ජාතික පාපැදි අතුරු කමිටුවට විරෝධය පළ කරමින් ජාතික පාපැදි සංචිතයේ ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක ඉන් ඉවත්වන බවට පාපැදි අතුරු කමිටුවට දැනුම් දී තිබේ.
නිෂාන්ත පෙරේරා සහ නිලූකා ශ්‍යාමලී පාපැදි ජාතික සංචිතයෙන් ඉවත්වීමට සූදානම් වෙති.
දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා පාපැදි ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව කරුණු කීපයක් මත ජාතික පාපැදි සංචිතයෙන් ඉවත් කර ගන්නා බවට දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ ක්‍රීඩා නිලධාරි කපිල කුමාර මහතා පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාට දන්වා තිබේ.
ජාතික පාපැදි පුහුණු සංචිතය තේරීමේදී ස්වාධීන වැඩපිළිවෙළක් නොවීම, ඉන්දීය තරග සංචාරයේදී සිවිල් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් නොසළකා හැරිම, තේරීම් කමිටුවේ අදහස්වලට ගරු නොකිරීම, ජාතික පාපැදි පුහුණුකරු ලෙස කටයුතු කරන ටියුඩර් විජේසූරිය මහතා හා එහි උපදේශක කමල් පාලිත මහතා නාවික හමුදා හා පොලිස් ක්‍රීඩා සමාජ පාපැදි පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සේවයේ ස්වාධීනත්වය පිළිබඳව ගැටළු පැන නැගීම, කොරියානු රජය ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට ලබාදුන් ක්‍රීඩා උපකරණ දෙහිවල-ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජයට නොදීම හා අතුරු කමිටුවේ අත්තනෝමතික කටයුතු පිළිබඳ චෝදනා කරන දෙහිවල ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියටද එම ලිපියේ පිටපත් යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් පාපැදි අතුරු කමිටු ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පවසා සිටියේ එම චෝදනා පදනම් විරහිත බවයි.
ජාතික පාපැදි සංචිතයට මෙන්ම කණ්ඩායමටත් ක්‍රීඩකයන් නම් කිරීම තේරීම් කමිටුවේ කාර්යයක් මිස පාපැදි අතුරු කමිටුවේ වගකීමක් නොවන බව ද හෙතෙම පැවැසීය.
විදේශ සංචාර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී කිසිදු වෙනස්කමක් නොකරන බවත් ජාතික පාපැදි පුහුණුකරු ටියුඩර් විජේසූරිය මහතා හා උපදේශක කමල් පාලිත මහතා නාවික හමුදාවේ හා පොලිස් පාපැදි පුහුණුකරුවන් ලෙස කටයුතු කළත් ඔවුන් එකම පුහුණු ක්‍රමවේදයක් මත සංචිතයේ පුහුණුවීම් පවත්වාගෙන යන බැවින් එහිදී කිසිදු ක්රීඩකයකුට අසාධාරණයක් නොවන බවත් ලීලාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.
කොරියානු රජය විසින් පිරිනමන ලද ක්‍රීඩා උපකරණ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙදා දුන්නේ ක්‍රමවේදයක් අනුව බවත් සංචිතයේ ඉහළම තැන් හිමි කරගෙන සිටි සමහර කී‍්‍රඩකයන්ට ඒ උපකරණ නොදුන්නද එහිදී ඒවා පිරිනමන ලද්දේ වඩාත් සුදුස්සන්ට බවත් ලීලාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාපැදි ජාතික සංචිතයෙන් දෙදෙනෙක් ඉවත්වෙති