පුත්තලම රෝහලේ ප්‍රථමවරට කළ ප්ලාස්ටික් සැත්කම සාර්ථක වූ බව රෝහලේ වෛද්‍ය අධිකාරී අශෝක් පෙරේරා කියයි.
මාස කිහිපයකට පෙර කල්පිටිය රෝහලෙන් පුත්තලම රෝහලට එවූ රෝගියකුට කළ සැත්කමකින් පසු රෝගියා සුවය ලබන බව ඔහු පවසයි.
පපුව, මුහුණ අත් හා හිසේ සියයටට හතලිහක් පමණ පිළිස්සුම් තුවාල තිබුණා. ඔහු පිළිස්සී ඇත්තේ භූමිතෙල් ලාම්පුවකින්.
ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන අරුණජිත් පීරිස්, එරංග පෙරේරා සැත්කමට එක් වූහ. සැත්කමට පැය හයක් ගත විය.
රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතාගේ සහාය ද ලැබිණි.
ශල්‍ය වෛද්‍ය අංශයේ රෝහල් කාර්යමණ්ඩලයේ සහාය ද ලැබිණි.
.jpg)

.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා රටට සම්පතක් , කිසිදාක මුදලට යට නොවේවා (ස)
දැන් ඉතින් ඔය කට්ටිය පුද්ගලික චැනල් ගාස්තු වැඩිකරයි. (ස)
අපෙ දොස්තර මහත්වරු ඉතා දක්ෂයො. සමහර නුසුදුස්සො කරන වැරදි නිසා මුලු වෛද්‍ය පරපුරටම දොස් කියන එක වැරදියි. මේ ටිකේම අපි ලංකාදීපෙ දැක්කා අපෙ දක්ෂ වෛද්‍යවරුන්ගෙ ඉහළ දස්කම්. ඒ වගේම දියුණුයි කියන රටවල වෛද්‍යවරු කරපු වැරදිත් දැක්කා. (නි)
ලංකාවට හොද ලස්සන අනාගතයක් ඇති බවට සුභ ළකුණුයි මේ... (නි)
ලලිත් - කටාර් මහත්තයා, අනාගතය ලත් තැනම ලොප් වුණ එවා පැහැදිලි කරන්න පුලුවන්ද? පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරීතුමාට හා එහි ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් මහත්වරුන්ට, රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතා ඇතුළු සැමට ජනතාවගේ ප්‍රසාදය! ඔවුන් ලබන පින නිමක් නොමැත. (නි)
පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරීතුමාට හා එහි ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් මහත්වරුන්ට, රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතා ඇතුළු සැමට ජනතාවගේ ප්‍රසාදය! ඔවුන් ලබන පින නිමක් නොමැත. (ස)
ලංකාවේ දොස්තරලා කොච්චර දක්ෂද කියලා අපි තේරුම් ගත්තෙ ගල්ෆ් වලට ආවට පස්සෙයි. (නි)
කීර්තිගේ කතාවට මාත් එකගයි (ස)
මට ඉතා සතුටුයි ලංකාවේ වෛද්‍ය සේවය ගැන (දී)
සැත්කමට පෙර හා පසු අවසථාවල රෝගියාගේ ඡායාරූප 2 ක් දකින්න තිබුණනම් හොඳයි (ස)
වෛද්‍ය වරුන්ට මාගේ ප්‍රණාමය (ස)
සුබ ආනාගතයක පෙරනිමිති (ස)
ලංකාවට හොද ලස්සන අනාගතයක් ඇති බවට සුභ ළකුණුයි මේ. (නි)
සදරුවන් මහත්තයෝ, ඇයි ඒ අනාගතය ලත් තැනම ලොප් වෙන්නේ? (නි)