IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාන් ගෙඩිය යළි නගී

පිටි මිල වැඩි කිරීම නිසා පාන් මිල රුපියල් 2 - 3 අතර මිලකින් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි. සෙසු බේකරි නිෂ්පාදන මිලද වැඩිකරන බව ඔහු පවසයි. මිල වැඩි කරන දිනය තීරණය කර නැත.



අදහස් (0)

පාන් ගෙඩිය යළි නගී

අමිල කටුනායක Saturday, 27 October 2012 08:15 AM

හජ් උත්සවයට ආණ්ඩුවෙන් තෑග්ගක්..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 27 October 2012 08:16 AM

දැං පාන් කියන්නත් පුළුවං..!(නු)

:       0       0

පද්මි Sunday, 28 October 2012 09:54 AM

පාන් අඩු කරන එක කොලෙස්ට්‍රෝල්, දියවැඩියාවට හොදයි. (නි)

:       0       0

වරුණ Saturday, 27 October 2012 08:32 AM

දුප්පතාට සහන සැලසෙන සහන ම්ල්ලක් සමග අයවැයක් ඉදරියේදී...(නු)

:       0       0

නජිත් නිලන්ත Saturday, 27 October 2012 08:41 AM

ඇයි පාන් නැත්නම් කන්න දේවල් නැද්ද? අපේ මුතුන්මිත්තන් කෑවෙ අපේ දේවල්..!(නු)

:       0       0

චානක Saturday, 27 October 2012 08:50 AM

ඔය බත් කන එක වැඩි කරනන්න කරපු උපායක්නේ..!(නු)

:       0       0

එරංග Saturday, 27 October 2012 08:59 AM

මම නම් හිතන්නේ හොද තීරණයක් කියාලා.. අපි සන්තෝෂයි පාන් රැපියල් දහයකින් විතර වැඩි උනානම්.. හැබැයි මේ ගන්න වැඩිපුර මුදලින් අපේ නගරය ලස්සන කරලා දෙන්න ඕන.. අපේ ඡන්දය එන මැතිවරණයෙක් ඔබ තුමාලටමයි..!(නු)

:       0       0

ද සිල්වා Saturday, 27 October 2012 09:10 AM

පාන් මිල වැඩිකලාට කේක් මිල වැඩිකළේ නැහැනේ.. පාන් බැරිනම් කේක් කාපල්ලා මේක තමයි ආසියාවේ ආශ්චර්යය..!(නු)

:       0       0

කමන්ත Saturday, 27 October 2012 09:12 AM

මහින්ද චින්තනයේ ආශ්චර්යමත් යුගයක් බිහිකරන්නනම් මේ දේවල් විය යුතුයි..(නු)

:       0       0

අචිනි Saturday, 27 October 2012 04:48 PM

කුම්බලා මාළු කෑවානම් විදවපං බළලෝ..!(නු)

:       0       0

සිල්වා තබුක් Saturday, 27 October 2012 09:50 AM

ආරි සන්තෝෂයි... තව තව වැඩි කරන්නෙ නැත්නම් කොහොමද ගත්ත ණය ගෙවන්නේ..!(නු)

:       0       0

ජයසිංහ Saturday, 27 October 2012 10:18 AM

පාන් කෑවොත් ඔහොම්මයි ..(නු)

:       0       0

රෝෂ් Saturday, 27 October 2012 10:48 AM

අල බතල කමු.. පාන් තරමටම මහත් වෙමු..!(නු)

:       0       0

මනුජ Saturday, 27 October 2012 11:12 AM

නජිත් නිලන්ත ,අල, බතල, කෙස් කන්නෙ කොහොමද..?. ගැස් ගෙනත් වැඩියි නෙ..?.දර ලිප් නැහැනෙ...?(නු)

:       0       0

නන්ද Saturday, 27 October 2012 11:45 AM

දැං වැඩිනොකර අයවැයෙන් අඩුකරන්නෙ මොනවද ?(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 11:49 AM

තාම ලංකාවෙ අය පාන් කනවාද? තුන්වේලම බත් කන්න කියලා ඒ දවස්වල ඇමතිවරයෙක් කියා සිටියා.. හාල් පිටිවලින් පමණක් කෑම ජාති හදන්න කියලත් කිව්වා.! මම හිතුවෙ පාන් තිරිගු පිටි එහෙම ලංකාවෙ දැං නැතිව ඇති කියලා..!(නු)

:       0       0

suji Saturday, 27 October 2012 08:01 PM

කාටද පේන්නේ මේ දුප්පතුන්ගේ දුක? (අ)

:       0       0

ප්‍රසන්න පෙරේරා Saturday, 27 October 2012 12:40 PM

ඇත්තටම අය වැයක් මොකටද? බඩුමිල කලින් වැඩිකරලා.. ඒ අයගේ වියදම් ටික ප්‍රදර්ශණයටද? කාට කියන්නද? අයෙත් එන්නකො ඡන්දෙ ගන්න..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 27 October 2012 12:56 PM

අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා හිතලා හදාගමු..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Friday, 26 October 2012 10:05 PM

මට හරිම සතුටුදායක පුවතක් මේක.. රටේ ඉන්නෙ පාන් කන අය නොවන නිසා ගැටලුවක් නැහැනේ..!(නු)

:       0       0

වීරවංශ ඩුබායි Friday, 26 October 2012 10:06 PM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කොහෙද?(නු)

:       0       0

වීරවංශ ඩුබායි Friday, 26 October 2012 10:08 PM

අපි ගමන් කරන්නෙ ආශ්චර්යය කෙසේ වෙතත් ඉතියෝපියාව, සෝමාලියාව, බංගලිදේශය දෙසට කියන එකනම් ඉතාම පැහැදිළියි...!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:37 PM

ආණ්ඩුව පරදවන්නත් හේතුවක් ඕනෙනෙ..(නු)

:       0       0

නදී Friday, 26 October 2012 10:58 PM

එහෙමනම් ඉතිං පාන් රාත්තලක බර තව ග්‍රෑම් ගානකින් අඩු වෙයි..!(නු)

:       0       0

ජානක පෙරේරා Friday, 26 October 2012 11:21 PM

ගැටළුවක් නැහැ තව රුපියල් විස්සකින් විතර වැඩි කරන්.. අපිනේ ඡන්දෙ දුන්නේ.. තව සැරයක් ඡන්දෙ තියන්න..ඒත් අපි ඔබ සමගම තමයි..! (නු)

:       0       0

අනුර Friday, 26 October 2012 11:37 PM

අනේ අනිච්චං වහ තමයි කන්න වෙන්නේ...(නු)

:       0       0

රෙක්ෂ් Friday, 26 October 2012 11:48 PM

ආණ්ඩුව ඕහොම තමයි..(නු)

:       0       0

සිරි Saturday, 27 October 2012 12:02 AM

පාන් කෑවොත් ඔහොම තමා.අනේ දැන්නම් පාන් කියාගන්නවත් බැරුව තමා ඉන්නේ.දැන් කියාවිද දන්නේ නැහැ අර කෙනෙක් කියුව වගේ පාන් බැරිනම් කේක් කාපල්ලය කියල . (නු)

:       0       0

රෝහණ Friday, 26 October 2012 11:57 PM

කමක් නැහැ දැං අපි කන්නේ බත්නෙ..!(නු)

:       0       0

අශාන් Saturday, 27 October 2012 12:01 AM

මම නම් ආයෙ පාන් කන්නෙ නැතෝ.. වවාගෙනම කනවා... අල බතල හිටවලා තියෙන්නේ...... පාන් මොකටද?(නු)

:       0       0

හසිත Saturday, 27 October 2012 12:04 AM

අයියෝ සල්ලි...!(නු)

:       0       0

පාරා Sunday, 28 October 2012 12:09 AM

කවද්ද අඩු උනේ. මෙහෙම වැඩිවෙනකොට, (නු)

:       0       0

ප්‍රියන්ත Saturday, 27 October 2012 01:19 AM

ඔය එන්නෙ නොවැම්බර් අට වැනිදා පෙරහැරේ කස කාරයෝ... පෙරහර එළිවෙ ජාමෙට.. මේකයි ආශ්චර්යය.!(නු)

:       0       0

ලලිත් සෞදි Saturday, 27 October 2012 01:52 AM

රටේ සාමාන්‍ය ජනතාවගේ එදා වේලට අවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න බැරි නම් මොකටද මේ අය..? බලන්න සෞදි අරාබියෙ මීට අවුරුදු 20කට පෙර පිටිමිටිය ලංකාවෙ මුදලින් රුපියල් 750යි අදත් ඒ ගානමයි.. ඒක තමයි ආණ්ඩුවෙ වගකීම..!(නු)

:       0       0

පනාගොඩ මෙල්බන් Saturday, 27 October 2012 04:33 AM

මොන පාන්ද? දුප්පතාගේ අච්චු පාන්ද නැත්නම් පොහොසතාගේ සැන්ඩ්විච් පාන්ද වැඩිඋනේ..?(නු)

:       0       0

ගුරුගේ Saturday, 27 October 2012 04:44 AM

ආයෙත් ඡන්දෙ ළග උනාම පොඩ්ඩක් අඩු කළාම අපි ඡන්දෙ දෙනවා.. අපි වගේ හොද අය ඉන්නෙ ලංකාවෙ විතරයි..!(නු)

:       0       0

සමන් Saturday, 27 October 2012 04:56 AM

පසුගිය මාස තුනේ වැඩි නොකළේ මොනවද? ඒ නිසා අයවැය දාට කියන්න පුළුවන් " ඔන්න අපි අය වැයෙන් බඩුමිල වැඩි කළේ නැහැ" කියලා. කොහොමද ප්ලෑන් එක? (නි)

:       0       0

සරත් - මාලදිවයින Saturday, 27 October 2012 03:10 PM

අසල්වැසි මාලදිවයිනේ තිරිඟු පිටි කිලෝ එකක් ලංකා මුදලින් රුපියල් 33 සත 60 කි. ඇයි මේ විශාල වෙනස?(නු)

:       0       0

සිංහ Saturday, 27 October 2012 06:24 AM

අපි වවමු. (නි)

:       0       0

වසන්ත Saturday, 27 October 2012 03:25 PM

පාන් ගෙඩියෙන් වැඩිම උනොත් දෙදෙනෙකුට කන්න පුළුවං.. ඒ වෙනුවට හාල් කිලෝ එකක් ගත්තනම් හය දෙනෙකුට බත් කන්න ලැබෙයි.. (නු)

:       0       0

නිහාල් පද්මසිරි Saturday, 27 October 2012 07:35 AM

කමක් නැහැ විශේෂයෙන් දුප්පත් මිනිස්සු කන පාන් ගෙඩියෙනෙ මිල වැඩිඋනේ.. තණකොලවල මිල වැඩිඋනේ නැහැනේ.. (නු)

:       0       0

බාහු Saturday, 27 October 2012 07:53 AM

නියමයි..! කමක් නැහැ අපි දැං හාල් පිටි වලින් පාන් හදමු.. දැන් වී ගොවියට වාසියි... හාල් මිල වැඩිකරන්න පුළුවන්නෙ...?(නු)

:       0       0

වීරවංශ බුබායි Saturday, 27 October 2012 07:54 AM

බලාගෙන යනකොට යුද්ධය කාලෙ මිට වඩා හොදයිනේ..?(නු)

:       0       0

ජයරත්න මාලදිවයිනේ සිට Saturday, 27 October 2012 03:38 PM

කුඹුරක්, ගොයම් පැලයක් දකින්න නැති මේ රටේ හාල් ලංකා මුදලින් කිලෝ එකක් රු 42 කට පමණ ද, සීනි කර්මාන්ත ශාලා නැතත් සීනි රු 42 කට පමණ හා පිටි රු 34 කට ද මිල දී ගත හැකියි . ඉන්දියාවේ මෙයටත් වඩා අඩුයි. ලංකාව ජනතාවගේ බඩට නියමෙට ම ගහන රටක් වෙලා. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site