IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ප්‍රකෝටිපතියා අඟහරු ජනාවාසයක් ගැන සිහින දකී

එලන් මස්ක් ප්‍රකෝටිපතියෙකු වුයේ "පේ පෑල්" නම්වූ අන්තර්ජාල මුදල් හුවමාරු සමාගමේ සම නිර්මාතෘ ලෙසිනි. අද අන්තර්ජාල වෙළහෙළඳාමේ මුදල් ගේවීම් වැඩිහරියක් කෙරෙන්නේ ඔහුගේ සුරක්ෂිත "පේ පෑල්" ගෙවීම් ක්‍රමය මගිනි. මේ තුලින් ඔහුගේ හොද්දද හොඳට බොරවෙයි.

ඔහු අද ඇමෙරිකාවේ නාසා ආයතනයට රොකට්ටු සපයන තරමට පොහොසතෙක් වී ඇත. කොටින්මකීවොත් නාසා ආයතනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ "මධ්‍යස්ථානය" ගොඩනැගීමට කොටස් ගෙනයෑම සඳහා භාවිතාකරන ෆෝල්කන් 6 රොකට්ටුව ඔහුගේය. ඔහුගේ උදව් පදව් නැත්නම් නාසා ආයතනයද කොටඋඩ  යන්නට බැරි නැත. නාසා ආයතනයට තමන්ගේ රොකට් පාවිච්චි කිරීමට ඉඩහැර "බකන්නිලා" ඉන්නට  එලන් මස්ක් ලෑස්ති නැත. මේ අනුන්ට ලාබෙට දෙන රොකට් තාක්ෂණය භාවිතාකර අමුතුදෙයක් කිරීමේ කෑදර කමක් මෑතක සිට එලන් මස්ක්ට ඇතිවිය. 

දස අතේ කල්පනා කර ඔහු අවසාන තීරණයකට පැමිණියේය. ඒ අඟහරු ලොවේ ගමක් සංවිධානය කිරීමයි.

පසුගියදා ලන්ඩන් නුවර රාජකීය ගගනගාමීන්ගේ සංසදය අමතමින් ඔහු තමන්ගේ මේ අපුරු අභිප්‍රාය එළිදැක්වීය. ඔහු කීවේ මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ආශාවක් පසුගිය වසර දහයක් පුරාම ඔහුගේ සිතේ පිළිසිඳගෙන තිබුන බවයි. මුල් අවධියේ මෙවන් ක්‍රියාදාමයක් සාර්ථක කරගැනීමට අත්‍යාවශ්‍ය මූලිකම අමුද්‍රව්‍යය වන බලසම්පන්න රොකට්ටුවක් නොතිබීම ප්‍රශ්නයක් වූ නමුත් දැන් ඒ සඳහා යොදාගත හැකි රොකට්ටු නිර්මානයවී ඇතිනිසා තමන්ගේ සිහිනය සිහිනය සැබෑකරගැනනීම පහසුවී ඇති බව ඔහු කීවේය. නාසා ආයතනයෙන් බැහැරව වෙනත් පෞද්ගලික ආයෝගිකයින් තමන්ගේ ව්‍යාපෘතිය පිළිබඳව ඉමහත් උනන්දුවක් දක්වන බවත් ඔවුන්ගේද සහභාගීත්වයෙන් වැඩිකල් නොගොස් කාලයක් තිස්සේ තම සිතේ පැවති සිහිනය යථාර්තයක් කරගැනීමට හැකිවන බවත් තමන් විශ්වාස කරන බව ඔහු කීවේය.

ඔහුගේ වැඩපිළිවෙල සාර්ථක වූවහොත් ප්‍රථම වතාවට දැනට මිහිපිට ජීවත්වන මිනිසුන් සහ අනෙකුත් සත්වයන් 80,000 ක් ජීවත්කරවියහැකි සුවිශාල නගරයක් අඟහරු ලොවේ ඉදිකෙරෙනු ඇත. 

දැනට මිනිසා සතු තාක්ෂණවේද උපයෝගීකරගනිමින් අපගේ තාරකා මණ්ඩලයේ ග්‍රහතාරකාවන් අතරින් අපට ගියහැකි සුදුසුම තාරකාව අඟහරු ලොව බව කියන එලන් මස්ක් එහි ස්වයං පෝෂිත නව මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගිය හැකිබව තරයේම විශ්වාස කරන බව කියයි.

ඔහුගේ අදහස ද්‍රව ඔක්සිජන් සහ පතල් වායුව උපයෝගී කරගනිමින් දැවැන්ත මගී ප්‍රවාහණ රොකට්ටු අඟහරු ලොව වෙත යැවිය හැකි බවයි. 

 



අදහස් (0)

ප්‍රකෝටිපතියා අඟහරු ජනාවාසයක් ගැන සිහින දකී

මධූ Monday, 07 January 2013 02:53 PM

දැන් දැන් රටේ ලෝකේ වෙන දේවල් බැලුවහම මේ අදහස හොඳයි (ස)

:       0       0

දිනේෂ් Monday, 07 January 2013 03:10 PM

කැළුම් මොනවද මේ කියන්නේ . එයාගේ මුදල් වලින්නේ ඒක කරන්නේ . හැමදෙයක් ගැනම අධ්‍යනය කිරීම කොයිතරම් වැදගත්ද ? (ස)

:       0       0

ඩොන් Tuesday, 08 January 2013 08:31 AM

අයියෝ (ස)

:       0       0

අචිනි Monday, 07 January 2013 03:29 PM

නියම සිහිනයක් , සැබෑ වේවා (ස)

:       0       0

හේමන්ත Monday, 07 January 2013 03:32 PM

අපි දෙවි දේවතාවන් යදිමු, ප්‍රාර්ථනා කරමු එහේ මිනිස්සු උපදින්න කියලා (ස)

:       0       0

ජනක Monday, 07 January 2013 12:18 PM

ඔබේ අදහස් සාර්ථක වේවා .කවදහරි ඉටුකර ගත යුතු බලාපොරොත්තුවක් (ස)

:       0       0

කාලිංග Monday, 07 January 2013 12:24 PM

අපිට නම් ඊට වඩා හිතන්න වැඩ තියෙනවා (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 07 January 2013 03:52 PM

මේ මොන විකාර වැඩද (දී)

:       0       0

ජීවන් Monday, 07 January 2013 12:54 PM

නියමයි.....ලොවෙත් නැති අනර්ඝ අදහසක්...........එය එසේම ඉටුවේවා...........!(ස)

:       0       0

ලලිත් Monday, 07 January 2013 12:57 PM

අනේ හොදයි , මේ ලෝකෙ එපා වෙලා වගේ (දී)

:       0       0

නාලක Monday, 07 January 2013 04:28 PM

මෙහෙමත් මිනිස්සු

:       0       0

නුවන් Monday, 07 January 2013 04:43 PM

වැඩ නැද්ද කොහෙද මෙයාට (දී)

:       0       0

රොහාන් Monday, 07 January 2013 01:08 PM

මෙන්න සුපිරි මිනිස්සු (ස)

:       0       0

ජනිත් Monday, 07 January 2013 01:16 PM

ඉන්න ලොකේ ලස්සන කරගන්න මුදල් යෙදෙව්වොත් නරකද? (ස)

:       0       0

රණා Monday, 07 January 2013 01:27 PM

පුළුවන්නම් ලංකාවේ කීප දෙනෙකුත් ගන්නකෝ (ස)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 01:39 PM

හොඳ අදහසක් ..බලමුකෝ ...(ස)

:       0       0

කැලුම් Monday, 07 January 2013 01:58 PM

මෝඩ මිනිස්සු,මෙතන ගොඩක් අය හොදයි කියනවා, රජය චීන රොකට් යවද්දී නියමයි කියපු කට්ටිය වෙන්න ඇති, මේ ලෝකෙට මොනතරම් දේවල් කරන්න පුලුවන්ද ඔය මෝඩ වැඩ නැතුව (ස)

:       0       0

බන්දුල Monday, 07 January 2013 01:59 PM

මේ ලෝකේ හොද නැද්ද (දී)

:       0       0

අජිත් Monday, 07 January 2013 02:00 PM

ලෝකයට ණය නැති මිණිහෙක්..විශිෂ්ඨයි (ස)

:       0       0

ලලිත් Tuesday, 08 January 2013 01:20 AM

මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දැක්කාද (දී)

:       0       0

රෝසා Monday, 07 January 2013 02:13 PM

සල්ලි තියෙනවානම් මොනවාද නොකරන්න බැරි (දී)

:       0       0

රොශාන් Monday, 07 January 2013 02:26 PM

අපිටත් චාන්ස් එකක් නැද්ද දන්නේ නෑ (ස)

:       0       0

ලහිරු Monday, 07 January 2013 05:58 PM

විකාර දැකලා තියෙනවාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site