ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියයකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවුහ.
ගෝඨාභය විහාරස්ථානයට අක්කර දහ අටක ඉඩමක් හිමි බවද විරෝධතාකරුවෝ කීහ. එම ඉඩම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් දෙකට මායිම්ව පිහිටා තිබේ. එම අක්කර දහ අටෙන් තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අතර ඉතිරි පහළොව රත්නපුර දිස්ත්‍රික්කයේය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඩම්වලින් කොටසක් මෙසේ අල්ලා ගෙන ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කළහ.
වාහන ගමනාගමනයට බාධා කරමින් පාර හරහා වාඩිවී විරෝධතාවේ නිරත පිරිස, විහාර භූමියට අත නොතබන්නැයි ඉල්ලා සිටියහ.
පසුව විරෝධතාකරවෝ ඇඹිලිපිටිය දෙසට පෙළපාලියෙන් ගමන් ඇරඹුහ. කුට්ටිගල පාලම අසලදි මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර අසංක ගුණතිලක මහතා එතැනට පැමිණ ලබන අගහරුවාදා (04) වනවිට මේ සම්බනධයෙන් විසදුමක් ලබාදීමට පොරොන්දුවු බව විරෝධතාවට එක්ව සිටි ගොඩවායේ සාගර හිමියෝ පැවසුහ.
එම පොරොන්දුව සැලකිල්ලට ගෙන විරෝධතාව නැවැත්වූ බවද උන් වහන්සේ කීහ.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පන්සලේ ඉඩම අල්ලා ගත්තැයි පාරේ වාඩිවෙති
මුතුකුඩ Thursday, 31 January 2013 07:24 PM
පන්සල විවෘතව තිබුනද මිනිසුන් ඒහි නැත. සිර ෙගවල් වසා තිබුනද මිනිසුන් ඒහි පිරී ඇත.(නු)
වීරසේකර එම්.කේ. Thursday, 31 January 2013 08:32 PM
කෝ මේවාට වග කිවයුතු අය..!(නු)
බන්දුල Monday, 04 February 2013 10:25 PM
මෙතන හාමුදුරුවරුන් පමණක් නොව මහජනයාද සිටින බව පෙනෙන්නේ නැද්ද ? (නදී)
කේ.හේමසිරි Thursday, 31 January 2013 09:13 PM
අනේ මෙහෙම තන්හාවක්...!(නු)
හිල්මි හම්බර්ඟ් Thursday, 31 January 2013 09:30 PM
ඔව් මේ ඉඩම් අරගෙන තියෙන්නේ මුස්ලිම් අය වෙන්නඇති..!(නු)
කනිෂ්ක Thursday, 31 January 2013 10:13 PM
මගෙ මතයත් හිල්මිගේ මතයම තමයි.. අන්තර්ජාලයේ බුදුදහම වෙනුවෙන් පෙනීසිටින අය මොකද සද්ද නැත්තෙ..!(නු)
ගාමිණී Thursday, 31 January 2013 10:19 PM
පන්සල් ප්‍රශ්ණයක්. දිස්ත්‍රික් ප්‍රශ්ණයක්. වගේම ඉඩම් ප්‍රශ්ණයක්.. තන්හාය ජායති සොකෝ.. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය..!(නු)
සල්මන් පැරිස් Friday, 01 February 2013 12:09 AM
හැමදාම උද්ඝෝෂණනේ.. (නු)
සල්මන් පැරිස් Friday, 01 February 2013 12:09 AM
අයියෝ හැමදාම උද්ඝෝෂණ පොලිසිය බලගෙන ඉන්නවා.. ආණ්ඩුවත් බලාගෙන ඉන්නවා..!(නු)
බන්දුල කටාර් Friday, 01 February 2013 01:03 AM
දැං එතකොට කවුද මේ ඉඩම අගෙන තියෙන්නෙ..!(නු)
සෑම් Friday, 01 February 2013 01:54 PM
ඉඩම් කියන එකට මිනිස්සු හරි කෑදරයි (දී)
සුනිල් Friday, 01 February 2013 06:19 AM
අනුන්ගේ ඉඩම් කාටවත් මොකටද? (දී)
මොහොමඩ් Friday, 01 February 2013 02:49 PM
හැමදාම අලුත් අලුත් ප්‍රශ්න. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ ?????????
දම්මි Thursday, 31 January 2013 05:08 PM
අල්ලගත්තේ කවුද කියලා දාලා නැහැනේ..!(නු)
සෝමේ Friday, 01 February 2013 08:33 AM
සිංහල ජාතිය අනතුරේ (ස)
මුනව්පර් Friday, 01 February 2013 09:35 AM
බොදු බල සේනා කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න අපේ හාමුදුරුවනේ. (නි)
පිටිගල මිලානෝ Thursday, 31 January 2013 05:28 PM
කෝ මේ වේදිකාවල කෑගහන බලපුළුවං කාර අය..!(නු)
සෑම් Friday, 01 February 2013 09:45 AM
දඹුල්ලෙත් වුනේ මේ වගේම ප්‍රශ්නයක්..... (ස)
ටිකිරි බණ්ඩාර Thursday, 31 January 2013 06:25 PM
පන්සලේ ඉඩම කවුද අල්ලගෙන තියෙන්නේ කියලා දාලා නැහැනේ..!(නු)
ටිතිරි බණ්ඩාර Thursday, 31 January 2013 06:27 PM
පන්සලේ ඉඩම විතරක් නෙමෙයි මම බයේ ඉන්නේ මගේ තියෙන ඉඩමත් බලෙන් අයිති කරගනීද කියලා. මොකද දැං මිනිස්සු නීතියට බය නැහැ.!(නු)
දෝහා Thursday, 31 January 2013 06:31 PM
අනේ මෙහෙම තන්හාවක්.. අනේ මෙහෙම ආශෘවක්.. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.!(නු)
රොෂානක් Thursday, 31 January 2013 06:31 PM
පන්සලේ දේවල් අරගෙන වැඩේ ලේසි වෙන්නේ නැහැ.!(නු)
දෝහා Thursday, 31 January 2013 06:33 PM
අනේ මේ අපේ අය අව්වෙ වේලෙන තරමක්.. පන්සල් භූමියට තවත් මොනවාටද ඉඩකඩම්. ඔය වැඩිපුර තියෙනවානම් අසරණ මිනිසුන්ට දීලා දාන්න.!(නු)