IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාප් පදවියට සුදුසුකමි ලත් කාදිනල්වරු

මීළග පාප් වහන්සේ බොහෝ දුරට කළු ජතිකයෙකු විය හැකි  යැයි ඉතාලි  වෙබි අඩවියක් කියයි.

නයිජිරීයාවේ ප්‍රැන්සිස් ඇරින්සේ,  ඝානාවේ පීටර් ටර්ක්සන් , මෙක්සිකෝවේ නොබර්ටෝ රිවේරා කැරේරා, හොඳුරාස් හි  ඔස්කා  රොඩ්රිගස් මරඩියාගා, බ්‍රසීලයේ ඔඩ්ලෝ ප්‍රෙඩ්රෝ ෂෙරර්,  බ්‍රසීලයේ අන්ද්‍රියා ක්විරිනේ, මොරොක්කෝවේ පිලිප් සේවියර්, ශ්‍රී ලංකාවේ ඇල්බට් රංජිත් මැල්කම් පටබැදිගේ,ඉතාලියේ රෙනාටෝ රැපියෙල් මාර්ටිනෝ , ඇන්ජලෝ ස්කෝලා ටාර්සිසි සියෝ බර්ටෝන්,  ගියන් ප්‍රැන්කෝ රවසි, හා ඇන්ජලෝ බග්නස්කෝ යන කාදිනල් වරු මීළග පාප් වහන්සේ වීමට සුදුසුකම් ලබන බව එම වෙබ් අඩවිය කියයි.



අදහස් (0)

පාප් පදවියට සුදුසුකමි ලත් කාදිනල්වරු

අරෝෂ් Friday, 15 February 2013 05:22 PM

කතෝලික ආගම විවේචනය කරලා අදහස් දක්වන්න එපා. රංජිත් පියතුමා මී ලග පාප් උනොත් අපිට තොච්චර වාසනාවක්ද?(නදී)

:       0       0

ශෙහාන් Friday, 15 February 2013 12:27 AM

දෙවියන් වහන්සේගේ කැමැත්තක් මෙතැනට මොකටද? (නි)

:       0       0

සාමා Friday, 15 February 2013 12:35 PM

අනිත් ආගම් වලට නිගරු වෙන විදියට කරැණාකර අදහස් දමන්න එපා. එවිට ඔබගේ ආගමේ තත්ත්වය පේනවා. ලංකාවේ ජනාධිපතිකම වගේ නෙමෙයි. ගරු සරුව අදහස් දක්වන්න කියා ඉල්ලා සිටිමි. (ස)

:       0       0

ජූඩ් Friday, 15 February 2013 03:19 AM

බුලත්සිංහල, මේක ලංකාවේ තියෙන තරගයක් වගේ නෙමෙයි. (නි)

:       0       0

සුරංග Friday, 15 February 2013 01:06 PM

අපේ මැල්කමි රංජිත් පියතමන්ට පාප් පදවිය ලැබෙනවනමි ලංකාවෙ අපිට මොන තරමි සතටු වෙන්න පුලුවන්ද ආගමි බෙදයක් නැතිව නේද (ස)

:       0       0

ඩයස් ඉතාලිය Friday, 15 February 2013 04:55 AM

වතිකානුවේ නිල වශයෙන් ප්‍රකාශ කලාලු මේ වනතුරුත් කිසිම නාමයක් යෝජනා වී නැති බව. යම් යම් වෙබ් අඩවි ඔවුන්ගෙ මනාපයට කමති නම් යෝජනා කරනවා අනුමානයට. මේ ගැන එතරම් ගනන් ගත යුතුත් නැහැ. හැබැයි වෙනස්වන ලෝකේ ..මනාප ක්‍රමයක් ලංකාවේ වගේ ආවොත් ඉතාලියේ 60 ගානක් ඉන්නවා. (නි)

:       0       0

උපුල් Friday, 15 February 2013 01:29 PM

වරුණ ඔය මෝඩ වුණාට කමක් නැහැ. ඒ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. සුසන්, එහෙනම් කාගේ පනිවිඩයද ලෝකයට අරන් ගියේ? ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඕනෑ නම් කියන්නම්. ඒ නිසා දන්නා කෙනෙක්ගෙන් අහගන්න හොදේ. මගේ නම් විශ්වාසයක් තියෙනවා මීළග පාප් වහන්සේ ආසියාවෙන් පත් වෙයි කියලා. අපි උන්වහන්සේ වෙනුවෙන් අපේ දෙවි පියාණන්ට යාඥා කරමු . (නි)

:       0       0

සුරේන් Thursday, 14 February 2013 06:46 PM

කතෝලික සභාවේ නීතිය අනුව වෙනම ක්‍රමවේදයක් තිබෙනවා පාප් තුමෙක්ව පත් කරන්න. කාටවත් කියන්න බැහැ මේ අය සුදුසුයි හෝ මේ අය නම්කර තියෙනවා කියලා (ස)

:       0       0

කමල් Friday, 15 February 2013 07:53 PM

පාප් පදවිය සඳහා නාම යෝජනා කිසිවක් නැත. දැනට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති කාඩිනල් වරුන් 118 දෙනා අතරින් 2/3 ක ප්‍රතිශතයක් ගන්නා කතෝලික පිරිමි අයෙකුට පාප් පදවිය ලැබේ. එය තීරණය වන්නේ කාඩිනල් වරුන් මතයි. පාප් පදවිය ලැබීමට කාඩිනල් වරයෙකු ම විය යුතු නොවේ.(නදී)

:       0       0

දර්ශන Saturday, 16 February 2013 11:51 AM

ලංකාවට ලැබුනොත් හොදයි (දී)

:       0       0

අනුර Thursday, 14 February 2013 07:26 PM

දළදා සමිදු පිහිටෙන් රංජිත් පියතුමාට ලැබුණොත්... (නි)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 08:35 PM

දෙවියන් වහන්සේ විසින් සුදුස්සාට සුදුසු තැන දෙනු ඇත. (නි)

:       0       0

දිනේෂ් Friday, 15 February 2013 02:33 PM

රංජිත් පියතමාට ලැබෙනවානම් විශාල ගෞරවයක් . ලෝක බලවත් රටවල් අපිට දෙන්න කැමති වේවිද (දී)

:       0       0

ෂෙරීෆ් Thursday, 14 February 2013 08:58 PM

ලොකු තරගයක් වගේ වෙයි. (නි)

:       0       0

රිස්වාන් Thursday, 14 February 2013 08:58 PM

මේ සියල්ලම දේව කැමැත්ත අනුව විසදේවි. (නි)

:       0       0

උපුල් Friday, 15 February 2013 03:23 PM

මීලග පාප් වහන්සේ කවුද (දී)

:       0       0

දිනේෂ් Thursday, 14 February 2013 09:20 PM

මීළග පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන්ද? (නි)

:       0       0

වරුණ Friday, 15 February 2013 09:19 AM

මට මේකට ඉල්ලුම් කරන්න පුළුවන්ද ? (ස)

:       0       0

ඉෂාර Friday, 15 February 2013 09:24 AM

ශ්‍රී ලංකාවේ ඇල්බට් රංජිත් මැල්කම් පටබැදිගේ පියතුමන්ට ලැබුනොත් අපිටත් සතුටුයි.(ස)

:       0       0

පෙරුමාල් Friday, 15 February 2013 09:27 AM

කවුරු පත් වුනත් එතුමාට අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි...!(ස)

:       0       0

රොෂාන් Friday, 15 February 2013 09:27 AM

ලංකාවට ලැබෙන්න (දී)

:       0       0

බුලත්සිංහල Thursday, 14 February 2013 09:40 PM

දෙවියන් දෙනකල්ම බලාගෙන ඉදලා හරියන්නෙ නැහැ. ලංකාවෙ අපිත් ෆුල් ට්‍රයි එක්ක දෙන්න ඕනෑ. (නි)

:       0       0

ගනේවත්ත Friday, 15 February 2013 10:17 AM

තෙරුවන් බලෙන් පාප් පදවිය අපේ මැල්කම් පියතුමන්ට ලැබේවා... (ස)

:       0       0

ඉසුරන්දි Friday, 15 February 2013 04:32 PM

වරුණ, ඔයාට ඉල්ලුම්කරන්න පුලුවන් කෙලෙස් දුරුකරගෙන නම්.(නදී)

:       0       0

අමිල Friday, 15 February 2013 10:39 AM

පාප්තුමා තෝරද්දී නම් යෝජනා කිරීමක් හෝ සුදුසුකම් ලැයිස්තුවක් ගෙනඒම සිදුවෙනවද? (නි)

:       0       0

සුසාන් Thursday, 14 February 2013 10:58 PM

ඉතිහාසය තුල පාප් කෙනෙක් කවදාවත් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ලෝකයට ගෙන ගියේ නැහැ නේද? (නි)

:       0       0

රුවනි Friday, 15 February 2013 11:32 AM

කතෝලික ආගම ගැන දන්න සහ කතෝලික ආගමට ගරු කරන අය පමණක් මේකට අදහස් දැම්මොත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site