පසුගිය දෙසැම්බර් 19 වෙනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට හුස්ටන් දක්වා ගමන්කළ ගුවන් යානයේ සිටි මගියකු වූ මව්රිස්සියෝ රුවිෂ්ගේ වීඩියෝ කැමරාවට අහඹු දර්ශනයක් හසුවිය. මෙම එළිය පිටසක්වල යානයකට සමාන යැයිද තම වීඩියෝ පටයේ මුල් පිටපත ඇමෙරිකාවේ මධ්‍යම ගුවන් ගමන් ආයතනයට යැවූ බව මව්රිස්සියෝ රුවිෂ් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට මානසික ලොඩක්ද කොහෙද (ස)
ඒ යානෙට යන්න ඇරලා ඔයාලා යන ගමන ඔයාලා යන්න (ස)
අපේ අයගේම වැඩක්ද කොහෙද?(නු)
පිටසක්වල ජීවීන් ලෝක සවාරියක් ගිහින් වෙන්න ඇති (ස)
අයියෝ ඔය ලංකාවෙන් යවපු සැටලයිට් එකනේ (ස)
තනිකර බොරුවක්නේ මේ .ගුවන්යානය කොච්චර වේගයෙන්ද යන්නේ . ඔය කියන යානය ඊටත් වඩා වේගයෙන් යනවා ඇති . මෙච්චර වෙලාවක් ජනේලය ගාව ඕක පේන්න විදියක් නෑනේ (ස)
ලෝකෙ විනාශ උනේ නැති උනාට මෙයාලාගේ හොදටම මනස විකෘති වෙලා වෙන්න බැරිද?(නු)
ලංකාවෙත් පිටසක්වල යානාවක් අව පුවතක් එහෙම නැද්ද රූප රාමු සමග...!(නු)
බලන්න ආසයි තව විඩියෝ නැතිද?(නු)
කාටද මේවා පේන්නේ (ස)
පිටසක්වලත් ප්‍රශ්ණ ඇති.. ඒ නිසා ඒ ඇත්තොත් මේ පැත්තට එනවා..!(නු)
මේක ප්ලේන් එක ඇතුලෙ පරාවර්තනයක් නෙවෙයි,ඒක ඔප්පු කරන්න තමයි මේක රෙකෝඩ් කරපු කෙනා අතක් එහා මෙහා කරන්නෙ.කොහොම උනත් ගුවන් පාලන මධ්‍යස්ථානයකට මේ අද්භූත යානය ගැන වාර්තා වෙලා නැත්නම් පුදුමයි. (ස)
මමත් විශ්වාස කරනවා ඒ කාරනාව (දී)
මමත් කියනවා ඒක පිටසක්වල යානයක්
වෙන්න පුළුවන් (දී)
අයියෝ මේක මේ වීදුරුවෙන් පේන ගුවන් යානය ඇතුලෙම තියෙන ආලෝකයක්නෙ..!(නු)
මේ ආලෝකය ඉගිලෙන වස්තුවක් නොවේ. (නි)
පිටසක්වල යානා ඔක්කොම වෘත්තාකාර ද? මේක ඇත්ත වුණත් මේ විඩියො එකෙන් මොකක්ද කරන්න පුලුවන් පර්යේෂණය? (නි)
අනිත් පැත්තේ හිටපු කෙනා රීඩින් ලයිට් එක දාගෙන හිටියද දන්නෙ නැහැ. (නි)
වෙන්න පුළුවන්
ඇයි දෙයියනේ! අපිට පුලුවන් නම් පිටසක්වළ යන්න, ඒ අය මෙහේ ආවහම මොකද වෙන්නේ? (නි)
ඇත්තටම මොකද්ද ඒ.. (ස)
ගුවන්යානයේ පයිලට් මේක දැක්කෙ නැතුව ඇති නේද ? (ස)
පිටසක්වල ජීවින් දන්නවනම් අපේ රටේ මේ දින වල එයාලට තියෙන ප්‍රසිද්ධිය ,ජනප්‍රියත්වය එයාලට මොනවා හිතේවිද ? (ස)
එයාට මැජික් වගේ ඇති (ස)
ඔය පිට සක්වල ජීවීන් එනවනම් එයාල අඩුම තරමින් අපි වගේ වත් දියුණු සත්ව කොට්ඨාශයක් වෙන්න එපාය. එහෙම නම් මේ පොළොවේ දියුණු ජීවියෙක් ඉන්න බව ඔවුන් හඳුනා ගන්නවා. එනිසා අපි සමග යම් සම්බන්ධතාවයක් ගොඩ නගාගන්න උත්සාහ කරනවා මිසක් ඔහොම එහෙන් මෙහෙන් එබිකම් කරලා පැනල යන්නේ නෑ. තවම යන්න බැරි වුනත් දුර තියෙන ග්‍රහ වස්තුවක ජීවීන් සිටී නම් ඔවුන් සමග සන්නිවේදනය කරන්න මිනිසා දැනටමත් බොහෝ උත්සාහ දරා තිබෙනවා. ඒ නිසා ඔය පිට සක්වල ජීවීන් හොරෙන් ඇවිත් පලා යන කතා සේරම පුද්ගල මනෝ රුප දෘෂ්ඨි මායා වගේ තත්වයන් පමණයි. (ස)
මේක ඇස් දෙකෙන් දැක ගන්න නැති නිසයි පිළිගන්න අමාරු (ස)
ඇමරිකාවෙන් අහලා වැඩක් නෑ ඕවා (ස)
වෙන්නත් බැරි නැහැ (දී)
ඒක සමහරවිට යානාවේ තටුවේ කෙළවර ඇති විදුලි බුබුල වෙන්න ඇති. (නි)
මිනිස්සු නොමග යවන වැඩක් අනේ .හරි දැන් පිටසක්වලින්මයි ආවේ කියමුකෝ . දැන් අපි මොනවද කරන්න ඕනි (ස)
මෙච්චර වැඩ තියෙන රටේ අපිට ගොඩක් දේ තියෙනවා කරන්න (ස)