ගාල්ල බටුවන්තුඩාවේ ශ්‍රී සුගතාරාම විහාරාධිකාරී හිමියන් අසළ ඇති ඌරුකොටුවකින් සිදුවන පීඩාව දරාගත නොහැකිව විහාරස්ථානය හැරගොස් ඇති බැවින් ඌරුකොටුව තහනම් කරන ලෙසත් ඉල්ලා ගම්වාසීහු අද එම ඌරුකොටුව පවත්වාගෙන යන ලොයල ගොවිපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. විහාරස්ථානයට යාබද ඉඩමේ ඒ ආසන්නයේම පිහිටුවා ඇති ඌරුකොටුවේ ඌරෝ 125 සිටිති. ගම්වාසීන් සහ දහම්පාසල් දරුවන් පවසන්නේ ඌරුකොටුවේ දුර්ඝන්ධය ඉවසාගත නොහැකි බවයි. ඒ හේතුවෙන් ඇතැම් දරුවන් රෝගීවන බව ද දෙමාපියෝ කියති. සෑම සෙනසුරාදාම සවස් කාලයේ සහ ඇතැම් දිනවල සවස් කාලයේ බෝධිපූජා පවත්වන වේලාවට ඌරන් මරනබවත් එවිට සතුන්ගේ මර ලතෝනිය ඇසෙන බවත් විහාරයේ භික්ෂූහු කියති.
ගොවිපොළ භාරව සිටින පූජක බෙනට් පියතුමා පවසන්නේ ඌරුකොටුවේ අපද්‍රව්‍ය සියල්ල ජීවවායු ඒකකයට යවන බවයි. එම ස්ථානයේ ඌරන් නොමරන බව ද හෙතෙම කියයි. ඌරු කොටුවත් විහාරස්ථානයත් අතර පුද්ගලික ඉඩම් හිමියකු සිටිතැයි ද ඔහුගෙන් කිසිදු පැමිණිල්ලක් නැතැයි ද පියතුමා කියයි. එහෙත් එවැන්නෙක් නැත.
ඌරුකොටුවට බලපත්‍රයක් දී නැතැයි කියන ප්‍රාදේශීය සභාවේ සභාපති චානක මාදුගොඩ මහතා මේ හේතුවෙන් පන්සලට පීඩා සිදුවන බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ ඒ වැඩ වලට නිසි තැනක් නියම කරන්න ඕනේ (දී)
කොටුවේ ඌරන් නොමරන බව කියන්නේ කොහොමද? (නි)
මේක නම් පැහැදිලි කුමන්ත්‍රණයක් වගෙයි. (නි)
බෞද්ධයින්ගේ නැගී සිටීම අනෙක් සියලු ආගම්වල අයට ප්‍රශ්නයක් බවයි පෙනෙන්නේ. (නි)
කරුණාකරලා ඉවත් කරගන්න (දී)
මෙන්න අපේ බොදු බල සේනාවට තවත් අවස්ථාවක්. (නි)
මුලින්ම බලන්න ඕනේ මෙතන පළමු පදිංචිකරුවා කව්ද කියලා. මෙවැනි ප්‍රශ්න වලදී ඒකයි වැදගත්.(නදී)
ඌරු කොටුවක් ළගට පන්සලක් ගැළපෙන්නෙ නැහැ. (නි)
කතෝලික පූජකවරු ඌරුකොටු හදනවා මම නම් අසා නැහැ. සත්ව ගොවි පොළක් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් තියෙනවා. බලපත්‍රය නැත්නම් මෙය වහා තහනම් කළ යුතුයි. මුස්ලිම් පල්ලියක් ලඟ මෙහෙම දෙයක් වුනානම් අද මොකද වෙන්නේ. ? (ස)
සාමාන්‍ය මනුස්සයකුට මේ ගඳ දරාගන්න බැහැ. ඕනනම් ඉදලා බලන්න ඌරු කොටුවක් ලඟ එතකොට තේරේවි. (ස)
තහනම් කරලා දාන්නයි තියෙන්නේ. (නි)
නිහාල්ගේ අදහස් වලින්ම එයා කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න පුලුවන්. (නි)
පන්සල් ලඟ තියෙන බාර් ඉවත් කරන්න කියලා කවුරුවත් කෑ ගහන්නේ නෑ. හැබැයි ඌරු කොටුව පල්ලියෙන් කරන නිසා ඒක ඉවත් කරන්න කියලා කෑ ගහනවා. (ස)
පියතුමා උරු කොටුව දාල තියෙන්නේ මංගල්‍යයට ගන්න. මේ ආගමික විශ්වාසේ ගැන බෞද්ධයෝ කෙස් පැලෙන්න තර්ක කරන්න එපා. හේතුව එය හරි හෝ වැරදි වුනත් ආගමික විශ්වාසයක් නිසා. (ස)
ධනවාදී ලෝකයේ සියල්ල තීරනය වෙන්නේ ඉල්ලුම වෙළෙඳපොල මතයි. මේ කෑගහන බෞද්ධයන්ගෙන් ඌරුමස් වලට ඉහළ ඉල්ලුමක් ඇත. කවුරුන් හෝ විසින් එය සපයනු ලැබේ. බෞද්ධයන් මස් නොමැරුවට අන් අය ලවා මරවයි. එයයි ධනවාදී න්‍යාය. (ස)
කෝ අපේ සේනාව? ඌරු කොටුව තියෙන්නේ ඉඩමක් මැද නම් ඒකේ තිබෙන වැරැද්ද මොකක්ද? (නි)
කරුණාකර මෙය ආගම් දෙකක ගැටුමක් බවට නම් පත්වන්නට හරින්න එපා. (නි)
මෙතුමට පෙන්නන්න සතුන්ට මෛත්‍රිය කරන්නත්, අසැල්වැසියාට ප්‍රේමකරන්නත්.(නදී)
බොදු බල සේනාව මේකට යම් පියවරක් ගතයුතුයි. (නි)
ලොකු පල්ලියකට අක්කර ගානක රබර් වත්තක් තිබෙනවා. මේ පියතුමා ඇයි ඒකේ ඌරු කොටුව දා ගන්නේ නැත්තේ. ඒකේ දැම්මාම පල්ලියත් ගඳ ගහලා කිතුනු බැතිමතුන්ටත් ගඳ දැනෙන නිසා නේද (ස)
ලංකාසිරි ඔබට ස්තූතියි. ! (ස)
කිතුණු පල්ලි වලට ඌරන් සමග එදා ඉදලම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. (නි)
උදේ පාන්දර අපව ඇහැඇරෙන තරමට සද්දෙට පිරිත් දාන එකත් තහනම් කරන්න. (ස)
මුස්ලිම් පල්ලියක් ළග තිබුණා නම් බලාගන්න තිබුණා. (නි)
මුලින්ම හැදුවේ පන්සලද?ඌරු කොටුවද? (නි)
ඇයි මේ පියතුමා සතුන් ඇතිකරන්නෙ..!(නු)
බුදුරජාණන් වහන්සේගේ අසපුව අසල චුන්දකර්ම පුත්‍රයා ඌරුමස් විකුනද්දී එය වෙනස් කරගන්නට උන්වහන්සේ මේ වගේ පෙළපාලි ගියේ නැහැ.(නදී)
කුසුම් ප්‍රියන්ත, අප අසා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසපුව අසල චුන්දකර්ම පුත්‍රයා ඌරුමස් විකුනපු කතාවක් නොව බුදුරජාණන් වහන්සේට චුන්දකර්මාර පුත්‍රයා සුකර දානයක් පිළිගැන්වූ වගය. ඔබතුමා වරද්දගෙන! ජේතවනාරාමය පිටිපස්සෙ ඌරො මැරුවෙ චුන්ද සූකර මිසක් චුන්ද කර්මාර පුත්‍රය නෙමෙ.ඒ මනුස්සයව නවත්තන්න බුදුහාමුදුරොවො ගියේ නැත්තෙ ඒ පවු කාරයව ගොඩ දාන්න බැරි නිසා. චුන්ද කර්මාර පුත්‍රය කියන්නෙ බුදුහාමුදුරුවන්ට අන්තිම දානෙ පිලිගන්නපු කෙනා.අනික එයා බුදුහාමුදුරුවන්ට දන් දුන්නේ සූකර දානයක් නෙමේ සූකර මද්දව කියන හතු වලින් හදපු කෑම ජාතියක්.(නදී)
100% ඇත්ත ඒ කතාව (දී)
බලසේනාවට දැනුම් දෙන්න පියවර ගන්න.(නදී)
සදාචාර සම්පන්න නැහැ (දී)
මොන හිතකින් උරෝ මරනවාද (දී)
ගොවිපොළ භාරව සිටින පූජක බෙනට් පියතුමාට ඌරො ඇතිකරනවා ඇරෙන්න වෙන වැඩ නැද්ද?(නු)
පියතුමෙක්ද ඌරො ඇතිකරන්නෙ..?(නු)
නිහාල් නොදන්නා බෞද්ධ ආගම ගැන කතානොකර ඉන්න. ඔයාගේ අම්මවත් යවන්න පෙළපාලි.(නදී)
මේ ඌරු කෙටුව අයින් කරන තුරු සටන දිගටම ගිනියන්න.(නදී)
ඇයි මංගල බෞද්ධයන්ට විතරද මේ පත්තරේට ලියන්න පුළුවන්.(නදී)
ප්‍රසාද්, ඇයි බුද්ධාගම අන්‍යආගමිකයන්ට බලෙන් පටවන්න හදන්නේ.(නදී)
තමා කරන කුසල් අකුසල් තමන්ටමයි. අද ස්වාමීන්වහන්සේලා ගම හැරදා කොළඹ පන්සල් වලට වැඩමවා තියෙන්නේ ඇයි.(නදී)
බුදුරදුන්ගේ කුටිය අසළ ඌරු කොටුවක් තිබිලා තියෙනවා.. ඒ බව සූත්‍ර දේශනාවල සදහන් වෙනවා.. මේ හාමුදුරුවන්ටත් උපේක්ෂාවෙන් මේ ගැන කටයුතු කරනන් තිබුණා..!(නු)
මිනිසුන් වාසය කරන පෙදෙස් වල සතුන් ඇති කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යාම නිසා මිනිසුන්ට සෞඛ්‍ය ගැටලු ඇතිවේ. යුරෝපීය ක්‍රිස්තියානි රටවලත් මිනිසුන් වාසය කරන පෙදෙස්වල සතුන් ඇති කිරීමට ඉඩ දෙන්නේ නෑ. මෙම ප්‍රශ්නය ඒම දෘෂ්ටි කෝණයෙන් සලකා බලා නිරාකරණය කළ යුතුයි.(නදී)
අප අසා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසපුව අසල චුන්දකර්ම පුත්‍රයා ඌරුමස් විකුනපු කතාවක් නොව බුදුරජාණන් වහන්සේට චුන්දකර්මාර පුත්‍රයා සුකර දානයක් පිළිගැන්වූ වගය.(නදී)
නිහාල්ගේ අදහසට විරුද්ධයි..!(නු)
ඒ තීරණයට අපිත් එකඟයි (දී)
මේ ඌරුකොටුව මුස්ලිම් පල්ලියක් ළග තිබ්බනම්..!(නු)
මුස්ලිම් පල්ලියක් ළග තිබ්බනම් කරගෙන යන්න දෙයිද?(නු)
කොහොමත් මේ වැඩේ වැරදියි.. පන්සලට භාදා වන මේ ඌරුකොටුව වහා ඉවත් කළ යුතුයි.!(නු)
නිහාල් බෞද්ධයෙක් නෙමෙයි කියලා දාලා තියෙන අදහයස්වලින් පේනවා. (නු)
රට වටා තියෙන පන්සල් වල අධික ලෙස ශබ්දය දුෂණය කරනකොට ඒ මිනිසුන්ටත් පීඩාවක් තමා. (නි)
පන්සල්වලින් අනිත් ස්ථානවලට වන දේවල් ගැනත් හිතා බැලිය යුතුයි..!(නු)
ජේසුතුමා කියලා තියෙන්නේ අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියලා...... පියතුමා මොනවද මේ කරන වැඩ?(නු)
ඌරු කොටුවේ ඌරො මරන්නේ නෑලු.... මොන විහිළු කතාද පියතුමනි??? ඌරො ඇතිකරන්නෙ සුරතලේට වෙන්න ඇති?(නු)
පියතුමා ඌරො හදන්නේ මරන්න නෙමෙයි නම් හුරතලේට ඇතිකරන්නද?(නු)
පියතුමා ඌරො හදනවාට වඩා නරකද අනාථ ළමයි දෙන්නෙක්ට පිහිට උනානාම්...!(නු)
ස්වාමීන්වහන්සේලා ගම හැරදා ෙගාස් නෑ. ඔවුන් ගම් වලත් වැඩ ඉන්නවා සමහර ස්වාමීන්වහන්සේලා කොළඹ පන්සල් වලට වැඩමවා තියෙන්නේ කොළඹත් ෙබෟද්ධ ජනතාව ඉන්න නිසා බව පිටිගල මිලානෝ දන්ෙන නැතිද? (නු)
ඒ වැඩේ සදාචාරයට විරුද්දයි නේද (දී)
නිහාල් දන්න බනක් නැහැ කසුන්.. සමහර විට අර ඌරුකොටුව අයිතිකරු වෙන්න ඇති..!(නු)
විදේශ රටවල අපද්‍රව්‍ය පිළිස්සීම ඌරු කොටු, කුකුල් ගොවිපළවල් පවත්වාකෙන යාමට අවසර දෙන්නේ ජන ශුන්‍ය ප්‍රදේශවල. මේ ගොවිපොළට බලපත්‍රයක් රැගෙන නැත්නම් අහෝසි කිරීම බලධාරීන්ගේ යුතුකමක්. (ස)
නිහාල් ඒ බුදුන් වහන්සේ සියළු කෙලෙස් දුරු කළ කෙනෙක්.. එම සිදුවීම මෙමෙ සාමාන්‍ය පන්සල්වල සිටින ස්වාමීන්වහන්සේලාට හා අනෙකුත් පිරිසට ඒවා දරාගත නොහැකියි..!(නු)
අනෙක් ආගම් වල වැසියන් බුදුදහමේ ඇති සත්‍යතාවය වටහාගත යුතුයි. (නි)
ළගපාතක කසිප්පු තිප්පොළකුත් තිබුණා නම්.... (නි)
පන්සල්වලත් මුවෝ හාවෝ කුරුල්ලේ ඇති කරන්නේ.(නදී)
බොදු බල සේනාව මේකට ඇයි අත නොගැහුවේ? (නි)