කොළඹ දිසාපති කාර්යාල නිලධරයකුගේ මාදිවෙල නිවසේ අල්මාරි හතරක් කඩා පවුම් 17ක රන් සොරා ගත් බව කියන පරණ බඩු එකතු කරන්නකු රන් බඩු විකිණීමට යද්දී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි.
මොහු ප්‍රදේශයේ තවත් ගෙවල් තුනක් බිඳ බඩු සොරාගත් තොරතුරු ද හෙළිවී ඇතැයි ද, පරණ යකඩ බඩු සොයා එන්නන්ගෙන් පරිස්සම් වන්නැයි ද පොලීසිය මහජනයාට අවවාධ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු තමයි යකඩ බඩු එකතු කරන අයට අනක් ගුණක් නැහැ ඔබ දේවල (අ)
දුමින්ද ඔබට මගේ ආචාරය (ස)
මටත් පෙන්නන්න බැහැ ඔය පරණ බඩු එකතුකරන අය.!(නු)
හරි ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ රස්සාවනේ . මිනිහ හිතන්න ඇති ඒවත් පරණ රත්තරන් කියලා (ස)
දුමින්දට හරියටම තේරුනා (ස)
සරත් එක අතකට හර.ි. දිසාපති නිලධාරියෙකුගේ අල්මාරියෙ පවුම් 17ක්? පාර්ලිමේන්තුවෙනම් තව හිතාගන්න පුළුවං..!(නු)
අනුන්ගේ දේවල් සොයාන එකමයි අපේ අයගේ වැඩේ..!(නු)
කළ වැඩේ හොද නැහැ.. එත් ඉතිං මිනිස්සු ජීවත් වෙන්නේ ආර්ථික අපහසුතාව මැද, අහස උසට දවස ගානෙම බඩු මිල මිනිසුන් තෝරාගෙන තිබෙන ක්ෂණික විසදුම් තමයි මේ.. ඉහළ පැලැන්තියෙ අයටනම් රටේ බැරූරුම් කම තේරෙන්නේ නැහැ..!(නු)
කෙලින්ම අත් දෙක කඩලා දාන්න ආයේ මේවා නොකරන්න .(ස)
පවුම් 17 ක් ගෙදර අල්මාරියේ ......(ස)
බඩු මිල ඉහළ ගියා කියලා අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්න එක හරිද?(නු)
අද කාලෙ නාදුනන කිසිම කෙනෙක් ඇතුළට ගන්න හොද නැහැ.. ගණුදෙනුවක්නම් ගේට්ටුවට පිටින්ම කරලා ඉක්මනට යවන්න..!(නු)
දැං දැං හොරු නීවන උපක්‍රම භාවිතා කරනවා හොරකමේ යෙදෙන්න.. ඒ නිසා ඒ ගැන හැමෝම අවධානයෙන් හිටියොත් තමයි හොද (නු)
සරත් ඒ මනුස්සයාගේ අල්මාරිය පවුම් 17ක් තිබුණ එක ප්‍රශ්ණයක් කරගන්න එපා.. ප්‍රශ්නය කරපු හොරකමයි.. මෙතනින් ඉගෙන ගන්න ඕන ගෙදරට එන වෙළෙන්දන්ගෙන් සහ අමුත්තන්ගෙන් පරිස්සම් වෙන්න.. සරත්ලාවගේ මිනිසුන් දන්නෙත් අනුන්ගේ කුණු හොයන එක විතරයි..!(නු)
ඒ රත්තරන් බඩුත් පරණ බඩු වෙන්න ඇති. (නි)
සමහරු නීත්‍යානුකූලව හොරකම් කරනවා.. (නු)