ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් බව පවසා තමන්කඩුව ප්‍රාදේශීය සභාපතිගෙන් ප්‍රාඩෝ රියකට ඉන්දන ඉල්ලූ බව කියන හෙට්ටිආරච්චිගේ උපාලි ගුණරත්න පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන නම වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මුල්ලේරියාව, කැලණිතිස්ස මාවතේ පදිංචි මොහු ළඟ තිබූ මාධ්‍ය හැදුණුම්පත බොරු එකක් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු ගැන සැක සිතූ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා පොලීසිය කැඳවීය.
ප්‍රාඩෝ රිය ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ප්‍රාදේශීය සභාපතිගේ වාහනය ගෙනා එක එයා දන්නේ නැද්ද? (නි)
ලාංකික අපිට මේවා හැමදාමත් පුරුදු කතන්දර. (නි)
මෙවැනි පුද්ගලයින් රටටද බරකි. (නි)
නියමයි. (නි)
අනේ අපිට මෙහෙම කරන්න එපා. (නි)
ඔය නම විකුණලා තව කොච්චර දේවල් කරලා ඇද්ද කියලා හොදට හොයලා බලන්න වේවි. (නි)
ටොයෝටා කොම්පැණියට ආරංචි වුනොත් එයාලා ප්‍රාඩෝ හදන එකත් නතර කරාවි. (නි)
මොන අරුම පුදුම වැඩක්ද ඒ (දී)
මේ නම තියෙන අය කොහොමත් දක්ෂයි. (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
ඉ්සසර තිබුණේ පෙජරෝ. දැන් තියෙන්නේ ප්‍රාඩෝ. (නි)
ප්‍රසිද්ධියේ මංකොල්ලකනවා කියන්නේ මෙහෙම දේවල් වලට තමයි. (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)