සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා ගැනීම සඳහා නීති සම්පාදනයට විරෝධය දක්වමින් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදුකැරිණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය එය සංවිධානය කළේය.
දැන් පවතින නීතිය අනුව සැකකරුවකු පැය 24කට පසු උසාවියට ඉදිරිපත් කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල, ඔබ හරි. (නි)
මොහොමඩලා කොහොමටත් තොප්පිය හැරෙන පැත්තට හැරෙන අය නේ. (නි)
ඕකට එරෙහි වෙලා වැඩක් නැහැ (දී)
මොන පදය ගැහුවත් නටන්න මිනිස්සු ඉන්නවා ලංකාවේ. (නි)
අනේ අනේ නෑනේ, මෙයාලට කරන්න වෙන වැඩක් නැද්ද? (නි)
ඒ නීතියේ තියෙන වැරැද්ද මොකද්ද (දී)
ඔව්, අපි දැන්වත් අපේ කුහකකම් අතහැර රට ගැන අනාගතය ගැන හිතකාමී තීන්දු තීරණ ගන්න ඕනෑ. කවුරු වුණත් නිවැරදි ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කළ යුතුයි. ඇමරිකාව වගේ රටවල කවුරු බලයට පත්වුණත් ක්‍රියාත්මක වෙන්නෙ රටේ ප්‍රතිපත්තිය. (නි)
ේමවාට මෙහෙම විරුද්ධ වෙන්න වගේම නැගීසිටින්නත් කවුරුහරි ඕනෑ. (නි)
නීතිය හැමෝටම එක වගේ පොදුවේ ක්‍රියාත්මක කරනවානම් කම කමක් නෑ. නමුත් අද සිදුවෙන දේවල් දිහා බැලුවහම තීරණයක් ගන්න අමාරුයි (ස)
ඔය නීතිය තිබුණත් නැතත් පොලීසියට ඕනිනම් පැය 72 උනත් තියා ගන්නවා (ස)
නීතියක් නැති රටේ විහිළු කරන්නේ නැතුව ගෙදර යන්න ළමයිනේ ..... (ස)
ඒ මොකටද (දී)
වැරදි නොකරන අය මේකට බය වෙන්න ඕනි නෑ (ස)
අහිංසක ජනතාව අසාධාරණයට ලක්වීම වැඩියි. පාතාලය ගැන අපිට වඩා දාන්න ඔවුන් , පුද්ගලික පලිගැනීම් සිදු කරන්නට හොදම අවස්තාවක් කියලයි මට හිතෙන්නේ (ස)
අනාගත සැළසුම් සාර්ථක වේවිද? (නි)
මට නම් පොලිසියකට ගියහම පැය 48ක් තියා එක විනාඩියක්වත් ඉන්න බැහැ. (නි)
වැරදි නොකරනවානම් ඕක අදාල නෑ පැය කීය වුණත් (ස)
විහිළු කරන්නේ නැතුව ගෙදර යන්න ළමයිනේ .(අ)
පාතාලයන්ට සැලියුටුත් ගහණ රටක් ද මේක? (ත)
ඔය අර අඬින්නේ මොකටද කියල මොලේ තියෙන ඕනෑම කෙනකුට හිතා ගන්න පුළුවන්නේ. (අ)
වැරදි වැඩ කරන්නේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ.
මේ නීතිවල තියෙන බරපතලකම දන්නෙ නෑනෙ වැඩිදෙනෙක්.මේකෙන් මිනිසාගේ මූලික අයිතිවාසිකම් , නිදහස උල්ලංගනය වෙනව වගේම ඕනම වැරදි නොකරපු කෙනෙක් වරද පටවා එල්ලුම්ගස් යවන්න පුළුවන් එකක්.(අ)
නීති රීති කොතෙකුත් එනවා. ඒත් ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙනවාදැයි යන්න තමයි ගැටලුව. (නි)
අමිල , ඕනෑම දේකට හුරේ දාන මෝඩයින්ට මේවා කියලා වැඩක් නැහැ. (නි)
දන්න කියන කාලයේ පටන්ම හදිසි නීතිය යටතේ ජීවත් වූ අයට නීතිය යනු කුමක්දැයි වටහා ගැනීම අමාරු දෙයකි. (නි)
ලලිත් සහ කුගන් නැතිවෙලා දැන් පැය 48 ට වැඩියි නේ.(නු)
අමිලගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. (නි)