ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ස්වර්ණමය මතකය වන්නේ 96 ලෝක කුසලාන ජයග‍්‍රහණයයි. එය කෙතරම් සදාදරණීයද යත් අදට ද අපට මෙනෙහි කිරීමට ඇත්තේ ඒ ජයග‍්‍රාහී අවස්ථාවය. අර්ජුණ ප‍්‍රමුඛ ඒ ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ සාමාජිකයෝ අදට ද විරුවෝය. මේ විරුවෝ නැවත ක‍්‍රිකට් පිටියට පිවිස තරගයක නිරත වූ දුර්ලභ අවස්ථාව දැක බලා ගැනීමට ක‍්‍රීඩා ලෝලී ජනතාවට පසුගියදා හැකිවුණා. හේමාස් සමූහ ව්‍යාපාරයේ සංවිධානයෙන් බේබි ෂෙරමි අසරණ සරණ යන්නෙන් පදනම් කරගෙන, රටේ අනාගත පරපුර උදෙසා ආධාර මුදල් එක්රැස් කර ගැනීම මෙම තරගය පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ විය. ඒ අනුව මෙම අපූරු තරගය පැවැත්වුණේ, 96 ලෝක කුසලාන ජයග‍්‍රාහී කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායම සහ ප‍්‍රවීන ක‍්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සිදත් වෙත්තමුණිගේ කණ්ඩායම අතරය. ටීටුවෙන්ටි හෙවත් විස්සයි විස්සේ තරගයක් වූ මෙය පැවැත්වුනේ කොළඹ (එන්සීසී) ක‍්‍රීඩාංගනයේදීය.
එදා 96 ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා වූ අරවින්ද ද සිල්වා පැමිණ සිටියේ පුතු සමගය. නායක අර්ජුණගේ පුතු ද ඔහු අසලම විය. අර්ජුනගේ පවුලේ උදවිය ඉහත මාලයේ සිට තරගය නරඹමින් සිටියහ. සනත්, හෂාන්, රොෂාන්, කළු, චන්දන, ප‍්‍රමෝධ්‍ය, රවීන්ද්‍ර පුෂ්පකුමාර, වාස් ඇතුළු ඒ වීරයින් බොහෝ දෙනාගේ පවුල්වල උදවිය ද තරගය නැරඹීමට පැමිණ සිටියහ. එදා ශ්‍රී ලංකා පිලේ මහා පවුරවූ ගුරා හෙවත් අසංක ගුරුසිංහ මේ තරගය වෙනුවෙන්ම පැමිණ සිටියේ සිය පවුලේ උදවිය සමග ඔස්ටේ‍්‍රලියාවේ සිටය. ඒ වසර අටකට පමණ පසුවය. ගුරාගේ පුතු ඔහු තරමටම උස් මහත්ය. පුතු ගුරා අසළටම වී සිටියේය. ඒ ක‍්‍රිකට් තරුවල දරුවෝ සියල්ලෝම හරිම එකමුතුය. ඔවුනගේ බිරින්දෑවරු සහ ඥාතීහු එකට එක්ව තරගය නැරඹූහ. අපි අර්ජුන ප‍්‍රමුඛ ලෝක කුසලාන විරුවන් සිටි කී‍්‍රඩාගාරය වෙත ගියෙමු. ඔවුනට එකදු තත්ත්පරයක් හෝ නිකරුනේ සිටීමට ඉඩක් ලැබුණේ නැත. ඒ ක‍්‍රීඩාලෝලීන්ගෙන් බේරුමක් නැතිවීම නිසාය. සමරු අත්සන් ගැනීමට මෙන්ම ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට බොහෝදෙනා පොර කෑහ. ඒ අතර පුංචි හෝ ඉඩක් ලද මොහොතේ මේ ක‍්‍රීඩාතරු එකිනෙකා අතීතය ආවර්ජනය කළෝය. එදා සිදුවූ රස කතාද, එකිනෙකාට වෙච්ච දේවල් ගැනද කියමින් සතුටු වූහ. අදද මේ තරු අර්ජුන වටා රොද බැඳ සිටි ආකාරය මහා පුදුමාකාරය.
.jpg)
”අර්ජුන අයියා එක්ක මට පිංතූරයක් ගන්න ඕනෑ” එහෙම කියමින් මේ තරු ඔවුනගේ දු දරුවන් සමග එක්ව අර්ජුන සමග ඡායාරූපවලට පෙනී සිටියෝය. අපි ප‍්‍රවීණ කණ්ඩායමේ තරු සිටි ක‍්‍රීඩාගාරය වෙතද ගියෙමු. එදා ශ්‍රී ලංකා පිලේ සිටි හැඩකාරයා සිදත්ගෙ රුව අද ද එලෙසින්ම නොවෙනස්ව පවතී. හේමන්ත දේවප‍්‍රිය, රොජර්, අශෝක සිල්වා, කපිල විජේගුණවර්ධන, රංජිත් මදුරසිංහ, සංජීව වීරසිංහ, ලැබ්රෝයි, එරික් උපශාන්ත, හේමන්ත වික‍්‍රමරත්න, බ්‍රෙන්ඩන්, මෙන්ම ප‍්‍රසන්න ජයවර්ධන ද, චාමර සිල්වාද, ජෙහාන් මුබාරක්ද ඒ කණ්ඩායමට ඇතුළත් වූහ. ඔවුනට ද රසිකයින්ගෙන් ගැලවුමක් නම් නොවීය. තරගය ආරම්භ වීමට ප‍්‍රථම ජනපතිතුමාද පැමිණි අතර කණ්ඩායම් දෙකේ සාමාජිකයින් හඳුන්වාදීම නායක දෙපළ විසින් සිදු කළහ. ඒ හඳුනා ගැනීම් රටටම අමුත්තක් නොවේ. එහෙත් තරගය පැවැත්වීමට පෙර මෙලෙස ජනපති මෙන්ම අමාත්‍ය තිස්ස කරල්ලියද්ද ප‍්‍රමුඛ සම්භාවනීය පිරිස පැමිණීම සැබැවින්ම සියලූදෙනාටම සතුටට කරුණක් විය.
සිදත් ප‍්‍රමුඛ පිළ පළමුව පන්දුවට පහරදුන් අතර, ලෝක කුසලාන විරුවෝ පන්දු රැකීම සිදු කළේ එදා 96 අවසන් මහා තරගය සිහිගන්වමිනි. එදා ඕස්ටේ‍්‍රලියානුවන් ඇඳ සිටි කහ වර්ණයෙන් යුතු ඇඳුමින් සිදත්ගේ පිළ හැඩවී සිටියහ. සිදත්, හේමන්ත, දේවප‍්‍රිය සහ හේමන්ත වික‍්‍රමරත්න පන්දුවට පහරදුන් ආකාරය හරිම අපූරුය. එදා පිටියේ කැප්ටන් කූල් අද තම කණ්ඩායම හැසිරවූ ආකාරය සැබැවින්ම අප නැවත අතීතය කරා ගෙන ගිය මොහොතක්ම විය. අඩුවකට තිබුණේ ලිට්ල් කළු ”ඔහොම යං ඔහොම යං” නොකීම පමණකි. 96 ලෝකශූර පිල පන්දුවට පහරදීම ඇරඹුවේ මාස්ටර් බ්ලාස්ටර් සනත් සහ ලිට්ල් කළු යුගලයෙනි. සනත් එල්ල කළ දැවැන්ත හයේ පහර උඩ පන්දුවක් ලෙස හේමන්ත වික‍්‍රමරත්න රැකගත් අවස්ථාව හරිම අපූරුය. නමුත් කළුට එක්වූ තාප්පය ගුරා ඊළඟට පැමිණ සුපුරුදු සංයමය රකිද්දී කළු පිටිය හතර වටේට ප‍්‍රහාර එල්ල කරමින් නරඹන්නන් කුල්මත් කළේය. ගුරු දැවැන්ත හයේ පහරක්ද එල්ල කළේය. අරා හෙවත් ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ පිතිකරුවකු වන අපේ අරවින්ද ලබාදුන් උඩපන්දුව ස්ලිප්හි සිට සිදත් රැකගත් හැටි විශ්මය ජනකය. අශෝක ද සිල්වාගේ පන්දු යැවීම හමුවේ එලෙස අරවින්ද දැවී ගිය පසු ප‍්‍රතාපවත් නායකයා අර්ජුන පිටියට එන විට නැගුණ ඔල්වරසන් හඬ කෙළවරක් නැති විය. අර්ජුන එදා ලෙසම පිතිහරඹයේ නිරත විය. නමුත් අවසානයේ ජයග‍්‍රහණය සඳහා ගෙන ගියේ රොෂාන්, හෂාන් සබඳතාවයයි. එදා ක‍්‍රිකට් පිටියට හැඩකාර, දඟකාර රිද්මය ගෙනා රොෂාන් අදද ඒ වාගේමය. ප‍්‍රමෝ, පුෂ්පෙ (රවීන්ද්‍ර), උපුල් (චන්දන) මේ හැමෝමත් ක‍්‍රීඩා කළ විලාසය හරිම අපූරුය. ඔවුන් හැමෝගෙම ආත්මය පුරාවට ක‍්‍රිකට් බැඳී ඇති අයුරු සැබැවින්ම ශ්‍රේෂ්ඨය. ක‍්‍රිකට් විචාරයට චමත්කාරය ගෙනා පාලිත පෙරේරාද, හරිතද, කැලූම් ශ්‍රීමාල්ද ඇතුළු පිරිස මැවූ චමත්කාරයද හදට දැනුණ දෙයක් විය. ලෝක ජයග‍්‍රහණයක මිහිර කෙතරම් සදාදරණීයද, ඒ බැව් නැවත සිහිගැන්වූ මෙම තරගයද පැමිණ සිටි සියලූදෙනාගේ සදාදරණීය තරගයක් ලෙස හදපත්ලෙහි සනිටුහන් වූවාට සැක නැත.
|
| 96 වීරයන් අතින් ළමයින්ට තෑගි... |
|
| ශූරයින්ට මුහුණදෙන්න සූදානම්වී... |
|
| දේවපි‍්‍රයගෙන් චාමරට විහිළුවක්.. |
|
| අර්ජුන පුතා සමග... |
|
| තාමත් ලස්සනයි නේද අපි... |
|
| සනත් - කළු එදා ආරම්භක යුගලය. |
|
| වාස් - උපුල් සමරු සටහන් තබමින්... |
|
|
| පපරේ හඬ |
|
| නැවත 96 ජයග‍්‍රාහී මොහොත සිහිගැන්වූ මොහාත |
|
| හේමන්ත වික‍්‍රමරත්න, ග‍්‍රැහැම් ෆැබ්රෝයි |
|
|
| 96 වීරයාට තවත් සම්මානයක්.. |
|
| පර්සිගෙන් සනත්ට සුබපැතුම්.. |
|
| සිදත් අදද කඩවසම්ය... |
|
| තරඟයේ වීරයා කළු... |
|
| නැවත පිටියට ආ ප‍්‍රතාපවත් නායකයා.. |
සබැඳි පුවත් >>>
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ රටට ගෙනාවේ අති විශිෂ්ට ගෞරවයක්. ඒකටත් එක්ක දැන්... (නි)
96 ක්‍රීඩකයෝ නවක ක්‍රීඩකයන්ට ආදර්ශයක්. (ස)
මේ තරගය වීඩියෝ එකක් ලෙස අපට ලබාගන්නට පුලුවන්ද? (නි)
96 ඉදලා ක්‍රිකට් වලට කරපු වියදමයි සද්දෙයි වෙනත් ක්‍රීඩාවකට යෙදෙවුවා නම් මෙලහකට ඔලිම්පික් පදක්කමකුත් දිනන්න තිබුණා. (නි)
හැමදාම ඊළග කුසලානය ගැන කතාකළත් තවම නම් කිසිම කුසලානයක් ගෙනාවේ නැහැ. (නි)
දකින්නත් ආසයි..!(නු)
මට ඇඩෙනවා තනි ඇහැට..!(නු)
ඇත්තටම නැවතතත් ලෝකකුසලානය මතක් උනා.!(නු)
මේ වගේ දේවල් පෙන්නද්දි අපේ ඇගේ ලේ පිරිසිදු වෙනවා.. ඔහොම යං ලංකා වීරයෝ..!(නු)
මීට වැඩිය රටට සේවයක් කළ පුද්ගලයින් ගැනත් කතා කරන්නකෝ. (නි)
මේ තමයි අපේ රටේ බිහිවුණ එක වීරයෝ ටිකක් අනිත් අය පේ රණවිරුවෝ.. (නු)
අපිට මේකේ වීඩියෝ එක බලන්න බැරිද? (නි)
ඔතන මුරලිත් හිටියා නම්.... (නි)
දැන් සියල්ල තීරණය වන්නේ මුදල් මතයි. (නි)
මම දන්න දේ තමයි ඉහලින් ලියා තියෙන්නේ, අනෙත් ර්‍ක්‍රඩා නගා සිටුවීම තුලින් ක්‍රිකටි නිසා ඇතිවන හානිය අවම කරගන්න පුළුවන්.(නදී)
ඇත්තෙන්ම ගොඩක් සන්තෝෂයි. (නි)
එදා අර්ජුනගේ නායකත්වයෙන් හිටපු කණ්ඩායම හරියට පුංචි පවුලක් වගේ. අද ඇගේ ලේ වතුර වෙනවා තරගයක් නරඹද්දී. (නි)
පනාගොඩ සහ පිටිගල මොනවද දන්නේ 96 ගැන? (නි)
පනාගොඩ සහ පිටිගල මොනවද දන්නේ 96 ගැන? (නි)
දැකීමමත් සතුටක්. (නි)
ලංකාවේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? (නි)
මේ ඡායාරූප දකිද්දී ඒ කාලේ ගැන පුදුම ආඩම්බරයක් වගේම දැන් තත්ත්වය ගැන පුදුම දුකක් හිතට දැනෙන්නේ. (නි)
ලාල් සහ කුෂාන්ගේ ඇස් වලට කදුලු එන්නේ බඩු මිළ මතක් වෙලාද? (නි)
අර්ජුන, ඔබ සැබෑ නායකයෙක්. (නි)
ඉතාම සුන්දර අවස්ථාවක්. අනේ මමත් ලංකාවේ හිටියා නම්... (නි)
ඇස් වලට කදුලු එනවා මේ ඡායාරූප දකිනකොට. (නි)
අනූ ගණන් වල ලෝක කුසලානයක් ගැන කියලා දැන් අඩන්න ලැජ්ජා නැද්ද? (නි)
ඔසී විනිසුරුවෝ මුරලිව කොනිත්තන විට කැත්තට පොල්ල වගේ සිටීමට කොන්දක් තිබුණා. ඉන්පසු 1996 ඕවර 50 ලෝක ශුරතාව ගන්න පුළුවන් වුණේ මෙවන් නායකයන් සිටි නිසයි. (නි)
වීරවරයිනේ ඔබේ මනුෂ්‍යත්වය, දේශප්‍රේමය අගයමු (ස)
ඇත්තටම 96 කණ්ඩායම එදත්, අදත්, හෙටත් අපේ වීරයෝ. (නි)
මෙම ඡායාරූප පළ කළ ලංකාදීපයට ගොඩක් පිං..!(නු)
මෙවැනි දුර්ලභ අසිරිමත් අවස්ථාවක් පින්තූරයකින් හරි දකික්න සැලැස්වීම ලංකාදීපයට බොහාම පිං..!(නු)
එදා තත්ත්වයයි අද තත්ත්වයයි බැලුවාම අපි හොද ස්ථාවරයක ඉන්නවා.. ඒක ගොඩක් වෙලාවට වාසනාව අනුවත් වෙනවා.. නමුත් අපට ලෝකයත් එක්ක හැප්පෙන්න පුළුවං කණ්ඩායමක් ඉන්නවා..!(නු)
ලෝකයේ ක්‍රීඩාවෙන් හිණිපෙත්තටම නැගපු රටවල් එසේ කළේ ක්‍රිකට් වලින් නොව පාපන්දු සහ අනෙකුත් ගෘහස්ත ක්‍රීඩා වලිනි. (නි)
2007,2009,2011,2012 දිනුවා නම් කොච්චර සතුටුද? (නි)
http://www.lakvisiontv.org/watch.php?id=33482 (නි)
දැන් අපේ කාන්තා කණ්ඩායම මේ අයට වැඩිය හොදට ගහනවා. (නි)
ඉෂාන්, ලෝකයත් එක්ක නම් හැප්පෙයි. හැබැයි දිනන එක නම් ෂූවර් නැහැ පුතෝ. (නි)
මළල ක්‍රීඩා වලටත් මෙයින් අඩක්වත් වියදම් කරනවා නම් අපි මෙළහකට රන් පදක්කම් කීයක් නම් අරගෙනද? (නි)
ඊලග ලෝක කුසලානයට මේ ටීම් එක දැම්මත් දිනන්න පුලුවන්.. (ස)
නිසල්, රනවිරුවෝ කියන්නේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ අය.(නදී)
විශිෂ්ටයි (දී)
මෙම වීරයින් දුටු විට දෙනෙතට කදුලු නැගුණා. (නි)
සනත් තවමත් තරුණයි එඩිතරයි. සනත්ගේ ඇගේම ක්‍රිකට් තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)
මාර හැගීමක් දැනෙන්නේ..!(නු)
බලන්න මේ වගේ දේවල්වලට ආචාර්යවරුන්ගේ අදහස් නෑ මොකද එයාලට මේක එයාගේ මානසිකත්වයට ගැලපෙන දේවල් නෙමෙයිනේ.. (නු)
සනත් , කළු ඔයාලට අපි තවම ආදරෙයි. සැබැවින්ම ක්‍රිකට් පිටියේ ඔබලා තමයි වීරයෝ. මගේ සුබ පැතුම් (ස)
පිටිගල, මාතෘකාවට අනුව අදහස් දක්වන්න. (නි)
එදා සමගිය අදත් තිබුණා නම්... (නි)
මම ඒකට කැමතියි (ස)
අනේ ඇත්තටම සංගක්කාරලට බැරී උනේ මේ වගේ දෙයක් කරන්.. කී පාරක් නම් ලෝක කුසලාන අපෙන් උදුරාගත්තාද? අපි හැමදාම අනුශූරයෝද? ලෝක ශූරයෝ වෙන්න බැරිද? (නු)
ගායකයෝ, නළු නිළියෝ, වෙද්‍යවරු, හාමුදුරුවරු නමි එදා රණවිරුවගේ දුක සැප බලන්න යුධ බිමට ගියා. මේ ක්‍රීඩකයෝ එහෙම ගිය බවත් කොහෙවත් සදහන් වෙලා නැහැ. ඒ නිසා නිසල් මෙතනට වීර කතාව ගැලපෙන්නේ නැහැ.(නදී)
පිටිගල මෙතන කතාකරන්නේ ක්‍රිකට් ගැනයි.. ඒ ක්‍රීඩාවෙන් රටට සේවයක් කරපු අය ගැනයි.. මාතෘකාවට අදාලව අදහස් දක්වන්න..!(නු)
ලෝකයේ ක්‍රිකට් වීරයන් 1996 පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී දණ ගැස්සවූ ලංකාවේ සිංහ පැටව් අදටත් දේශයට ආඩම්බරයක් (ස)
ඇත්තෙන්ම හොඳ ජව සම්පන්නයි තවමත් මේ අය. දිනුම ෂුවර් ඊලඟ ලෝක කුසලානයට මේ අය සෙල්ලම් කරොත් (ස)
96 දී අපේ අය ක්‍රීඩා කලේ එක පවුලේ අය වගේ. දැන් අපේ අය ක්‍රීඩා කරන්නේ එක කොම්පැනියේ අය වගේ. (ස)
පනාගොඩ, ඇයි මෙහෙම කතාකරන්නේ? 96 ඉදලා ලෝක කුසලාන කීයක් නම් අපි අතින් ගිලිහී ගියාද කියලා බලන්න. (නි)
එදා වගේ අද බැරි ඇයි? (නි)
මේක බලද්දී ඇස් වලට කදුලු එනවා. (නි)
ආසාවේ බෑ (අ)
අපේ රටේ නම ලෝකේ රන් අකුරෙන් ලියුවේ ඔබයි (දී)
ඔබ අපිට ආඩම්බරයක් (දී)
නියම වැඩක් (දී)
අවසන් තරඟය පරදින එක දැන් පුරුද්දට ගිහිල්ලා ඒක දැන් නැතිකර ගන්න පුළුවන්ද ? (ස)
ඔව් කුෂාන් මේවා බලද්දි ඇස් වලට කදුළු එනවා..!(නු)
හරිම ආඩම්බරයි. (නි)