සිය මහළු මව්පියන්ට පහරදී , මවගේ ගෙළ මිරිකා බිම දිගේ ඇදගෙන ගොස් දෙදෙනාම නිවසේ කාමරයක් සිරකර මරණීය තර්ජනය කළැයි කියන රොබට් රසල් රොඩ්රිගු නම් පුතෙක් ජනවාරි 31 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක දොරගුළු ලා සිරකර සිටි මව්පියන් මුදාගත් ගල්කිස්ස පොලීසිය 64 හැවිරිදි මවගේ පැමිණිල්ලක් අනුව සැකකාර පුතා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව සෞදියට යැව්වනම් මොකද? (ත)
මේ දෙමවුපියෝ සංසාරේ ලොකු පවක් කරන්න ඇති මේ වැඩේ නන්දිත පුතෙක් හදන්න (දී)
කියන්න වචන නැහැ දෙයියනේ (දී)
නූතන අජාසත්වයෙක්. (නි)
දේවදත්ත පරපුරේ කෙනෙක් නේද? (නි)
හැබැයි ඇතුළට ගියාට පස්සේ කට්ටිය අයියට නියමෙට කිරි පොවයි. (නි)
දෙමව්පියන් අවුරුදු 100 ක් කර මත තබාගෙනත් ඇප උපස්ථාන කලත් ණය ගෙවන්න බෑ කියලා බුදු බණෙහි තියෙනවනේ (ස)
දැන් මහගෙදරින් හොදට කෑම ලැබෙනවා ඇති. (නි)
පව්කාර පුතෙක්. උපරිම දඩුවම් දෙන්න. (ත)
මේ වගේ අජාසත්තලට මේ ආත්මයේදීම දඩුවම් ලැබේවි (ස)
ලංකාවේ නීතියට කරන්න පුළුවන් දේයක් නෑ වගේ (ස)
පුතුන් දූවරුන් මෙසේ නොවීමට ඔවුන් තුළ ගුණධර්ම ඇති කළයුතුයි. දරුවන්ට හොඳ නරක කියාදීමට වෙලාවක් නැති රේස් එකේ දුවන, මවුපියන්ට හොඳ පාඩමක්. (නි)
මේ වැඩවලට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න. (ත)
මෙයා පුතෙක් නෙමෙයි යකෙක්. හැබැයි මෙයා බිරිඳටනම් බය ඇති. (ත)
කුඩුකාරයෙක්ද? (ත)
ලලිත්, අපි බිරියගෙන් අහලා බලමුද? (නි)
මේ පුතා ලබන ආත්මෙදි අරාබියේ ඔටුවෙක් වෙලා නවතීවි (ස)
මහම මහ පව් කාරයෙක් මෙයානම් (ස)
ඒ මිනිහට රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ (දී)
දණගාද්දි ඇවිදින්නට මට අත දුන්නා... (නි)
මනුස්‍යයාගේ අවාසනාව සහ මානසික අසහනය පෙන්නුම් කරන කැඩපතක්. විවිධ රෝගාබාධ නිසා කාලෙකින් රෑකියාවක් කීරීමට අපහසු වුණ කෙනෙක්. ආශාවන් නොලැබීම අවාසනාව සහ මනස පාලනය කළ නොහැකි වීම කියන කරුණු නිසා මේ දේවල් වෙන්න ඇති. (නි)
මෙයා මව් කිරි නෙමෙයි පොල් කිරි බීලා තියෙන්නේ (ස)