ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියයකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුහ.
ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ කීහ. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබේ. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයේය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.
වාහන ගමනාගමනයට බාධා කරමින් පාර හරහා වාඩිවී විරෝධතාවේ නිරත පිරිස, විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා සිටියහ.
පසුව විරෝධතාකරවෝ ඇඹිලිපිටිය දෙසට පෙළපාලියෙන් ගමන් ඇරඹුහ. කුට්ටිගල පාලම අසලදි මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර අසංක ගුණතිලක මහතා එතැනට පැමිණ ලබන අගහරුවාදා (04) වනවිට මේ සම්බනධයෙන් විසදුමක් ලබාදීමට පොරොන්දුවු බව විරෝධතාවට එක්ව සිටි ගොඩවායේ සාගර හිමියෝ පැවසුහ.
එම පොරොන්දුව සැලකිල්ලට ගෙන විරෝධතාව නැවැත්වූ බවද උන් වහන්සේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල විවෘතව තිබුනද මිනිසුන් ඒහි නැත. සිර ෙගවල් වසා තිබුනද මිනිසුන් ඒහි පිරී ඇත.(නු)
කෝ මේවාට වග කිවයුතු අය..!(නු)
මෙතන හාමුදුරුවරුන් පමණක් නොව මහජනයාද සිටින බව පෙනෙන්නේ නැද්ද ? (නදී)
අනේ මෙහෙම තන්හාවක්...!(නු)
ඔව් මේ ඉඩම් අරගෙන තියෙන්නේ මුස්ලිම් අය වෙන්නඇති..!(නු)
මගෙ මතයත් හිල්මිගේ මතයම තමයි.. අන්තර්ජාලයේ බුදුදහම වෙනුවෙන් පෙනීසිටින අය මොකද සද්ද නැත්තෙ..!(නු)
පන්සල් ප්‍රශ්ණයක්. දිස්ත්‍රික් ප්‍රශ්ණයක්. වගේම ඉඩම් ප්‍රශ්ණයක්.. තන්හාය ජායති සොකෝ.. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය..!(නු)
හැමදාම උද්ඝෝෂණනේ.. (නු)
අයියෝ හැමදාම උද්ඝෝෂණ පොලිසිය බලගෙන ඉන්නවා.. ආණ්ඩුවත් බලාගෙන ඉන්නවා..!(නු)
දැං එතකොට කවුද මේ ඉඩම අගෙන තියෙන්නෙ..!(නු)
ඉඩම් කියන එකට මිනිස්සු හරි කෑදරයි (දී)
අනුන්ගේ ඉඩම් කාටවත් මොකටද? (දී)
හැමදාම අලුත් අලුත් ප්‍රශ්න. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ ?????????
අල්ලගත්තේ කවුද කියලා දාලා නැහැනේ..!(නු)
සිංහල ජාතිය අනතුරේ (ස)
බොදු බල සේනා කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න අපේ හාමුදුරුවනේ. (නි)
කෝ මේ වේදිකාවල කෑගහන බලපුළුවං කාර අය..!(නු)
දඹුල්ලෙත් වුනේ මේ වගේම ප්‍රශ්නයක්..... (ස)
පන්සලේ ඉඩම කවුද අල්ලගෙන තියෙන්නේ කියලා දාලා නැහැනේ..!(නු)
පන්සලේ ඉඩම විතරක් නෙමෙයි මම බයේ ඉන්නේ මගේ තියෙන ඉඩමත් බලෙන් අයිති කරගනීද කියලා. මොකද දැං මිනිස්සු නීතියට බය නැහැ.!(නු)
අනේ මෙහෙම තන්හාවක්.. අනේ මෙහෙම ආශෘවක්.. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.!(නු)
පන්සලේ දේවල් අරගෙන වැඩේ ලේසි වෙන්නේ නැහැ.!(නු)
අනේ මේ අපේ අය අව්වෙ වේලෙන තරමක්.. පන්සල් භූමියට තවත් මොනවාටද ඉඩකඩම්. ඔය වැඩිපුර තියෙනවානම් අසරණ මිනිසුන්ට දීලා දාන්න.!(නු)