වයස අවුරුදු අටට අඩු දරුවන් පස් දෙනකු ද සමග මාතර පොල්හේනේ ගණිකා නිවාසයක වැඩ කළ බව කියන කාන්තාවන් තිදෙනකු හා කළමනාකරුවකු ඇතුළු තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.
දරුවන් වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කර දී තිබූ බවත්, විදේශිකයන් ද මෙහි ආ ගිය බවත් පොලීසිය පවසයි.
රුපියල් දහසක ගාස්තුවක් ගෙවා පොලිස් උපාය දූතයකු එහි ගොස් වැටලීම කර ඇත.
එම කාන්තාවන් අනුරාධපුරය හා හලාවත පෙදෙස්වලින් පැමිණි අය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි නේද විකුණලා තියෙන්නේ (දී)
මෙහෙමත් මිනිස්සු ඉන්නවද? (නි)
අපි කාලා බීලා ඉන්නවට පොලිසිය අකමැති ඇති. (නි)
මේ බෞද්ධ රටේ මේවා වෙන්නේ නැහැ. මේකට තමයි කියන්නේ කැපයි අකැපයි හෙවත් හලාල් සහ හරාම් කියලා. (නි)
දුරකතනයක් හොරකම් කලාට අවුරුද්දකට හිරේ දැම්ම නම් මේ වගේ දේවල් වලට මොකක්ද දෙන දඩුවම. (නදී)
කරන අයගේ වැරැද්ද නෙමෙයි, යන අයගේ වැරැද්ද... (නි)
ළමයෙකුටවත් සමාජයේ ඉන්න බැහැ දැන් (දී)
සමහර අය ගණිකා වෘත්තියේ යෙදෙනවා ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා දරු පවුලක් රකින්න. සමහර අය ඉක්මනට පොහොසත් වෙන්න. සමහරුන් තර්ජන ගර්ජන වංචා ආදී අන් අයගේ බලපෑම නිසා. සමහරු ‘ආශාව‘ නිසා. මේ වගේ හේතු තව ගණනාවක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රවේශම් වෙන්න ඕනෑ අපේ නිගමනයන්ට එළඹෙන විට! (නි)
මේ හැමදේකින්ම වෙන්නේ අපේ රට ගැන අපිටම කළකිරීමක් ඇති වෙන එකයි. (නි)
මේ වගන්තිය අනුව මෙහි ගණිකා සේවයේ නිරතව කාන්තාවන්ට දරුවන් ලැබූ පසුව හෝ ඔවුන්ට සිටින දරුවන් බලා ගැනීමට ඩේ කෙයාර් සෙන්ටර් එකක් ද සහිතව ඉතා ඉහළ මට්ටමකින් උසස් පහසුකම් සහිතව මේ ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවක් පෙනී යයි. වයස අවුරුදු අටට අඩු දරුවන් පස් දෙනකු ද සමග මාතර පොල්හේනේ ගණිකා නිවාසයක වැඩ කළ බව කියන කාන්තාවන් තිදෙනකු හා කළමනාකරුවකු ඇතුළු තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි. ඇතැම්විට මේ ඩේ කෙයාර් එක පිටපස දරුවන් විදේශිකයින්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වූ වා දැකි කරුණාකර අවධානය යොමුකරන මෙන් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. මේ ඩේ කෙයාර් සෙන්ටර් එකේ දී දරුවන් විදේශිකයින්ට විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන්නට ඇති බවට මෙහි දක්වා ඇති කරුණු අනුව සැක සිතේ. දරුවන් වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කර දී තිබූ බවත්, විදේශිකයන් ද මෙහි ආ ගිය බවත් පොලීසිය පවසයි. ඇතැම්විට විදේශිකයින් මෙහි පැමිණෙන්නට ඇත්තේ දරුවන් සමඟ ලිංගික ක්‍රියාවන්ගෙන් සතුටක් ලැබීමට විය හැකිය. සමහර සංචාරකයින් කුඩා දරුවන්ගෙන් ලිංගිකව තෘප්තියත් වීමට වැඩි කැමැත්තක් දක්වන බව සංචාරක කර්මාන්තයේ නිරත වෙරළාශ්‍රිත ජන සමාජය තුළ එවැනි කුඩා දරුවන් ගණිකා වෘත්තියේ නිරත වීම බහුල වීම අනුව පෙනී යයි. මෙහි දී ද පොලිසිය සාම්ප්‍රදායික වැටලීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් පෙර ගණිදෙනු කරුවෙකු ලෙස උපාය දූතයෙකු යොදවා ගෙන වැටලීම සිදු කර තිබේ. රුපියල් දහසක ගාස්තුවක් ගෙවා පොලිස් උපාය දූතයකු එහි ගොස් වැටලීම කර ඇත. අනේ ඈත ගම්වල කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීමට යැයි කියා ගෙන්වාගෙන සිදු කරන්නේ මෙවැනි දේවල් නේද? එම කාන්තාවන් අනුරාධපුරය හා හලාවත පෙදෙස්වලින් පැමිණි අය බව කියති. සෞම්‍යා කියන පරිදි දුරකතනයක් හොරකම් කලාට අවුරුද්දකට හිරේ දැම්ම නම් මේ වගේ දේවල් වලට මොකක්ද දෙන දඩුවම යන කාරණය පිළිබඳවත් හිතලා බලන්න ඕනේ. ලිංගික ආශාව යථාවත්ව ක්‍රියාවට නැඟීම කියන කාරණය සාමාන්‍ය මානව වර්ගයා කෙරෙහි බලපාන ඉතා තීරණාත්මක සාධකයක්. එහිදී ලිංගික ආශාව යථාවත්ව ක්‍රියාවට නැඟීමට හා එය උපයෝගී කොටගෙන මානව වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නීරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් උත්පාද කිරීම යන සාධකයද ලිංගික තෘප්තිය ලැබීමට සමගාමීව තිබිය යුතුය. පවුල් සංස්ථාවක් තුළ ලිංගික ආශාව යථාවත්ව ක්‍රියාවට නැඟෙනුයේ එබැවිනි. අද උසස් අධ්‍යාපනය ලැබීමට ප්‍රමාදවීම, රැකියා සම්පාදනය කර ගැනීමේ අපහසුතා, නිවෙස් තනා ගැනීමට ප්‍රමාදවීම හා වෙනත් එවැනි හේතු සාධක නිසා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විවාහවීමේ කාලසීමාව වයස් මට්ටම එන්න එන්නට වැඩි වෙන බව සමාජයේ දක්නට ඇති සිදුවීම් අනුව පෙනී යයි. ඊට සාපේක්ෂකව විවාහ සංස්ථාවට ප්‍රවේශවී යථා ආකාරයෙන් ලිංගික තෘප්තිය ලැබීමේ සාධාරණ සමාජ අවස්ථාවන් විවිධ පුද්ගල කොට්ඨාශයන්ගෙන් දැන් දැන් බහුලව අහිමි වෙමින් පවතියි. ගණිකාවන් කරා යන්නේ මුදල් ගෙවා සමාජයට අයහපතක් නොවන ලෙස තමන්ගේ ලිංගික ආශාව තෘප්තිමත් කරගැනීමටයි. මෙහි තවත් පැත්තක් නම් ස්ත්‍රී දූෂණය හා ළමා අපයෝජනයයි. මෙහිදී පුද්ගලයින් ලිංගික ආශාව තෘප්තිමත් කර ගැනීමට පෙළඹෙන්නේ සමාජ සම්මත ක්‍රමයට බැහැරවය. එය සමාජයට බෙහෙවින් අහිතකර ද විය හැකිය. එබැවින් සමාජයට අඩුම අයහපතක් සිදුකරන ගණිකාවන් මඟින් ලිංගික තෘප්තිමත් වීම සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණය අනුව සමාජයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබිය යුතු යැයි ඇට, ලේ, මස් සහිත පුද්ගලයෙකු ලෙස හා කුහක සුචරිතවාදියෙක් ලෙස අදහස් දැක්වීමෙන් තොරව සාධාරණය කල්පනා කරන විට මට සිතේ.(නදී)
ගාමිණීගේ කතාව මරු.(නදී)
ලංකාවට සරියා නීතිය හරියන්නේ නැහැ. සේනාවෙන් ඇහුවා නම් නීතියක් කියයි.(නදී)
රුපියල් දහසක ගාස්තුවක් ගෙවා පොලිස් උපාය දූතයකු එහි ගොස් වැටලීම කර ඇත. තෙල් ගනන් ගිය නිසා මේ ගාන පුදුමයි.(නදී)
ඕකට අනිවාර්යයෙන් දේශපාලකයෙක් සම්බන්ධ ඇති. (නි)
දරුවන් ළග තියාගෙන අම්මලාට මෙහෙම දේවල් කරන්න පුලුවන්ද? (නි)
මොවුන්ට සරියා නීතිය තමයි ක්‍රියාත්මක කරන්න ඕන.. (ස)
මෙහෙම අයට දෙන්න තරම් දඩුවම් අද ලංකාවේ නැහැ. (නි)
ළමා නිවාසයත්, ගණිකා නිවාසයත් එකට. අයිතිකරුට හෙට අනිද්දා වැඩිහිටි නිවාසයට යන්නත් වෙයි වගේ !(ස)
ඇයි අර සමහර ඇමතිලා කියලා තිබුණේ මේ වෘත්තිය නීතිගත කරන්න කියලත්. (නි)