පානදුර කුලතුංග මාවතේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටි තිදෙනා ගැන පරීක්ෂණ ඇරැඹු පොලීසිය කියනුයේ ඔවුන් දින හතරකට පහකට කලින් මිය යන්නට ඇති බවයි.
අට මාසක් වයසැති බිලිදාගේ සිරුර ඇදක් උඩද විශ්‍රාම වැටුප් සේවිකාවක වන ශෘහණියගේ සිරුර සැටියක් උඩද තිබු බව පොලිසිය කියයි.
නාවික හමුදාවෙන් ඉවත් වී කුලී රියදුරෙකු වශයෙන් රැකියාව කරන ගෙහිමියාගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබිණි.වැසිකිලියේ පෝච්චියෙන් පිහියක් සොයා ගෙන ඇත.දෙවසරකට පෙර ඔවුන් මේ ගෙය කුලියට ගෙන ආ බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උගත් ප්‍රතිචාර දාන අය මේ අපරාධය ගැනත් කතාකරන්න. (නි)
සනත් හොඳයි ලංකාවෙ රහස් පොලිසියට... (නි)
ලංකාවේ මිනිස්සුන්ට වෙච්ච අපරාධයේ බරපතළකම ගැන නෙමෙයි වැටහෙන්නේ, වෙනත් දේවල් ගැන. (නි)
සනත්, ඒ කාන්තාව විශ්‍රාම ගිය කෙනෙක් නෙමෙයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැඩකරන කෙනෙක්.(නදී)
පවි දරුවො. කිරි නැතිව, කන්න නැතුව අමිමා නැතිව කොහොමද එයාලා ඉන්නේ.(නදී)
ගාමිණී, ඔයාට ඕනෑ නැති දෙයක් නැහැ නේද? (නි)
වහළයේ ෂීට් එකක් ඇයි ගැළවිලා වගේ තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සනත් අය වගේ හොඳයි අපේ දේශපාලනයට (ස)
මොකක්ද මේ හතර බිරි කතාව විශ්‍රාම ගිය කාන්තාවට මාස 8 ක බිලිදෙක් .?(ස)
අනේ, අනේ සනත්.(නදී)
මේ සිද්ධිය කිසි කෙනෙකුට නෑසෙන පරිදි කාන්තාවත් දරුවාත් ඝාතනය කර ගෙහිමියා බාල්කෙ එල්ලිලා සියදිවි හානි කරගන්න ඇති...(ස)
අපරාද නෑ හරිම සාමකාමි කියන අයගෙන් අහන්නේ මේ කජු ඇට කොස් ඇට වගේ වෙන්නේ අපරාද නොවේ නම් මොනවාද ...(ස)
වහාම සොයා බලා අපරාධ කරුවන් සොයා ගන්න (දී)
මේ වෙන දේවල් වල හැටියට ලංකාවේ පුරවැසියන් කියන්නත් අපිට දැන් ලැජ්ජයි. (නි)
කෝ අපේ සේනාව? (නි)
ඇයි.(නදී)
සනත්, කිසිම හතර බීරි කතාවක් නැහැ. ඔයාගේ සිහිකල්පනාව හොද නැහැනේ. කාන්තාව විශ්‍රාම වැටුප් නිලධාරිනියක් කියලා හොද සිංහලෙන් තියෙනව නේද?(නදී)
ලෝකයේ වාර්ථාවකින් දක්වලා තිබුනා ලංකාව කියන්නේ උපදින්න හොද රටක් නොවන බව. ලෝකය මෙහෙම කියන්නේ බොරුවට නෙමෙයි වගේ.(නදී)
එහෙමකියලා බැහැ (දී)
දැනට කතාවත් අභිරහසක්. නංගී උගත් ළමයෙක් වගේ පේනවා. රාක්කයේ තියෙන්නේ නීති පොත්ද? බොක්ස් පයිල්ද?(නදී)
සනත්, විශ්‍රාම ගිය කාන්තාවක් නෙවෙයි විශ්‍රාම වැටුප් සේවිකාවක් (ස)
සනත් මෙකෙ කියල තියෙන්නෙ ‘විශ්‍රාම වැටුප් සේවිකාවක් ‘කියල... මොකද මේ ලංකාවෙ සිද්දවෙන්නෙ....(ස)
හසන්ත මහත්තයෝ, මේවා දැක්කම තමයි මට... (නි)
අපේ රටේ අපරාධ රැල්ලක් නැහැ අනේ. මේක අපිට මඩ ගහන්න කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
සනුතා, ඔයා දැන්ද නින්දෙන් නැගිට්ටේ? (නි)
මෙන්න ස්විස්ටර්ලන්තයට වඩා උතුම් බව පෙන්වන සිදුවීමක්... (ස)
සනත්, ප්‍රතිචාර දානකොට කියවලා හරියට තේරුම් අරන් දාන්න. (නදී)
දැන් රට යන විදියට මැරෙන්නෙ නැතුව මොනවා කරන්නද? (නි)
සනත් හොඳට කියවා බලන්න අදහස් ප්‍රකාශ කරන්න පෙර ??? (ස)
විශ්‍රාම ගිහින් නෙමෙයි ( විශ්‍රාම වැටුප් සේවිකාවක වන) හරියට තේරුම් ගන්න.(ස)
බුදුන් වැඩිය දේශයට මේ මොකද වුණේ? (නි)
මේ ළමයා මොනතරම් දුක්විදින්න ඇද්ද මේ උපාධිය ගන්න? පවු! අන්තිමට මොකද වුණේ? (නි)
ආශ්චර්යයට යන්න හීන මවනකල් මිනිසුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩ සළස්වා දෙන්න. (නි)
කොටකෙතන වගේ වෙයිද? (නි)
මේ රටේ හැමදාමත් මිනීමුරුම්ම තමයි අහන්න ලැබෙන්නේ. (නි)
ඕකට වාද කරන්නේ නැතිව මේ අපරාදය ගැන කතා කරමු.(නදී)
මරණ දංඩනය නැවතත් ගෙන ආ යුතුයි.(නදී)
මේකට ප්‍රතිචාර දාන අය මුලින්ම ලිපිය හොදින් කියවන්න. (නදී)
රටේ වෙනසක් විය යුතු කාලය පැමිණ ඇත. (නි)