බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.
තමාගෙන් පසු තම පුත් චාල්ස් කුමරු වගකීම් බාරගෙන කටයුතු කරන දැකීම තම බලාපොරොත්තුව යැයි මහ රැජින පවසා ඇතැයි ද බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කරගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ලන්ඩනයට පැමිණ සිටින එම මණ්ඩලයේ සාමාජික රටවල නායකයන් වින්ඩ්සර් මාලිගයේ දී වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව සාකච්ඡා පවත්වා තිබෙන අතර මීට පෙර අවස්ථා කිහිපයදීත් එවැනි සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා විය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුරු උරුමයක් නොවන අතර එය සාම්ප්‍රදායිකව චාල්ස් කුමරුට පැවරෙන්නේ නැත. ප්‍රධානී තනතුර සාමාජික රටවල් 53 නායකයන් අතර හුවමාරු කිරීම සුදුසුයි යනුවෙන් ද මෙම සාකච්ඡාවලදී යෝජනා වී තිබේ.
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී තනතුර පිරිනැමීමට සහාය දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මීට පෙර අවස්ථා කිහිපයකදීම අදහස් දැක්වීය.
දින දෙකක් මුළුල්ලේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සමගාමීව මෙම සාකච්ඡා පවත්වා තිබෙන අතර ඊට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල ජනාධිපතිවරුන් 46 දෙනකු සහ ඉතිරි රටවල් 7 ක විදේශ කටයුතු අමාත්‍යවරු සහභාගී වූහ.
මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය සම්බන්ධයෙන් අර්බුදයක් සහ විවේචනයක් ඇති වී තිබේ.
බිලියන 2.4 ක ජනගහනයක් නියෝජනය කරන පොදු රාජ්‍ය මණ්ඩලය ස්ථාපිත කර ඇත්තේ කුමටද එහි අරමුණ කුමක් ද එහි කාර්යභාරය කුමක් ද යන්න සම්බන්ධයෙන් විවේචනයක් ඇති වී තිබේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික අවශ්‍යමද? අපේ අයට හේතු හදාගෙන රට යන්න හොඳයි. ගැතිකන් කරන්න හොඳයි ඔය සාමාජිකත්වය. බ්‍රිතාන්‍යය ඊයූ එකට රිංගලා, පාඩුවෙනවා කියලා දැනගත්තම අයින් වෙන්න හදනවා. අපේ රටට පොදු රාජ්‍ය මණ්ඩලයේන් හොඳක් වෙයි කියල හිතන්නේ නැහැ. මේ අයට ඕන දේවල් කර කර අධිරාජ්‍යවාදය පතුරනවා.
මම යෝජනා කරනවා මේ තනතුරට චතුර සේනාරත්න සුදුසුයි කියලා.
අද රටේ වැටි තිබෙන ආර්ථිකය ගොඩ නැංවීමට නම්, තේ, රබර්, ඇගලුම් වැනි අපගේ අපනයන භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළට පහසුවෙන් ඇතුල් කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය දෙයකි. එමෙන්ම, ණය බරට යට නොවී, ආර්ථිකය දියුණු කල හැකි අනෙක් විකල්පය නම්, විදේශ ආයෝජන රට තුලට ගෙන ඒමයි. මෙවැනි දේ කිරීමට නම් අපි වැඩි වැඩියෙන් ජාත්‍යන්තරය සමග සම්බන්ධතා පැවැත්විය යුතු අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය එයට ඇති එක පිවිසුමකි. එම නිසා අද පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වැනි දෙයකින් ඉවත් වීම නුවනට හුරු දෙයක් නොවේ.
මීට බොහෝ කලකට පෙර පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව හැඳින්වුයේ " අතමිට සරු නෑයෙක් මුණගැසී අතමාරුවක් ඉල්ලාගන්න යන අග හිගකම් බහුල පිරිසකගේ නෑ ගමනක්" ලෙසටය. නමුත් මේ වනවිට ඒ සියල්ල වෙනස්වී ඇත. කලින් මහා බ්‍රිතාන්‍යයට යටත්ව නොතිබූ රටවල්ද දැන් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පුරුව වැනි සාමාජික රටවල්ද බ්‍රිතාන්‍යයට සම සමව ආර්ථික දියුණුවක් ලබා ඇත.විවිධ හැල හැප්පීම් අතරේ මේ සමාගම නොකැඩී තබාගන්නා ලද්දේ බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනගේ රාජ්‍යතාන්ත්‍රික දැනුම හා උපායශීලී විදග්ධ ක්‍රියා පටිපාටිය නිසාය. නමුත් චාල්ස් කුමරු හට එවන් නිපුණත්වයක් ඇත්ද යන්න සැක සහිතය. පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය බාරදුන් දවසේම එංගලන්තයේ ජීවත්වෙන බටහිර ඉන්දියානු සම්භවයක් ඇති තරුණ කාන්තාවක් මුහුණදුන් අත්දැකීමක් පිළිබඳව බ්‍රිතාන්‍ය මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණි. එහිදී ඇය පැවසුවේ චාල්ස් කුමරු හමුවූ අවස්ථාවකදී තමන් පැමිණියේ මන්ච්ස්ටර් සිට බව කීවිට " එබවක් පෙනෙන්නේ නැනේ" යැයි උපහාසාත්මකව පැවසු බවයි.
බ්‍රිතාන්‍ය ඒගොල්ලෝ අල්ලගත්තු රටවලින් පිට වෙනකොට ඒවා තමුන්ට යටත් විජිතයන් තවත් අන්දමකින් තමන් යටතේ තියාගන්න ගැටයක් ගහලයි ගියේ. ඒ නිසයි පොදුරාජ්‍ය මණ්ඩලයක් කියා දෙයක් ඇති කලේ. එ්කේ නායකයා බ්‍රිතාන්‍ය රැජිනයි. ඒ ගොල්ලෝ හූරන්කාපු රටවල් තවත් දුරට ඒ ගොල්ලන්ගේ වහලුන් හැටියට මේ සංවිධානය යටතේ තියාගන්න සමත් වුණා. අපිත් අපේ සල්ලි වියදම් කරකර එකේ තවත් එල්ලිලා ඉන්නවා. රටටවත්, ජාතියටවත් කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. රටේ නායකයෝ එකේ රැස්වීම්වලට යනවා කියලා මහජනතාවගේ ධනය නාස්ති කරනවා.
පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වුනා කියල අපට ලැබෙන වාසිය මොකද්ද?
පොදුරාජ්‍ය මණ්ඩලයේ සිටියා කියලා රටේ සාමාන්‍ය ජනතාව වන අපට ලැබෙන වාසිය මොකක්ද? මේ උත්සවවලට සහභාගි වෙන්න දේශපාලකයෝ යවන්න සහ මේරටේ උත්සව පවත්වන්න විශාල මුදලක් වියදම් වෙනවා. අඩුම තරමේ යුරෝපා සංගමය වගේ සාමාජික රටවල් අතරේ වෙළඳාමේදී බදු අයකර නොගැනීම, රටවල පුරවැසියන්ට සාමාජික රටවල රැකියා කිරීමට අවස්ථාව ලැබීම, ආර්ථික අතින් දිළිඳු සාමාජික රටවලට ආර්ථික ශක්තියක් ඇති සාමාජික රටවලින් ලබාගන්න මුදල් වලින් ආධාර දීම වැනිදේ මෙම පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් අතර නැත. මේකෙන් ඉවත්වීම හෝ එම රටවල පැවැත්වෙන උත්සවවලදී ලංකාව නියෝජනය කිරීම එම රටේ ශ්‍රී ලාංකික තානාපතිවරයාට බාරදීම වැනි ක්‍රියාමාර්ග වලින්, කෝටි ගණනක මුදලක් රටට ඉතුරු කරගත හැකිය.
ලුම්බිණි මහත්මියගේ ප්‍රශ්නයට උත්තරය මෙන්න. මේවට සහභාගී වෙන්න යවන දූත පිරිස්වලට සහ කාර්ය මණ්ඩල වලට වාර්ෂිකව වැයවෙන රුපියල් කෝටි 5-10 අතර මුදල ඉතුරුකර ගත හැක
පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ කට්ටිය එකතු වෙලා කාලා බිලා යන තැනක්
පොදුරාජ්‍ය මණ්ඩලයේ සිටීමෙන් සමහර වාසි තිබෙනවා. ඒ වගේම අපේ දේශපාලකයන් මේ තුලින් රුපියල් කෝටි ගණන් නාස්ති කරනවා.
අවුරුදු 92ක් වුනත් එලිසබෙත් රැජින නිරෝගිව ඉන්නවා. චාර්ල්ස් කුමාරයා රැජිනට වඩා වේගයෙන් වයසට යන නිසා රජකම නම් කවදාවත් ලැබෙන එකක් නැහැ.