වෙන්නප්පුව කටුනේරිය ගමේ ඵකට හැදුණු වැඩුණු මිතුරෝ දෙදෙනෙකි.කාලයාගේ ඇවැමෙන් ඵක් මිතුරෙක් වසර කිහිපයකට පෙර ඉතාලියේ වෙරෝනා නුවර පදිංචියට ආවේය.ඵහෙත් මිතුදමෙහි කිසිදු අඩුවක් සිදු නොවීය. වෙරෝනා නුවර නෙවර්බෑක් සංගිත කණ්ඩායමේ නියාමක ධනුෂ්ක සාලිංග ඵයින් ඵක් මිතුරෙකි.
පසුගිය වසරේධනුෂ්ක නිවාඩුවකට ගමරට ගොස් මිතූරා සමග නැවත ඵක්වීය. ධනුෂ්කගේ නිවාඩුව අවසන්වී නැවත ඉතාලිය බලා පැමිණිමේ දිනය උදා විය. නිලංග චමිරුවන් තම හොදම මිතූරාට සමුදීම සදහා නිවසට ආවේය. ඔහු අත පාර්සලයකි එහි වුයේ බැනියමකි. මිතූරාගේ තෑග්ග පිළිගත් ධනුෂ්ක නැවත ඉතාලිය බලා පැමිණෙයි.වසරකට පසු ඊයේ දිනයේ තම හොදම මිතුරා දුන් ලස්සන බැනියම ඇග ලා ගත් ධනුෂ්ක සාදයකට යෑම සදහා සැරසෙයි.
ගතවන නිමේෂයෙන්ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමකි. ලංකාවේ සිට දුරකථන ඇමතුම දුන් අය කියා සිටීයේ ඵ් මොහොතේ කටුණේරිය නගරයේදි සිදු වු යතූරුපැදි අනතුරකින් ඔහුගේ හොදම මිතුරා නිලංග ජිවිතකෂයට පත් වු බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය ගැන කණගාටුයි. (නි)
උපන්නොත් මැරේමැයි වළකන්න බෑ.... (නි)
අයියෝ දෙයියනේ. පව්
ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැහැ (දී)
ජිවිතේ කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් (දී)
මොකක්ද මේ ප්‍රවෘත්තිය? (නි)
තවත් තරුණ ජීවිතයක්. මොක්සුව පතන අතර යළි මෙවැනි දේවල් නොම වේවායි පතනවා. (නි)
ඔබේ ආදරනීය ම්තුරාට මොක්සුවය ලැබේවා.(නදී)
නිවන් සැප ලැබේවා.(නදී)