ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට බැහැරින් ජාතික පාසල් ගුරුවරුන් මාරු කිරීම නිසා බලවත් අසාධාරණයක් වීයැයි කියමින් ගුරු සංගම් දෙකක නියෝජිතයෝ අද (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව ගුරුමාරු මණ්ඩල කැඳවා විධිමත්ව ගුරුවරුන් මාරු කළ යුතු වුවත් පසුගිය වසරේ කිසිදු අවස්ථාවක ගුරු මාරු මණ්ඩල කැඳවා නැති බව ද, එහෙත් 2013 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 20ට හා 10ට වැඩි ගුරුවරුන් කොටසක් පමණක් අවිධිමත් ලෙස මාරු කර ඇති බව ද, මේ නිසා ගුරුවරුන් කොටසකට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් හා ස්වාධීන අධ්‍යාපන සේවකයන්ගේ සංගමයේ ලේකම් ජගත් ආනන්ද ද සිල්වා මහත්වරු පැමිණිල්ලෙන් කියති.
ඇතැම් පාසල්වල අවුරුදු 10ට අඩු ගුරුවරුන් පවා මාරු කර යවා ඇති බවත්, සති කිහිපයක් ඇතුළත ඇතැම් ගුරුවරුන්ට ස්ථාන මාරු 2ක් පමණ ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ දැක්වේ.
අවිධිමත්ව සිදු කළ ගුරුමාරු වහා අවලංගු කර, ගුරු මාරු මණ්ඩල කැඳවා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව මාරුවීම් සිදු කරණ ලෙස ද ගුරුසංගම් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් ලෙඩක් එන්නයි හදන්නේ (ස)
කරන දෙයක් ඇයි නීතියට අනුව කරන්න බැරි (දී)
අනවශ්‍ය කරදර ඇතිකරන්න නරකයි. අපේ රටේ පරිපාලනය බලවත්. (නි)