස් ඇත. පේරාදෙණි මහනුවර මාර්ගයේ වාහන ධාවනය වනුයේ එක් තීරුවක පමණි.
අයහපත් කාළගුණයත් සමග ඉදිරි පැය 24 තුළ නායා යෑම්, ගල් පෙරළීම්, ගිලා බැසීම් හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් මාතලේ මහනුවර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බංඩාර මහතා පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොටල උකුවෙළලමාතලේල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශවල සියලු ම මාර්ග, විල්ෂියාර්, ආදාවෙල, හා නිකොලොය ගිලා බැසීමේ
ප්‍රවනතාවක් ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයේ පාත හේවාහැට, මැද දුම්බර, ගඟවට
කෝරලේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ඇති මහනුවර, මහියංගන මාර්ග ඇතුලු
ගොඩනැගිලි, කදු බෑවුම් ප්‍රදේශය ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නුවරඑළිය,
කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කන්දේකැටිය, රාගල, හාලි ඇල,
නුවර එළිය හැටන්, ගම්පොල නුවරඑළිය යන මාර්ගද බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය හැර සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරගල, හපුතලේ, වැල්ලවාය, ඇල්ල
වැල්ලවායල මීගහ කිවුල, බදුල්ල බදුල්ල, වැලිමඩ වැලිමඩ, මස්පන්න, හග්ගල, අඹගස්දෝව යන මාර්ග ඇතුළු සියලු මාර්ගයන් හි මෙම අවදානමක් ඇති බව අද (10) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පේරාදෙණියේ මහ පාර ගිලා බහියි
තාරක Thursday, 10 January 2013 07:45 PM
හදපු හොද කම තමයි (දී)
සම්පත් Friday, 11 January 2013 02:33 AM
තව හොදට ගස් කපන්න. පස් ඔක්කොම හෝදගෙන ගිහිල්ලා ගල් වලින් පිරුණු කදුකරයක් ඉතුරු වේවි. (නි)
බමුණුසිංහ Friday, 11 January 2013 03:37 AM
මේ රටේ වෙන දේවල් වලට පාරවල් විතරක් නෙමෙයි, මුලු රටම ගිලා බහීවි. (නි)
සුනිල් Thursday, 10 January 2013 08:01 PM
මොකද්ද ඒකට හේතුව (දී)
ආනන්ද Thursday, 10 January 2013 08:19 PM
මේවා කවදා සිද්ධවුණු දේවල්ද ? (ස)
වරුණ Friday, 11 January 2013 07:07 AM
මේ වෙන දේවල් වලට පොළව ගිලාබැහැල නැවතුනොත් ඇති (ස)
තිස්ස Friday, 11 January 2013 09:03 AM
මම මොකද කරන්න එකට(දී)
නිත්‍යා Friday, 11 January 2013 04:00 PM
මේ දිනවල කඳුකර ප්‍රදේශවල ගමනාගමනය හරිම භයානකයි වගේ. රියදුරන්, පදිනයින් සැමදෙනාම ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි (ස)
හර්ෂ Friday, 11 January 2013 10:30 AM
පාර හදපු හොද කම් තමයි (දී)
දහම් Friday, 11 January 2013 11:40 AM
පාරේ යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ (දී)
රොකී Friday, 11 January 2013 04:35 PM
පේරාදෙණිය කොළඹ මහවැලි ගග පාරේ කඩ සාප්පු සියල්ල ඉවත්කල වෙනත් ස්ථානය ඔවුනට කඩසාප්පු ලබා දිය යුතුයි. බලධාරීනි අප මෙය කියන්නෙ 2000 වර්ෂයේ සිටයි (ස)