IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දැඩි කනස්සල්ල

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගන්නැයි ද, විසඳුමක් සොයා ගැනීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ ඉහළම තැන් සමග සාකච්ඡා කළැයි ද පොදු රාජ්‍ය මණ්ඩලීම මහ ලේකම් කමලේෂ් ෂර්මා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

පොදු රාජ්‍ය මණ්ඩලය මේ තත්ත්වය ගැන දැඩි කණස්සල්ල පළ කරන බවත්, අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර පැණ නැගී ඇති මේ පරස්පර තත්ත්වය ගැන විධායකය ඉක්මන් තීරණ නොගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

 



අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දැඩි කනස්සල්ල

කීර්ති Sunday, 13 January 2013 09:49 PM

ලංකාව කියන්නේ ශිෂ්ට සම්පන්න රටක්. අපිට ඕවා කිවුවා කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

අතුල Monday, 14 January 2013 12:15 AM

බල ලෝභයෙන් මතුවුණු අයට කන් ඇසෙන්නේ ඔවුන්ගේ වාසියට පමණි. (නි)

:       0       0

කමල් Sunday, 13 January 2013 03:11 PM

බොරුව දානවා (දී)

:       0       0

තිසල් Sunday, 13 January 2013 03:21 PM

කිඹුල් කදුළු ඕවට්ග රැවටෙන්න එපා (දී)

:       0       0

තිසල් Monday, 14 January 2013 12:32 AM

කිඹුල් කඳුළු (දී)

:       0       0

චන්ද්‍රා Monday, 14 January 2013 12:35 AM

අනේ නිරන්ජන්, විරංජනය නොවී වැඩක් බලාගත්තොත් නේද හොද? (නි)

:       0       0

ලලිත් Sunday, 13 January 2013 03:51 PM

දුක් වෙනවට වඩා හොද ප්‍රශ්නයට උත්තරයක් හොයන එක (දී)

:       0       0

සුනිල් Sunday, 13 January 2013 04:04 PM

දුක් උනා කියල මොනවා කරන්නද? හොදම දේ ප්‍රශ්නය විසදන්න බලන එක (දී)

:       0       0

නිරන්ජන් Sunday, 13 January 2013 04:16 PM

දැන් තව තව කට්ටිය ඵයි. දැන් බළලා මල්ලෙන් ඵළියට පැනලා ඉවරයි. අපි අහුවෙයි ඕවට. (නි)

:       0       0

යොහාන් Sunday, 13 January 2013 04:40 PM

ප්‍රශ්නයට විසදුම් කෝ .................. (දී)

:       0       0

ජගත් Monday, 14 January 2013 06:37 AM

මේ අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව ලංකාවේ නේද ‍තියෙන්නේ? (නි)

:       0       0

සම්පත් Monday, 14 January 2013 07:18 AM

අපිට නැති කදුලු එයාලා ළග තියෙන්නේ කොහොමද? (නි)

:       0       0

අච්නි Monday, 14 January 2013 03:27 PM

යුද්දෙන් මැරිච්ච මිනිස්සු ගැනත් කනස්සල්ල පල කරන්න (දී)

:       0       0

බණ්ඩාර Monday, 14 January 2013 08:00 AM

ශ්‍රී ලංකාව තුළ සිදුවන අභ්‍යන්තර කටයුත්තක් සඳහා ඇඟිලි ගැසීමට මොවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැත. එක්සත් රාජධානියේ ඉහළ උසාවිවල විනිසුරුවන් ඉවත් කරන්නේ අපිටත් වඩා සරල ආකාරයටය. විමර්ශන කිසිවකින් තොරව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් විනිසුරුවන් ගෙදර යැවීමට හැකි එක්සත් රාජධානියේ ක්‍රියාපටිපාටිය ගැන මේ අයට කිසි ප්‍රශ්නයක් නොමැත. බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථාවේ හැටියට, ශ්‍රේෂ්ඨාධිකරණයට දෝෂාභියෝගයකට විරුද්ධව පාර්ලිමේන්තුවට නියෝග නිකුත් කිරීමට නොහැක. එවැන්නක් කළහොත් විමර්ශනයකින් පවා තොරව ඔවුන් ගෙදර යැවීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුය.පො. රා. මණ්ඩලයේ මහ ගෙදර පවා නොමැති දේවල් දුප්පත් ශ්‍රී ලංකාව වැනි රටකින් බලාපොරොත්තුවීම විහිළුවකි . (නි)

:       0       0

කුමාර Monday, 14 January 2013 08:19 AM

අපේ වැඩ අපිට පුළුවන් විසදා ගන්න (දී)

:       0       0

අජිත් Monday, 14 January 2013 08:33 AM

ඒ මොකරද ඒ (දී)

:       0       0

තුෂාර Monday, 14 January 2013 09:16 AM

අපේ රටේ වැළලෙමින් යන නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක දීමට ඉදිරිපත් වෙන ඕනෑම ප්‍රාර්ශ්වයකට අපි සහයෝගය දිය යුතුයි. (නි)

:       0       0

කීර්ති Monday, 14 January 2013 09:47 AM

ලංකාව කියන්නේ ශිෂ්ට සම්පන්න රටක් නම් මෙහෙම අශිෂ්ටසම්පන්න වැඩ සිද්ධ වෙනවද? (නි)

:       0       0

කෝලිත Sunday, 13 January 2013 06:09 PM

කනස්සල්ලෙන් ඉදල මොනවා කරන්නද? (දී)

:       0       0

සුනිල් Monday, 14 January 2013 10:01 AM

පව් නේ ? (දී)

:       0       0

පත්රුවන් Monday, 14 January 2013 04:41 PM

ඒ මොකටද ඒ (දී)

:       0       0

නන්දන Sunday, 13 January 2013 06:20 PM

මොනවා කරන්නද? (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 14 January 2013 10:15 AM

බණ්ඩාර මහත්තයා ගොඩක් දේවල් කියනවා. සේරම හරි කියා කියමුකෝ. එහෙත් පැටලීම ඇත්තේ මෙතැනයි. දෝශාභියෝග කතාවට සම්බන්ධ කිසිවෙක් පාර්ලිමේන්තුවට විනිසුරන් සම්බන්ධව විනය පියවර ගැනීමට ඇති බලයට විරුද්ධ වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් වරට දුන් තීන්දුවෙත් එම බලය පිළිගැනීමට ලක්වෙනවා. එහෙත් මෙම තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කිරීමෙදී අගවිනිසුරුතුමිය වෙතින් මීට පෙර වරදකරු වූ අය පත්කිරීම, පිටු දහස් ගණනක ලේඛන පිරික්සා පිළිතුරු බැඳීමට එක දවසක් පමණක් ඉඩ දීම, සාක්ෂි කැඳවා හරස් ප්‍රශ්න මගින් විශ්වසනීය බව සනාත කරගැනීමට ඉඩ නොදීම හා අපහාස කිරීම වැනි දේවල් පොදුරාජ්‍ය මණ්ඩලයේ අනෙක් රටවල් වල සිදුවෙලා තියෙනවාද ? එහෙම තැනක් පෙන්වූවොත් ඔයා හරි කියා මමත් පිළිගන්නම්. ඔබ හා ඔබ වැනි අදහස් දරන අනෙකුන් කියන තරම්ම පොදුරාජ්‍ය මණ්ඩලය නොවැදගත් නම්, එහි සත්කාරකත්වය ගන්න අපේ අය මේ තරම් දඟලන්නේ ඇයිද කියාත් පෙන්වා දෙන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 14 January 2013 10:36 AM

බණ්ඩාර, අපේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වශයෙන් සැමදා තිබිය යුතුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 14 January 2013 10:40 AM

මේ අග මුල නැති ප්‍රශ්න වලට හේතුව අද පාර්ලිමේන්තුවේ නියම ජනතා හඩක් නොමැතිවීමයි. (නි)

:       0       0

අනුර Monday, 14 January 2013 10:38 AM

ශ්‍රී ලංකාව යනු ඒකීය නිදහස් රටකි. මෙහි ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මිස විදේශ රට වල ව්‍යවස්ථා නොවන බව විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් මතක තබා යුතුය. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 January 2013 04:53 PM

අපේ වැඩ අපි බලා ගානනම් (දී)

:       0       0

ෂර්මා Sunday, 13 January 2013 08:35 PM

අපිට ඔයාලගේ උපදෙස් අවශ්‍ය වෙන්නෙ නැහැ. (නි)

:       0       0

රනිල් Sunday, 13 January 2013 09:20 PM

රැවටෙන්න එපා (දී)

:       0       0

මාරසිංහ Monday, 14 January 2013 12:47 PM

අපිට පිටරට බණ වලින් වැඩක් නැහැ. අපි අපි ගැන බලාගනිමු. (නි)

:       0       0

චූලා Monday, 14 January 2013 12:49 PM

අපිට වෙන රටවලින් මොකුත් එපා. පිටරටවල ඉන්න අපේ අය ආපහු මෙහේට එන්න. (නි)

:       0       0

බණ්ඩාර Monday, 14 January 2013 06:15 PM

ලංකාව ගැන දැඩි සැලකිල්ලෙන් (දී)

:       0       0

මාලා Monday, 14 January 2013 12:52 PM

අපි ගැන වද වෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site