IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාර මැද රැස්වීමක් පවත්වති

නීතීඥවරුන් සමග අරලියගහ මන්දිරය දෙසට යෑමට පොලීසියෙන් ඉඩ නොලැබුණු හෙයින් වැස්සේ කුඩ ද ඉහලාගෙන දේශපාලන පක්ෂ නායකයෝ පාර මැද රැස්වීමක් පවත්වන්නට වූහ.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සංවිධානයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර,පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරු ද සමග එක්වූ වෘත්තීය සමිති නායකයෝ දත වැසි මධ්‍යයේ කුඩ ඉහළාගෙන කතා කරති.

රථවාහන හැසිරවීම සඳහා හිල්ටන් හෝටලය හා සම්බුද්ධාලෝක විහාරය අසළ පාරේ ඇති කුඩා පීඨිකාව මතට නැගී මෙගෆෝනයෙන් ඔවුහු කතා කරති.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ සී වැළිඅමුණ මහතා මීට සුළු මොහොතකට පෙර කතා කර පීඨිකාවෙන් බැස්සේය.

දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා අගවිනිසුරුවරියට දඩුවම් නොකරන ලෙසත් ඒ හැම කතිකයෙක්ම ඉල්ලා සිටියහ.

කොළඹ කොටු අවට සියලු මාර්ග අවහිර වී ඇත.


නීතීඥ පාගමන කොටුවේ හිටී

ජල ප්‍රහාරක රථ/ කඳුළුගෑස් සූදානමින්

කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ 3000ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැඳවනු ලැබ සිටියි.

ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන හමුදා, කඳුළු ගෑස් බලෑණි ද ඒ අතර වේ.

තද වැසි නොතකා නීතීඥවරු ඇතුළු 3000කට වැඩි පිරිසක් යකඩ වැට කඩාගෙන යන්නට කිහිපවරක් තැත් කරත් පොලීසිය හා හමුදාව ඊට ඉඩ දුන්නේ නැත.


නීතීඥවරු අරලියගහ මැදුර දෙසට?

2013 ජනවාරි මස 10 11:22:55 | දසුන් රාජපක්ෂ

නීතීඥවරුන්ගේ පෙළපාලිය පෙරවරු 11.30 වන විට හිල්ටන් හෝටල පාරෙන් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට නියමිතය සිටියහ.

අරලියගහ මන්දිරයට ගොස් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්දේශයක් බාර දී දෝෂාභියෝග යෝජනාව ඉවත් කරගන්නැයි ඉල්ලා සිටීම ඔවුන්ගේ අරමුණ වී ඇත.


අලුත්කඩෙන් පෙළපාලි දෙකක්

පොද වැසි මැද වීදි බසිති

2013 ජනවාරි මස 10 11:12:20 | .

පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි ඉල්ලන පෙළපාලියේ නීතීඥවරු දෙදහසක් පමණ පොද වැසි මධ්‍යයේ ගමන් ගනී.

කොළඹ මුළු පරිසරයම වැහිබර සීතල කාලගුණයක් පවතියි.

මේ අතර අගවිනිසුරුවරිය ඉවත්වියයුතු යැයි දෝෂාභියෝගයට පක්ෂව වෘත්තීය සමිති හා ජන සංවිධානය පෙළපාලිය ද අලුත්කඩේ සිට පිටකොටුව දෙසට ගමන් ඇරැඹීය. පිටකොටුව ස්වයරැකියා නියෝජිතයංගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ ඊට නායකත්වය දුන්හ.


ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි

2013 ජනවාරි මස 10 11:03:02 | තරිඳු ජයවර්ධන

අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි.


අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති

නීතීඥ පෙළපාළියට දිගටම අවහිර

2013 ජනවාරි මස 10 10:58:03 ( තිළිණි ද සිල්වා , දසුන් රාජපක්ෂ )

අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට ද රැස්ව සිටිති. දෝෂාභියේගියෝගයට එරෙහිව අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව කරා යාමට නීතීඥවරු උත්සාහ කළහ.

නීතීඥ පෙළපාලියට ඉඩ දෙන්නැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු දේෂාභියෝගයට පක්ෂ පිරිසෙන් ඉල්ලා සිටියහ.

එහි ප්‍රතිඵලය වූයේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් පමණි.




2013-01-09 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.125.3900 , විකුණුම් මිල රු.128.6500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.200.7000 , විකුණුම් මිල රු.206.8800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.1200 , විකුණුම් මිල රු.168.8500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.6500 , විකුණුම් මිල රු.140.0400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.126.2500 , විකුණුම් මිල රු.131.0400 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.130.7100 , විකුණුම් මිල රු.135.9500 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.5400 , විකුණුම් මිල රු.105.2500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4266 , විකුණුම් මිල රු.1.4802 |

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අලුත්කඩේ පිරිසකට පොලු පහර

2013 ජනවාරි මස 10 10:33:20 | පාරුක් තාජුඞීන්

දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.

පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.

තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.

යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.


දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ

2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා

දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.

ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.

විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.

එස් ටී එෆ්  පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.

දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.


දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි

2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග  විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.

රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.

දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.

 

 



අදහස් (0)

පාර මැද රැස්වීමක් පවත්වති

ප්‍රසන්න Thursday, 10 January 2013 03:54 PM

මිනිස්සු තමයි ඒකෙනුත් අමාරුවේ වැටෙන්නේ (දී)

:       0       0

දම්මි Thursday, 10 January 2013 07:22 PM

පිස්සුද මේ අයට මහ පාරේ මොනවද මේ කරන්නේ (ස)

:       0       0

විමල් Thursday, 10 January 2013 04:04 PM

එතනත් හොදයි තමයි රැස්වීමකට (දී)

:       0       0

කිර්ති-ඩුබායි Thursday, 10 January 2013 04:27 PM

අපි පිටරටවල ජීවත් වෙන ජනතාව ඔබලා මේ ගෙන යන සටනට අපගේ උත්තමාචාරය... ජය වේවා.! (දී)

:       0       0

විමුක්ති Thursday, 10 January 2013 04:29 PM

මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද (දී)

:       0       0

බණ්ඩාර Thursday, 10 January 2013 04:30 PM

ලැජ්ජයි (දී)

:       0       0

රත්නායක Thursday, 10 January 2013 04:34 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලලිත් Thursday, 10 January 2013 12:31 PM

දේශපාලන පලිගැනීම් නිසා අද මුළු රටම අනතුරේ (ස)

:       0       0

අජන්ත Thursday, 10 January 2013 04:37 PM

සාමාන්‍ය ජනතාව ගැන හිතුවේ නැහැ නේද (දී)

:       0       0

නිමන්ත Thursday, 10 January 2013 04:40 PM

අන්න වැඩ (දී)

:       0       0

රුවන් Thursday, 10 January 2013 12:36 PM

අපේ රටට තවත් ලැජ්ජා කරන්න එපා..!(නු)

:       0       0

සුනිල් Thursday, 10 January 2013 12:56 PM

මෙන්න ජාතියේ පුත්තු ! (ස)

:       0       0

අසේල Thursday, 10 January 2013 01:10 PM

ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි..!(නු)

:       0       0

නිත්‍යා Friday, 11 January 2013 02:29 PM

රැස්වීම් තියන්න නියම තැනක්නේ ‍ඇත්තෙන්ම (ස)

:       0       0

විරාජ් Thursday, 10 January 2013 01:13 PM

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්..!(නු)

:       0       0

සනිජ Thursday, 10 January 2013 01:20 PM

අපිත් ඔබතුමන්ලා සමගයි..!(නු)

:       0       0

ජෙරාඩ් Thursday, 10 January 2013 01:20 PM

ජාතියේ පුත්තු? අනේ මොකටද මගේ කට... (නි)

:       0       0

ඩුබායි Thursday, 10 January 2013 01:23 PM

අපි පිටරටවල ජීවත් වෙන ජනතාව ඔබලා මේ ගෙන යන සටනට අපගේ උත්තමාචාරය... ජය වේවා.!(නු)

:       0       0

මතු Thursday, 10 January 2013 05:05 PM

රැස්වීම් පවත්වලා මොනවා කරන්නද (දී)

:       0       0

අමල් Thursday, 10 January 2013 01:27 PM

මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ (දී)

:       0       0

සිල්වා තබුක් Thursday, 10 January 2013 01:28 PM

බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරන රටක් අපට අවශ්‍යයි.. ඔබට අපේ ප්‍රණාමය..!(නු)

:       0       0

රංජිත් Thursday, 10 January 2013 01:47 PM

ඇමරිකාවට අවශ්‍ය දේ අපි දන්නවා..!(නු)

:       0       0

දිනේෂ් Thursday, 10 January 2013 01:47 PM

ඔය සද්ද ටික දවසයි... දැං ඕව අපට හොදට හුරු පුරුදුයි..!(නු)

:       0       0

අමිල Thursday, 10 January 2013 02:31 PM

අපගේ ප්‍රණාමය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site