වෙන්නප්පුව කටුනේරිය ගමේ ඵකට හැදුණු වැඩුණු මිතුරෝ දෙදෙනෙකි.කාලයාගේ ඇවැමෙන් ඵක් මිතුරෙක් වසර කිහිපයකට පෙර ඉතාලියේ වෙරෝනා නුවර පදිංචියට ආවේය.ඵහෙත් මිතුදමෙහි කිසිදු අඩුවක් සිදු නොවීය. වෙරෝනා නුවර නෙවර්බෑක් සංගිත කණ්ඩායමේ නියාමක ධනුෂ්ක සාලිංග ඵයින් ඵක් මිතුරෙකි.
පසුගිය වසරේධනුෂ්ක නිවාඩුවකට ගමරට ගොස් මිතූරා සමග නැවත ඵක්වීය. ධනුෂ්කගේ නිවාඩුව අවසන්වී නැවත ඉතාලිය බලා පැමිණිමේ දිනය උදා විය. නිලංග චමිරුවන් තම හොදම මිතූරාට සමුදීම සදහා නිවසට ආවේය. ඔහු අත පාර්සලයකි එහි වුයේ බැනියමකි. මිතූරාගේ තෑග්ග පිළිගත් ධනුෂ්ක නැවත ඉතාලිය බලා පැමිණෙයි.වසරකට පසු ඊයේ දිනයේ තම හොදම මිතුරා දුන් ලස්සන බැනියම ඇග ලා ගත් ධනුෂ්ක සාදයකට යෑම සදහා සැරසෙයි.
ගතවන නිමේෂයෙන්ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමකි. ලංකාවේ සිට දුරකථන ඇමතුම දුන් අය කියා සිටීයේ ඵ් මොහොතේ කටුණේරිය නගරයේදි සිදු වු යතූරුපැදි අනතුරකින් ඔහුගේ හොදම මිතුරා නිලංග ජිවිතකෂයට පත් වු බවය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පියේහි විප්පයෝගෝ දුක්කෝ
චන්ද්‍රා Tuesday, 12 February 2013 07:01 AM
මරණය ගැන කණගාටුයි. (නි)
වරුන Tuesday, 12 February 2013 08:04 AM
උපන්නොත් මැරේමැයි වළකන්න බෑ.... (නි)
චම්මි Tuesday, 12 February 2013 03:24 PM
අයියෝ දෙයියනේ. පව්
ප්‍රදීප් Tuesday, 12 February 2013 11:33 AM
ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැහැ (දී)
සුදේශ් Tuesday, 12 February 2013 12:17 PM
ජිවිතේ කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් (දී)
මංජුල Monday, 11 February 2013 05:53 PM
මොකක්ද මේ ප්‍රවෘත්තිය? (නි)
ධනුක Monday, 11 February 2013 05:58 PM
තවත් තරුණ ජීවිතයක්. මොක්සුව පතන අතර යළි මෙවැනි දේවල් නොම වේවායි පතනවා. (නි)
කොස්වත්ත Tuesday, 12 February 2013 03:17 AM
ඔබේ ආදරනීය ම්තුරාට මොක්සුවය ලැබේවා.(නදී)
අනුර Monday, 11 February 2013 06:50 PM
නිවන් සැප ලැබේවා.(නදී)