එලන් මස්ක් ප්‍රකෝටිපතියෙකු වුයේ "පේ පෑල්" නම්වූ අන්තර්ජාල මුදල් හුවමාරු සමාගමේ සම නිර්මාතෘ ලෙසිනි. අද අන්තර්ජාල වෙළහෙළඳාමේ මුදල් ගේවීම් වැඩිහරියක් කෙරෙන්නේ ඔහුගේ සුරක්ෂිත "පේ පෑල්" ගෙවීම් ක්‍රමය මගිනි. මේ තුලින් ඔහුගේ හොද්දද හොඳට බොරවෙයි.
ඔහු අද ඇමෙරිකාවේ නාසා ආයතනයට රොකට්ටු සපයන තරමට පොහොසතෙක් වී ඇත. කොටින්මකීවොත් නාසා ආයතනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ "මධ්‍යස්ථානය" ගොඩනැගීමට කොටස් ගෙනයෑම සඳහා භාවිතාකරන ෆෝල්කන් 6 රොකට්ටුව ඔහුගේය. ඔහුගේ උදව් පදව් නැත්නම් නාසා ආයතනයද කොටඋඩ යන්නට බැරි නැත. නාසා ආයතනයට තමන්ගේ රොකට් පාවිච්චි කිරීමට ඉඩහැර "බකන්නිලා" ඉන්නට එලන් මස්ක් ලෑස්ති නැත. මේ අනුන්ට ලාබෙට දෙන රොකට් තාක්ෂණය භාවිතාකර අමුතුදෙයක් කිරීමේ කෑදර කමක් මෑතක සිට එලන් මස්ක්ට ඇතිවිය.
දස අතේ කල්පනා කර ඔහු අවසාන තීරණයකට පැමිණියේය. ඒ අඟහරු ලොවේ ගමක් සංවිධානය කිරීමයි.
පසුගියදා ලන්ඩන් නුවර රාජකීය ගගනගාමීන්ගේ සංසදය අමතමින් ඔහු තමන්ගේ මේ අපුරු අභිප්‍රාය එළිදැක්වීය. ඔහු කීවේ මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ආශාවක් පසුගිය වසර දහයක් පුරාම ඔහුගේ සිතේ පිළිසිඳගෙන තිබුන බවයි. මුල් අවධියේ මෙවන් ක්‍රියාදාමයක් සාර්ථක කරගැනීමට අත්‍යාවශ්‍ය මූලිකම අමුද්‍රව්‍යය වන බලසම්පන්න රොකට්ටුවක් නොතිබීම ප්‍රශ්නයක් වූ නමුත් දැන් ඒ සඳහා යොදාගත හැකි රොකට්ටු නිර්මානයවී ඇතිනිසා තමන්ගේ සිහිනය සිහිනය සැබෑකරගැනනීම පහසුවී ඇති බව ඔහු කීවේය. නාසා ආයතනයෙන් බැහැරව වෙනත් පෞද්ගලික ආයෝගිකයින් තමන්ගේ ව්‍යාපෘතිය පිළිබඳව ඉමහත් උනන්දුවක් දක්වන බවත් ඔවුන්ගේද සහභාගීත්වයෙන් වැඩිකල් නොගොස් කාලයක් තිස්සේ තම සිතේ පැවති සිහිනය යථාර්තයක් කරගැනීමට හැකිවන බවත් තමන් විශ්වාස කරන බව ඔහු කීවේය.
ඔහුගේ වැඩපිළිවෙල සාර්ථක වූවහොත් ප්‍රථම වතාවට දැනට මිහිපිට ජීවත්වන මිනිසුන් සහ අනෙකුත් සත්වයන් 80,000 ක් ජීවත්කරවියහැකි සුවිශාල නගරයක් අඟහරු ලොවේ ඉදිකෙරෙනු ඇත.
දැනට මිනිසා සතු තාක්ෂණවේද උපයෝගීකරගනිමින් අපගේ තාරකා මණ්ඩලයේ ග්‍රහතාරකාවන් අතරින් අපට ගියහැකි සුදුසුම තාරකාව අඟහරු ලොව බව කියන එලන් මස්ක් එහි ස්වයං පෝෂිත නව මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගිය හැකිබව තරයේම විශ්වාස කරන බව කියයි.
ඔහුගේ අදහස ද්‍රව ඔක්සිජන් සහ පතල් වායුව උපයෝගී කරගනිමින් දැවැන්ත මගී ප්‍රවාහණ රොකට්ටු අඟහරු ලොව වෙත යැවිය හැකි බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියෙනවානම් මොනවාද නොකරන්න බැරි (දී)
අයියෝ (ස)
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දැක්කාද (දී)
විකාර දැකලා තියෙනවාද (දී)
වැඩ නැද්ද කොහෙද මෙයාට (දී)
මෙහෙමත් මිනිස්සු
මේ මොන විකාර වැඩද (දී)
අපි දෙවි දේවතාවන් යදිමු, ප්‍රාර්ථනා කරමු එහේ මිනිස්සු උපදින්න කියලා (ස)
නියම සිහිනයක් , සැබෑ වේවා (ස)
කැළුම් මොනවද මේ කියන්නේ . එයාගේ මුදල් වලින්නේ ඒක කරන්නේ . හැමදෙයක් ගැනම අධ්‍යනය කිරීම කොයිතරම් වැදගත්ද ? (ස)
දැන් දැන් රටේ ලෝකේ වෙන දේවල් බැලුවහම මේ අදහස හොඳයි (ස)
අපිටත් චාන්ස් එකක් නැද්ද දන්නේ නෑ (ස)
ඔබේ අදහස් සාර්ථක වේවා .කවදහරි ඉටුකර ගත යුතු බලාපොරොත්තුවක් (ස)
ලෝකයට ණය නැති මිණිහෙක්..විශිෂ්ඨයි (ස)
මේ ලෝකේ හොද නැද්ද (දී)
මෝඩ මිනිස්සු,මෙතන ගොඩක් අය හොදයි කියනවා, රජය චීන රොකට් යවද්දී නියමයි කියපු කට්ටිය වෙන්න ඇති, මේ ලෝකෙට මොනතරම් දේවල් කරන්න පුලුවන්ද ඔය මෝඩ වැඩ නැතුව (ස)
හොඳ අදහසක් ..බලමුකෝ ...(ස)
පුළුවන්නම් ලංකාවේ කීප දෙනෙකුත් ගන්නකෝ (ස)
ඉන්න ලොකේ ලස්සන කරගන්න මුදල් යෙදෙව්වොත් නරකද? (ස)
මෙන්න සුපිරි මිනිස්සු (ස)
අනේ හොදයි , මේ ලෝකෙ එපා වෙලා වගේ (දී)
නියමයි.....ලොවෙත් නැති අනර්ඝ අදහසක්...........එය එසේම ඉටුවේවා...........!(ස)
අපිට නම් ඊට වඩා හිතන්න වැඩ තියෙනවා (දී)