තම පුතාට ඇප ලබාගැනීමට පැය අටක් කල්කුඩා පොලිසියේ ගත කළ බවත් පොලිසියට කිසිම බලපෑමක් නොකළ බවත් එහෙත් ලංකාවේ සියලුම පුවත්පත් වල එම සිද්ධිය මුල් සිරස්තලය සේ පළවූ බවත් එසේ සිදු වූයේ කෙසේ දැයි තමා දන්නා බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ විජේරාම මාවතේ නිල නිවසේ කොරිඩෝවේ දී පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කෙළේය.
‘මා අගමැතිකම පරිත්‍යාග කළ මිනිහෙක්. මගේ පුතාගේ සිද්ධියට අගමැති කමකුත් පටලවාගෙන මගේ ප්‍රතිරූපය නැති කරනවා‘ යැයි ද ඔහු කීවේය.
ඔහු චෝදනා කරන්නේ රජයට දැයි මාධ්‍යවේදීන් ඇසුවිට ‘මටත් හිතා ගන්න බෑ‘ යනුවෙනි. කල්කුඩාවේදී ඇමැති පුත් දහම් සිරිසේන (20) නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ තම ප්‍රතිරූපය කෙළෙසීම සඳහා මාධ්‍ය ඔස්සේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. එම කුමන්ත්‍රණය අසාර්ථක වුවහොත් තමා ඝාතනය කිරීම ඊළඟ පියවර බවත් තමාට දැනට ම මරණ තර්ජන එල්ලවී ඇති බවත් ඇමැති කීවේය. අර්නස්ට් හෙමින්වේ නම් ඇමරිකා ලේඛකයා ගේ කියමනක් උපුටා දක්වමින් ඇමැති සඳහන් කෙළේ ‘මිනිහකු පරාජය කළ නොහැකියි. එහෙත් විනාශ කළ හැකිය යන්න‘ මේ සිද්ධියේ දී පෙනෙන බවත් කොටි සංවිධාන පස් වතාවක් තමා මරන්නට හැදූ නමුත් අන්තිමෙදී කොටියන් විනාශ වූ බවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනපති සමයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූයේ තමාගේ යෝජනවක් අනුව බවත් ඒ අනුව ඔහු ජනාධිපති වී කොටියන්ද පරාජය කළ බවත් ඇමැතිවරයා කීවේය. චන්ද්‍රිකා කුමාරතුංග සමයේ අගමැති පදවියට තිදෙනකුගේ නම් යෝජනා වි යැයි ද අනුර බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදීර්ගාමර් හා මෛත්‍රිපාල සිරිසේන එම නම් තුන යැයි ද ‘මෛත්‍රි මගේ මල්ලිට මම ඇගමැති කම දෙන්නේ කොහොමද‘ යනුවෙන් ඇය එදා ඇසූවේ යැයි ද අගමැතිකම් වලට සුදුස්සන්ගේ නම් යෝජනාකරමින් ජනතා විමුක්ති පෙරමුණෙ ලේකම් ටිල්වින් සිල්වා එදා ඉදිරිපත් කළ ලිපියක් ද පෙන්වමින් සිරිසේන මහතා කරුණු දැක්වීය.
මුහුදු වෙරළෙදි කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවා. ඒක එතැනින් ඉවරයි. මම කිසිම බලපෑමක් කෙළේ නැහැ. ඩී.අයි.ජීට මං කිව්වේ ඕනෑ විදියට පරීක්ෂණ කර ගන්න කියලයි. ඒ දරුවත් බලන්න මම රෝහලට ගියා. ඔහු කීවේ අංකල් කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි‘. ඇමැතිගේ පුතා ඇතුළු පිරිස නිරුවතින් සිටියේ දැයි ඇසූ විට ඔහු කීවේ හැබැයි පොලිසියට පැමිණිලි දාන්න ගියාම දෙපැත්තම කරන්නේ තමන්ගේ වාසිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම බවයි. ‘මා එහේ නොසිටි නිසා ඒ ගැන මට කියන්න බෑ. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකින බව තමා විශ්වාස කරන බවත් ඒ අනුව හැම විටම ක්‍රියාකරන බවත් ඇමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
අද දවසේ කාටුන් ඒකතමයි නියම, ආඩම්බරකාර තාත්තා වරු (දී)
එයාගේ තරුණකම රටේ අනෙක් අයට පෙන්නන්න ගිය එක වැරදියි. (නි)
මොකද්ද ඒ අගමැති ප්‍රශ්නේ (දී)
මේක ගැන මම හිතන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙසයි. (නි)
පොලිස් ලොක්කෙක් ගේ පුතෙකුට හෝ ප්‍රසිද්ධ කෙනෙකුට ගැහුවම නේ පත්තරේ හරි යන්නේ. අහිංසක මිනිස්සු කී දෙනෙකුට ඇමති පුත්තු කරදර කරනවා ඇති ද. ඒවා ප්‍රසිද්ද වෙන්නෙත් නැහැනේ.(නදී)
මේ ප්‍රශ්නය අලලා නොහොබිනා චෝදනා කරන්න එපා (දී)
කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවද? නැත්නම් එක කොල්ලෙකුට කොල්ලන් පිරිසක් ගහලා තියෙනවද? එහෙමත් නැත්නම් එක කොල්ලෙක් කොල්ලන් පිරිසක් ලවා තමාටම ගහගෙන තියෙනවද? (නි)
මේ ප්‍රශ්නේ කොතනද වැරැද්ද තියෙන්නේ (දී)
පුතා වරදකරුනම් නිසි දඬුවම් දෙන්න කියාපු එක ආදර්ශමත් වැඩක් (දී)
දහම් කියලා කියන්නේ ධර්මයේ හැසිරෙන නිසා වෙන්න ඇති. (නි)
ගරු ඇමතිතුමනි, කෙසේවෙතත් ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන්නේ කෙසේදැයි පුතාට ඉගැන්විය යුතුයි. (නි)
තාත්තාගේ බලය පාවිච්චි කරන්නේ පුතානේ (දී)
මොකද්ද ඒ කතාව (දී)
මේ ගැටලුව ගැන තවත් සොයා බැලිය යුතුයි. (නි)
මේ සිද්ධිය සාමාන්‍ය පුද්ගලයකුට වුනානම්... ඔහු ඇමති පුතෙක් හෝ වෙනත් උසස් නිලධාරියකගේ පුතෙක් නොවුණා නම්... මොනවා වෙයිද? (නි)
තාත්තා මොනවා කරන්නද (දී)
අගමැති නම මේ දවස්වල නිතරම කතා වෙනවා (දී)
මම කියලා මොනවා කියන්නද (දී)
ඇමති තුමා කියන තර්ජන මොනවද (දී)
ළමයි ළමයිම විසදා ගද්දෙන් (දී)
මට මොකුත් මතක නැහැ (දී)
ඇමතිතුමා පවු! (නි)
දැන් ඉතින් කාටවත් දොස් කියලා පලක් නැහැ.(නදී)
ඒවා හරි නැති වැඩ (දී)
අයියෝ දැන් මොකද කරන්නේ (දී)
කරන දෙයක් පරිස්සමෙන් (දී)
පියවරුන්ගේ බලය අනිසි ලෙස යොදා ගැනීමක් (දී)
මදැයි වෙච්ච දේ (දී)
ජෙෂ්ට ඇමති කෙනෙක්ගේ පුතෙක් නේද මේ (දී)
මෙහි සත්‍ය දන්නේ කොල්ලෝ දෙන්නා විතරයි. නිකන් නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා.(නදී)
මේ වගේ වැඩ නීති විරෝධී වැඩ නොවෙයි කියලා කියයිද දන්නේ නැහැ (දී)
අයි. ඕ. සිරිසේන. (දී)
මොකද්ද මේ වැඩේ (දී)
අනේ අපි මොකටද නිකන් අපේ ලේ පුච්චා ගන්නේ? (නි)
ඇමතිතුමාගේ පුතා අහිංසක ඇති. (නි)
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
රට හදන්න ප්‍රථම තමන්ගේ දරුවන් යහපත්ව හැදිය යුතුයි. (නි)
පොලිස් පුතා එයාටම ගහගත්තාදෝයි මට දැන් හිතෙනවා. (නි)
අමිමො! මේ සිද්දිය පිටිපස්සේ තියෙන දේවල්.(නදී)
ඇමතිතුමාලට ළමයි හදන්න විතරයි පුළුවන් හොඳ නරක කියා දෙන්න වෙලාවක් නැහැ. ඒ එයාලා කාර්යබහුල අය නිසා (ස)
හැමදාම මොකාක් හරි කතා කරන්න පුළුවන් දෙයක් ලංකාවේ තියෙනවා (දී)
මෙතන තියෙන්නේ ළමයි ළමයි ප්‍රශ්නයක්ද , තත්තා තාත්තා ප්‍රශ්නයක්ද (දී)
මේ ප්‍රශ්නයත් සමග මෛත්‍රී සහ දහම් යන නම් වල ඇති සම්බන්ධය කුමක්ද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)
අනේ මන්දා, මට මොකුත් කියන්න බැහැ (දී)
කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
ඔක්කොම තරහා පිට කරනවා වගේ (දී)
දන්නෝ ඇත්ත දනිති. (නි)
ළමයි බේ ප්‍රශ්න වලට තාත්තලා ගාව ගන්න එපා (දී)
අනුමත කරන්න බැහැ (නි)
එනකොට ප්‍රශ්න එන්නේ පෝලිමේ (දී)
පුතාගේ දේවල් වලට තාත්තාව ගව ගන්න එපා (දී)
ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒකයි මේවගේ දේවල් ඇති වෙන්නේ (දී)
සමාජයේ ප්‍රශ්න නැතිවට (දී)
ඇමතිතුමා වෙලා මෙහෙම නම් අගමැති වුණා නම් මොනවා වෙයිද? (නි)
බැරි වෙලවෙත් අපි වගේ අසරණ මිනිහෙකුට ගැහුවහම අපියි කියලා මොනවා කරන්නද? (නි)
මටත් දැන් හිතෙන්නේ මේක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් (නි)
දෙමාපියන්ට බලය, ධනය කොතරම් තිබුණත් ඉන් දරුවෙකුගේ යහපත් චරිතය ගොඩනගන්න බැහැ. (නි)
පහත තැනින් යයි ගලා ජලේ (දී)
ප්‍රාදේශීය මන්ත්‍රීලා නීතිය අතට අරගෙන කරන දේවල් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීලා මොනවා කරන්නද? (නි)
මේ ඇමතිතුමා කියලා තියන්නෙත් අරයා කියපු දේමනේ. එයත් කිව්වේ කොලු කමට ගහගත්තට ඒක ගණන් ගන්න එපා කියලනේ. අර කියමනක් තියෙනවනේ මිනිසෙක් ඝාතනය කළත් ඔහුගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා. ඒ නිසා ඇමතිතුමාට දොස් කියන එකත් වැරදිඑ යි. ( මේ මගේ අදහස . ඕනෑ කෙනෙකුට එකග වෙන්න , නොවෙන්න පුළුවන් ) (නි)
ඇමති පුතුන් දැනගන්න ඕනෑ තමන්ගේ දෙමවුපියන්ගේ ප්‍රතිපත්ති විනාශ නොවෙන විදියට වැඩකරන්න. (නි)
දෑන් රටේ නීති හදන්නේ ඇමති පුතුන්ද? (නි)
එතකොට ඒ තරුණයාට දැඩි සත්කාර ඒකකයේ ඉන්න ගැහුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින්ද? (නි)
"මුහුදු වෙරළෙදි කොල්ලන් පිරිසක් ගහගෙන තියෙනවා. ඒක එතැනින් ඉවරයි." ඒඅසරණයා ගුටි කාලා මැරුණා නම් එතකොටත් ඒක එතැනින් ඉවරයිද? (නි)
අමිල , ඔතනදි මේකනේ වෙන්නේ අපි වගේ පොඩි යට එකට ශක්තියක් ඇති කියල මම හිතන්නේ න .
ඉහළම තැන සිට පහළම තැනට ගත්තොත් වැඩිහරියක් අද ඉන්නේ චණ්ඩියෝ. (නි)
එතනත් අගමැති කම (දී)
තාත්තා කියුවානේ වරද කරුනම් ඕනෑම දඩුවමක් දෙන්න කියලා, තව මොකටද ඒ මනුස්සයාට් කැගහන්නේ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. බරපතල ලෙඩෙක් රෝහල් ගත කරලා ඉන්නකොට, ලෙඩා රෝහලෙන් පිට වෙනකල් හදිසි අනතුරකදීවත් ඇප දෙන්නෙ නැහැ නේද? (නි)
විනයගරුකව පුතා හදාගත්තා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)
අපිට නම් දෙයිද පොලිස් ඇප? (නි)
මම ගැහුවෙ නැහැ... මට මතක නැහැ... ඔච්චරයි අන්තිමට වෙන්නේ. (නි)
මොනවා නැතත් තමන්ගෙ පුතාව හදාගන්න ඕනෑ නේද? (නි)
ගොඩක් ඇමතිවරුන්ගේ පුත්තු දගකාරයි. ඒත් බලන්න අපේ ජනාධිපතිතුමාගේ පුතුන් කොපමණ වැදගත් විදියට සිටිනවාද කියලා. (නි)
කොල්ලෝ පිරිසක් එකතුවෙලා තනි කොල්ලෙකුට ගහන එක වැරදියි. (නි)
ගොඩක් ඇමති පුතුන් වගේම ඇමතිවරුත් උපාසක බළලුන් තමයි. (නි)
මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යතුමාට මාධ්‍ය කරන විනාශය නම් හරිම කණගාටුදායකයි. (නි)
අනවශ්‍ය දේවල් වලට කට දානවට මේවා හොද පාඩම් (දී)
වැදගත් ළමයි රණ්ඩුවලට පැටළෙන්න යන්නෙ නැහැ. (නි)
බොහොම ලැජ්ජයි. තරාතිරම නොබලා ගතයුතු ක්‍රියාමාර්ග ගන්න. (නි)
දැන් එතකොට කවුද වැරදි ? (ස)
දෙමවුපියන් කාටත් තමන්ගේ දරුවාව වටිනවා. (නි)
හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ... (නි)
ළමයින්ගේ ප්‍රශ්න වලින් කරදර විදින්නේ තාත්තලා (දී)
නොසැළී ඉන්න ඇමතිතුමනි. (නි)
දැන් මේවා අහලා පුතා ආයිත් රෙදි නැතුව ඉදීද දන්නෙ නැහැ. (නි)
ඔය විපක්‍ෂෙ අය අද බොරුවට කෑගැහැව්වාට ඒ අය බලයට ආවාමත් කරන්නේ ඔය ටිකම තමයි. (නි)
මොකද දැන් කරන්න හිතන් ඉන්නේ (දී)
වෙන වැඩ නැහැනේ ඒකයි (දී)
මොන වරද කළත් කාටත් තමන්ගෙ ළමයි වටිනවා. ඒකට දේශපාලකයො, සාමාන්‍ය ජනතාව කියලා වෙනසක් නැහැ. (නි)
ඇයි මේ පැය 48 නීතිය මේකට පටලවා ගන්නෙ. ඒක ක්‍රියාත්මක වෙන්නෙ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම් වැනි බරපතල අපරාධ කළ සැකකරුවන්ට. (නි)
වැරැද්දක් කරන්න හොදයි. මාධ්‍යවල යන්න නරකයි. (නි)
අනේ මන් දන්නේ නෑ මේවා.... අපි සාමාන්‍ය මිනිස්සු... (ස)
මේ හෙළයින්ගේ රටේ ඇමති පුතෙක් නිරුවතින් සිටීම වරදක් නොවේ. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන්... නුඹට ඕවා හොද පාඩම්... (නි)
අන්න ඒ වැඩේ නම් වැරදි (දී)
තුවාලකාරයා පහරදීපු පුද්ගලයන්ව දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්විය යුතුයි. නමුත් විත්තිකාරයාගේ තාත්තා පොලිසියේ ඇප දෙනකම් වාඩිවෙලා ඉඳලා පෙරට්ටුවක් නැතිව ගෙදර අරගෙන යනකොට තව මොන බලපෑම්ද ? (නි)
ඇමතිතුමාට තියෙන්නේ මේවගේ පුතෙක් හදපු එකග ැන ප්‍රසිද්ධියේ මහජනතාවගෙන් සමාව ඉල්ලන්න. ඒකයි මහත්මා දේශපාලනය කියන්නේ. මොකද අම්මලා තාත්තලා ළමයින්ට කියලා දෙන්න අවශ්‍යයි බලය ඇති අය වගකීමේන් ආදර්ශමත්ව හැසිරෙන විදිය! (නි)
බලාගෙන යනකොට මෙතුමා විතරනේ හොද කෙනෙකුට ඉන්නේ. (නි)
මෛ්වගේ දේවල් වලින් අපේ මහජනතාවට එපා වෙනවා හැම කෙනෙක්ම (ස)
අයියෝ! (නි)
අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ද? මේක දැන් සෑහෙන කාලෙක ඉඳන් ගහන පදයක්නේ, මට නම් මේකට නටලා, නටලා ඇතිවෙලා. වෙන එකක් ඇත්තෙම නැද්ද? (නි)
අනේ අපේ ඇමතිතුමාව බේරගන්න කවුරුත් නැද්දෝ... (නි)
ඇයි ඇමතිතුමා මරන්න බලාගෙන ඉන්න අයව පොලිසිය අත්අඩංගුවට ගන්නෙ නැත්තේ? (නි)
නියම කතාව. කදුළු හැලෙන්න දුන් කතාවක්. (නි)
අපේ කැළණිය පැත්තෙ හිටපු කෙනාට මේ ප්‍රශ්නය විසදන්න දෙමු. (නි)
15 දෙනෙක්ගෙන් ගුටි කැවා නම් මෙයාගේ තත්ත්වය මීට වැඩිය බරපතළ වෙන්න ඕනෑ. ඒ නිසා මේ චෝදනාව ගැන මට සැකයි. (නි)
දැන් මොකද කරන්නේ (දී)
ඇමති උනත් ප්‍රශ්න ඇති වෙනවා (දී)
වෙන කෙනෙක් ලවා බලපෑම් කළෙත් නැද්ද... විශ්වාසද? (ස)
ඇමතිලා කරන හොද මාධ්‍යයට දාන එක හොද වැඩක් නම්, ඇමති පුතෙක් මෙහෙම වැඩක් කළ එක මාධ්‍යයට දාන එක කුමන්ත්‍රණයක්ද? (නි)
එතකොට අර පැය 48 නීතියට මොකද උනේ (ස)
ඒක හොද නැහැ (දී)
මේ වැරැද්ද කළ පළමුවැනියා මේ ඇමතිතුමාගේ පුතා විතරක් වගෙයිනේ කට්ටියගේ කතාව. (නි)
අනේ මොන විකාරද මේ (දී)
දැනවත් තේරෙනවනේ ව්‍යාපෘතිය මොකක්ද කියලා.(නදී)
ඒ මොකටද (දී)
ඔන්න වැඩ (දී)
කාටද අපි වැරදි ,කියන්නේ උනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ (දී)
අයියෝ මෛත්‍රී (දී)
අයියෝ සල්ලි (දී)
අන්තිමේදි කවුරුත් කියන්නේ ඔහොම තමයි... මම ගැහුවෙ නෑ... මට මතක නෑ... අයියෝ සල්ලි... (ස)
ඇමති බලය ඇති අය කළ යුතු වන්නේ ආදර්ශමත්ව හැසිරෙන විදියට පුතාලා හැදීමයි. සිද්ධියට සමාව ඉල්ලන්න. නිකන් නැති ප්‍රශ්ණ ඇති කරන්න එපා. මහත්මා දේශපාලනය කියන්නේ ඒක තමයි. (නි)
පුදුම වැඩක්, මීට කලින් කොල්ලෝ වැල්ලේ ගහගෙනම නැත්ද? පොලිසි ගිහින් සමාදාන කරගෙන නැත්ද? (ස)
වැරදි කරන්න ඕනේ මිනිස්සුන්ගේ හිතවත් කම බලන්න (දී)
ඇමතිකෙනෙකුගේ පුතෙක් කියලා තරුණකම අඩුවෙන්නේ නැහැනේ. එයාලත් අපේ රටේ දරුවෝ. මේ වගේ දේවල් සාමාන්‍යකරණය කරන්න වෙනවා.(නදී)
අනේ මේ පොඩි කොල්ලෝ දෙන්නෙක් ගහගෙනනේ... (නි)
තාත්තා තමයි අන්තිමට වැරදි මෙතන (දී)
අනවශ්‍ය ප්‍රශ්න ගාව ගන්න එපා (දී)
ළමයින්ගේ වැරදි වලට දෙමාපියෝ වන්දි ගෙවන්න ඕනේ. (දී)
ඔයිට කලින් සිද්දි මතකයි අපිට (ළමයි ළමයි ගහගත්තු වෙලාවල් ) (දී)
ඔයා හොදයි. අපි තමයි මෝඩ. (නි)
මමනම් මොකුත් කියන්නේ නැහැ ඔන්න (දී)
ඒ වැඩේනම් හරි නැහැ නේ ද (දී)
මට දරුවෝ ධාර්මිකව හදාගෙන්න බැරිවුණොත් මට නම් ඒ ගැන ලැජ්ජයි. බලන්න අපේ ජනාධිපතිතුමාගේ දරුවෝ දිහා. අපුරුවට ඉන්නේ... (නි)
අනේ මම දන්නේ නැහැ මේවා. අන්තිමට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.... (නි)
මේක මහ කුමන්ත්‍රණයක්ද කොහෙද? මට පෙනෙන්නෙ ඉන්දියාවත් සම්බන්ධයි. (නි)
කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුණා ආයුබෝවන්න (අ)
මොකද මේ ප්‍රශ්න වලට ඇමති පුත්තුම පැටලෙන්නේ (දී)
අයියෝ! (නි)
අවස්තාව ආවහම හැම පැත්තෙන්ම ගහනවා (දී)