වැලිකන්ද පුනානියේ දී අද අලුයම කාරයක් කොල්ල කා පළායමින් සිටි පුද්ගලයෙක් මනම්පිටිය මඩකලපු මංසන්ධියේදී යුද හමුදා වෙඩි පහරින් තුවාල ලැබීය.
ඔහු වැලිකන්ද පුනරුන්ථාපන කඳවුරේ පුහුණුව ලබමින් සිටියදී පැන ගිය කොටි සාමාජිකයෙකියි පොලීසිය කියයි.
ඔහු සමග පැන ගිය තවත් දෙදෙනකු ද හවුල් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත
ඔහු ළඟ තිබී ටී පනස් හය ගිනි අවියක්ද තවත් අවියක් ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබාකරන් වෙනුවට ඊලග යුද්දෙ මෙයා පටන් ගන්නද හදන්නෙ දන්නෙ නෑ. ඉක්මන් විසඳුමක් ගත යුතුයි.. නෑත්තන් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුලුවන්. (ස)
වෙන්නෙ මොකද කියලා ආරක්ෂක අංශ අවදියෙන් සිටිය යුතුයි. එය කාගෙ කාගෙත් වගකීමක් බව අමතක කරන්න එපා. (නි)
ඕකනේ කියන්නේ කැළේ මාරුවුණාට කොටියගේ පුල්ලි මාරුවෙන්නෙ නැහැ කියලා. (නි)
ඔන්න අපිට ජිනීවා වලට පෙන්නන්න හොද පොයින්ට් එකක්. කොටියා කොටියාමයි. (නි)
"කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැ" කියන කතාව හිටපු හැම කොටියකුටම වලංගුද? (නි)
ඔක්කොම ඉවර කරන්න කියනවා.... හැබැයි ඉවර කළාට පස්සේ කාටවත් මතක නෑ එහෙම කාලයක් තිබුණා කියලා.... ඉන්පසු බටහිර රටවල් අපිට එරෙහිව එනකොට හොඳ වැඩේ කියනවා... අපි එහෙමයි.. (ස)
ඉස්සරහට හොදට කන්න වෙයි වගේ.(නදී)
රකිත්, එහෙම හිතලා පරිස්සමින් හිටියට වැඩක් නෑ.. (ස)
තවමත් අපි නයින්ට කිරි පොවනවා.(නදී)
හමුදාවේ පොලිසියේ අයත් දැන් මෙහෙම වැඩ කරද්දී කොටියා කළහම මොකද? (නි)
මෙයාලට හොදින් ජීවත්වෙලා ඉන්න බැරි හැටි. (නි)
කැළේ මාරු වුණත් කොටියගේ පුල්ලි මාරුවෙන්නෙ නැහැ කියලා අපි හැමදාම අදහස් දැම්මේ නිකන්ද? (නි)
කාර් එක හොරෙන් ගත්තේ ජිනීවා යන්න වෙන්න ඇති... (ස)
කැළේ මාරුවුණත් කොටියා කොටියාමයි. (නි)
තවමත් අපි නයින්ට කිරි පොවනවා(ස)
කරුවලේම මොනවහරි කරල ඩමන්නෙ නතිව මොකටඩ රටට කිය කිය ඉන්නෙ. (ස)
මේවා පුවත්පත්වල නොදමා ඉතා ඉක්මනින් ඉවරකලයුතු දේවල්. T56ක් තබාගැනීම භායාණකයි.(ස)
කළ යුතු දේ කළ යුතුමයි. (නි)
කොටියත් පරණයි. වැඩත් පරණයි. (නි)
අවංකවම වරාවිට හරි තුවාලේ උඩු දුවන්න පෙර ඉවර කරන්න ඕන...(ස)