IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘පරණ ක්‍රමයට රෝමෙන් වැඩක් කරගන්න බෑ‘

ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයනට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉටු කර ගත යුතු රාජකාරි සම්බන්ධයෙන් මෑතක සිට ප්‍රශ්න මතුවී ඇත.

මෙතෙක් එම කටයුතු ඉටු කර දුන් ඉතාලි රජයේ ලියාපදිංචි ආයතන මගින් එම කටයුතු කර ගැනීමට නොහැකි වී ඇතැයි ශ්‍රී ලාංකිකයෝ කියති.

එවැනි ආයතන හතක් පමණ ඉතාලියේ ඇත.

ගමන් බලපත්, උප්පැන්න සහතික ඇතුළු විවිධ කටයුතු සඳහා තමන්ගේ ලියැවිලි රෝමයට ගෙන ගොස් එම කටයුතු කර දුන් ආයතනවලට දැන් එම කටයුතු කර ගත නොහැකි වී ඇතැයි ද, ඊට හේතුව ඔවුන් ගෙන යන ලියැවිලි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද පලෙර්මෝ නගරයේ එවැනි ආයතනයක් පවත්වාගෙන යන දිල්කි ප්‍රනාන්දු මහත්මිය එසැණ සමග කීවාය.

අලුත් කිරීමට බාරගත් ගමන් බලපත් සියයකට වඩා තම ආයතනයේ ඇතැයි ද පලෙර්මෝ සිට දෙවතාවක්ම කිලෝමීටර් අටසියයක් දුර ගෙවා රෝමයට පැමිණියද තානාපති කාර්යාලයය එක් බලපත්‍රයක්වත් බාර නොගත් බව ද ඕ සඳහන් කළාය.

ඉතාලි ශ්‍රී ලාංකිකයන් ද මෙම ආයතනවල සේවය පතනුයේ තනි තනිව රෝමයට යාමට ගත වන මුදල ඉතා අධික හෙයිනි.

එම ආයතනයෙන් යූරෝ විසි පහකට ( රුපියල් 4325) කරවා ගත හැකි වැඩක් සඳහා එක් අයකුට රෝමයට යෑමට පමණක් යුරෝ තුන්සියයක් (රුපියල් 51900)  පමණ වැයවෙතියි ප්‍රනාන්දු මහත්මිය කියන්නීය.

රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා පවසනුයේ එවැනි රාජකාරි කරවා ගැනීම සඳහා කිසිම ආයතනයක් තානාපති කාර්යාලයයේ ලියාපදිංචි වී නැති බවයි.

ඉතාලියේ එවැනි තවත් ආයතන ප්‍රධානියකු පැවසුවේ මාස කිහිපයකට පෙර තානාපති කාර්යාලයයකට බාර දුන් කිසිදු ලියැවිල්ලකට පිළිතුරක් නොලැබුණු බවයි.

මේ අතර ඉතාලියේ උපදින ශ්‍රී ලාංකිකයකුගේ උපත ලියාපදිංචි කිරීමට මව හෝ පියා තානාපති කාර්යාලයයට යා යුතුම වුවත් එසේ නොගොස් වෙනත් අයට වැඩි මුදල් ගෙවා එවැනි දේ කරගන්නා අය සිටිතියි ද දැනගන්නට ඇත.  එසේ උප්පැන්න ලියාපදිංචි කර ගත් කිහිපදෙනකුම පැවසුවේ තමන් එහි නොගොස් ඒ කාරිය කර ගත් බවයි.



අදහස් (0)

‘පරණ ක්‍රමයට රෝමෙන් වැඩක් කරගන්න බෑ‘

වීල්සන් Friday, 08 February 2013 02:05 AM

පරණ හරි අලුත් හරි හොද දෙයක් කරගන්නයි ඕනේ (දී)

:       0       0

නිශාන්ත Friday, 08 February 2013 02:23 AM

පරණ විදියට බැරිනම් අලුත් ක්‍රමයකට හැඩගැහෙන්න තවමත් අවස්ථාව තිබේ. (නි)

:       0       0

ඇතීනා, Friday, 08 February 2013 02:40 AM

මට පේන විදියට අලුත් තානාපතිතුමා නීතියට වැඩ කරන පාටයි. ඔබ තුමාට සුබපතමි. ඔය කියන පරණ විදියට මටත් එවැනි ආයතනයක් කරන්න තිබුණා. කොහොමද මෙවැනි කටයුතු කරන්න තානාපති කාර්යාලයේ ලියාපදිංචි වෙන්නෙ? (නි)

:       0       0

ලක්මාල් Friday, 08 February 2013 03:02 AM

හැකි ඉක්මණින් මෙයට පිළියමක් යෙදිය යුතුයි. (නි)

:       0       0

තරංග Friday, 08 February 2013 03:31 AM

මුලින්ම කියන්න ඕනෑ දුරකතනයට කතා කරන්න කියලා. (නි)

:       0       0

ඩයස් Friday, 08 February 2013 04:27 AM

මේ සේරම ඒජන්සිකරුවන් ශ්‍රී ලාංකිකයන් ගසා කනවා. තානාපතිතුමාගෙ තීරණය හරි. නමුත් තානාපති කර්යාලයෙත් අත් වැරදීම් නැතුවාම නොවේ. ඉතාලියෙ ඉපදුන ළමයිගෙ උප්පැන්න අවුරුදු ගණන් ගිහින් තාම නැහැ. මේ සේරටම වරද රජයේ වගකිවයුතු අංශ වල අවධානය තානාපති කාර්‍යාල වලටත් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ටත් නිසියාකාරව යොමු නොවීමයි. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 09 February 2013 06:32 AM

මෙතුමා හරියට වැඩකරන හොද මනුස්සයෙක්. (නි)

:       0       0

වජිර Friday, 08 February 2013 02:15 PM

ලෝකේ කොහෙත් එකයි නේද (දී)

:       0       0

ඡායා Friday, 08 February 2013 03:46 PM

තානාපති කාර්යාලය කියන්නෙත් ලංකාවේ කාර්යාලයක්නේ. ගමනට යන යූරෝ 300 කාර්යාලයේ වැඩකරන කෙනෙකුට දුන්න නම් ඕක කරගන්න පුළුවන්.(නදී)

:       0       0

ලලිත්-කටාර් Thursday, 07 February 2013 07:34 PM

සුදුසු සහ මහජනතාවට ලෙහෙසිම ක්‍රමයට වැඩක් කරගැනිමට සිතුවොත් හොදයි. (නි)

:       0       0

නිමල් Thursday, 07 February 2013 08:32 PM

මුදලට හොර වැඩ වලට අනුබල දෙන ආයතන නිසා තමයි ප්‍රශ්ණය.(නදී)

:       0       0

විජේරත්න Friday, 08 February 2013 12:39 PM

ඔබ තුමා ගත්ත තීරණය ගැන අපි සතුටු වෙනවා. ඉතාලියේ බොහෝ කූට ව්‍යාපාර සිදුවෙනවා. දරුවෙකුගේ උප්පැන්න සහතිකයක් සහ ඇටෝනි බලපතුයක් සදහා අනිවාර්ය තරලා තියෙනවා අවශ්‍ය කෙනාම මෙයට ඉදිරිපත්වෙන්න කියලා. නමුත් කූටලෙස එයත් කරදීමට ඉදිරිපත්වන මිනිසුන් මෙහි සිටිනවා. වැඩිපුර මුදල් ලබාගනිමින් හොර මුද්‍රා තබා හොර අත්සනුත් තබා සැකයකුත් කැතුව මෙයට උදවි කරන අය කිහිපදෙනෙක් ඉන්නවා. එහෙම කරගත් ඇටෝනියක් ඉදිරිපත් කල හැක. ස්කෑන් කර මා ඔබට ලැබෙන්න සලස්වන්න්මි.(නදී)

:       0       0

රංජන් Thursday, 07 February 2013 11:35 PM

මෙය ඇත්ත කතාවකි. මටත් මෙලෙසම දෙයක් සිදුවී ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site