පවුල් සියයක ප්‍රයෝජනය සඳහා අම්බලන්තොට ලුණම රණවිරු ගමේ පාර මාසයකට පමණ පෙර හදා අවසන් කැරිණි.
මෑතදී පැවැති මහා වැස්සට පාර සෝදාපාළු වී අඩි හයක වලක් හෑරී ඇත. දැන් පාරෙන් වාහනයක් ගමන් කළ නොහැකිය.
පවුල් සියයක ප්‍රයෝජනය සඳහා අම්බලන්තොට ලුණම රණවිරු ගමේ පාර මාසයකට පමණ පෙර හදා අවසන් කැරිණි.
මෑතදී පැවැති මහා වැස්සට පාර සෝදාපාළු වී අඩි හයක වලක් හෑරී ඇත. දැන් පාරෙන් වාහනයක් ගමන් කළ නොහැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සට විරුද්ධව දොෂාභියෝගයක් ගෙන ආ යුතුයි (ස)
කවුරු පාර හැදුවත් ගමේ අය ප්‍රමිතිය ගැන අවධානයෙන් සිටිය යුතුයි දැං සියල්ල අවසානයි.. මේ ගමේ අය එකතුවෙලා ප්‍රාදේශීය සභාවෙන් යන්ත්‍රයක් ලබාගෙන නැවත පිරවීමක් කරගන්න.. නිකං සිටීමෙන් ගැටලුව විසදෙන්නේ නැහැ.. ඔබට පුළුවං මෙය එක් දිනකින් සාදා ගන්න.. (නු)
පුදුම විය යුතු නෑ. තව තව දේ ඉදිරියට අහන්න ලැබේවි (ස)
වාහන යන්න බැරි බව මෙයාලට පේන්නේ නැද්දක? මේකට පස් ටිකක් දාන්න බැරිද මේ ගමේ අයට.. (නු)
තම තමන්ගේ ගෙවල් වලට යන පාරවල් නම් නොකැඩෙන විදියට හදාගන්න ඇති මේ කොන්ත්‍රාත් කරුවන්(ස)
හදපු හොද කම තමයි (දී)
අඩි 10ක වළක් හෑරුණහම කොහොමද පාරේ වාහන යන්නේ? (නි)
මාසයකට කලින් හදපු පාරක් කියල නම් මේ පින්තුරයෙන් පෙන්නේ නැහැ. පාලම නම් සමහර විට අලුතෙන් හදන්න ඇති. (ස)
මාසෙකට උඩදි නේද මේ පාර හැදුවා කිවුවේ? (නි)
මේවට පාරවල් කිවුවොත් පාරවල් වලට මොනවා කියන්නද? (නි)
ලංකාව යනු දූෂණයෙන් සහ වංචාවෙන් සන්නද්ධ වූ රටකි. (නි)
කොන්ත්‍රාත් කාරයෝ කියල කීදෙනෙකුට නම් කොමිස් දෙන්න ද දෙයියනේ? ඉතින් මේව මෙහෙම වෙන එක අහන්න දෙයක් යැ. (ස)
අවශ්‍ය දෑ- රූපයේ ඉන්නා දෙන්නයි, තව එක්කෙනයි පස් ට්‍රේලර් දෙකයි( මෙතනින්ම වුණත් ගන්න පුලුවන්) උදලු දෙකයි ඇළෙන් වතුරයි ඇළෙන් වැලියි දවල් කෑමයි දවසින් වැඩේ ඉවරයි. සියල්ලන්ටම සතුටුයි. (නි)
මේ කොන්ත්‍රාත් කරුට කියලා නොමිලේ පාර හදාවා ගන්න ඕන (ස)
කවුරු පාර හැදුවත් ගමේ අය ප්‍රමිතිය ගැන අවධානයෙන් සිටිය යුතුයි. එය ඔබේ මුදල් වලින් කරන්නේ. එය බැලීම ඔබේ යුතුකමයි. ප්‍රාදේශිය ලේකම්තුමාට වෑඩේ ඉවරවෙනකම් එතන ඉන්න බැහැ. කොන්ත්‍රාත්කරු හරියට වැඩේ කරනවාද කියලා බලලා හරියට කරවන්න ඔබට අයිතියක් තිබෙන බව අමතක කරන්න එපා. කඩාගියාට පසු උද්ඝෝෂණ කරලා වැඩක් නැහැ. මහජනයා වගකීම පැහැර හරිනකොට කොන්ත්‍රත්කරුවනුත් බියක් සැකක් නැතුව ඔවුන්ට ඕනෑ විදියට කරනවා. මින් පසු වෙනත් ගමක හරි පොදු වැඩකදී මහජනයාගේ අවධානයට යොමුවේවායි බලාපොරොත්තු වෙමි. (නි)
ආසියාවෙ ආස්චර්ය (ස)
පොළොවේ වැරැද්දක් වෙන්න ඇති. (නි)
කොන්ත්‍රාත් දීලා බලාගෙන ඉන්නේ නැතිව ඒවා අධීක්ෂණය කරන් රජයේ වගකිවයුතු නිලධාරීන් පත්කරන්න,.!(නු)
කියන්න ලේසි වුවත් කරන්න අමාරු තමා ඒත්, පවුල් 100ක් ඉන්නවානම් ආර්ථික තත්වයයක් නැතත්, ගමෙන්ම ශ්‍රමයක් අරන් පස් ට්‍රැක්ටර 1/2 සිමෙන්ති කොට්ට කිහිපයක් අරන් මේක හදාගන්න පුලුවන් දෙයක් වගේ... හිත ඇත්නම් පත කුඩාද! (ස)
හොදට හදලා තියෙනවා (දී)
අනේ බණ්ඩෝ, වැස්ස වැටිලා කැඩෙන නිසා පාරවල් නොහදා ඉන්නද කියන්නේ? (නි)
අයියෝ අපේ සල්ලි (දී)
මේක තමයි දරුවනේ ආසියාවේ ආශ්චර්යය කියන්නේ.. කොන්ත්‍රාත් දීලා කිසිම තත්ත්ව පරීක්ෂාවක් නැතිව මුදල් පාස් කරනවා.. මේවා ගොඩනගනකොට අදීක්ෂණය කරන්න නිලධාරීන් යොදවනවානම් මෙහෙම වෙන්නේ නැහැ..!(නු)
ගාල්ලේ මීපාවල හන්දියේ සිට නරාවල පන්සල අසලින් වැටී ඇති කිලෝමීටර් දෙකක් වන පාර අලුත්වැඩියා කර තුන් මසක් ඇතුළත තිබුණු තත්වයටත් වඩා විනාශයට පත්වී ඇත. වළක නොවැටී එක මීටරයක දුරක් යා නොහැකිය. මේ කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයාගේත් එය අනුමත කර මුදල් බෙදාගත් බලධාරීන්ගේත් අඹු දරුවන් දැන ගත යුතුයි ඔබ කනබොන දේවල් ඔබේ පියවරුන් මහජනතාවගේ සාක්කු වලින් හොරෙන් අරන් දෙන දේවල් බව. (නි)
ඇයි දැං ඕක විවෘත කරන්න ආපුඋත්තමයෝ රටේආශ්චර්යය ගැන කියපු දේවල් එක්ක මේවට මොකද කියනනේ..!(නු)
හදාපු අයවම දාලා ගොඩකරන්න තියෙන්නෙ ඕක. (නි)
අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි . මහාමාර්ග ඇමතිතුමා මොකද කියන්නේ මේවා ගැන (ස)
මේ වහින වැස්සට පාරවල් කඩාගෙන නොගියොත් තමයි පුදුමේ. (නි)
අපොයි දෙයියනේ ජනතාවගේ සල්ලිවලට යන කල (ස)
රණවිරු ගමක් නම් ආමි එකේ අයට වුණත් එකතුවෙලා මේක හදන්න පුලුවන්නේ. (නි)
ජනක ඔබ හරි. මෙය මඩකලපුව,අම්පාර වැනි පළාත්වල උනානම් බලන්න තිබුනා වැඩේ .කොහොම උනත් කොන්ත්‍රාත් කරුවන් වගකිව යුතුයි. (ස)