සිනමාව නම් විසල් අහස් තලය මත එදා මෙදාතුර ඇය තරුවක්ව දිලිසුනාය. දෙස් විදෙස් සම්මාන ඔස්සේ සිනමාව නම් නිලඹර කීර්තිමත් ප‍්‍රශංසා වැස්සකින් තෙමාලූ ඇය මෙරට සිනමාව වෙනුවෙන් කළ අනුපමේය මෙහෙවර කිසිදා අපට සුළුකොට සිතිය නොහැක්කකි. හෙළ නිළි රැජින ලෙස සුවහසක් ලාංකීය සිනමා පේ‍්‍රක්ෂකයන්ගේ නොමඳ ගෞරවයටත්, ආදරයටත් පාත‍්‍ර වූ ඇය මාලිනී ෆොන්සේකාය. මගේ කතාව මෙවර ඉඩහසර අප වෙන්කළේ හෙළ සිනමා නිළි රැජිනවූ මාලිනියන්ගේ කතාවටය. ඇල්වලගේ සීලවතී සිල්වා මාතාවගේ කුස වන්නි ආරච්චිගේ ගිල්බට් ෆොන්සේකා පීතෘවරයාගේ ලෙයින් විකසික මල් කැකුළ 1947 අපේ‍්‍රල් 30 වැනිදා කැලණි ගඟ මායිම්ව පිහිටි සුන්දර පෙදෙසකදී ලොවට විකසිත වූයේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා යන නමිනි. ගිල්බට් ෆොන්සේකා මහතා රජයේ මුද්‍රණාලයේ ෆෝමන්වරයකු ලෙස රැකියාව කළේය. මව රැකියාවක් කළේ නැත. මාලිනිය මෙලොවට සපැමිණෙන්නට පෙර ඇගේ මව් තොමෝ පුතුන් දෙදෙනෙක් ලොවට බිහිකර සිටියහ. බක්මහ අකුණු පුපුරා යමින් මහවැහි ඇද හැලෙමින් තිබූ සමයක උදෑසන 9 පසුවී විනාඩියක් ගෙවුණු සුබ නැකතේදී හුරුබුහුටි දියණියක තම ළමැදේ උණුහුමට තුරුල් කර ගන්නට තරම් සීලවතී අම්මා භාග්‍යවන්තියක වූවාය. ‘තුන්වැනි කෙල්ල වාසනාවන්තයි.’ තම පළමු මිනිපිරියගේ සුරතල් මුහුණු ඉඹ ආදරය උතුරා යන දෑසින් බලමින් ඇගේ සීයා එසේ පැවසුවේය. එහෙත් නිල් පාට දෑස් හැර ලෝකය දෙස බැලූ පුංචි මිනිපිරිය යම් දවසක හෙළ සිනමාව බබලවන නිළිරැජිණක වන බවට ඒබ‍්‍රහම් සිල්වා නම් වූ ඒ සීයාට මොහොතකටවත් නොහැඟෙන්නට ඇත. මාලිනියගේ උපන් වේලාව නිශ්චය කර ගැනීමේදී ද පුංචි ගැටලූවක් මතු විය. ඒ කැලණි මිටියාවත ගොඩගලමින් ගලා ගිය ගංවතුරට හසුවීමෙන් නිවසේ ඔරලෝසුවේ කටු ගමන නවත්වා තිබූ හෙයිනි. බිලිඳිය ඉපදුණු වේලාව කීයදැයි නිශ්චය කරගන්නට හරිහැටි විදියක් නැත. වින්නඹු අම්මා පිළියමක් සොයන අදහසින් දෑස් ඔබ මොබ යැව්වාය. සීලවතී අම්මා කීවේ ආචිච්ලාගේ ගෙදරට ගිහින් වේලාව බලන්නට කියාය. දනිපනියේ දෙවරක් නොසිතා වින්නඹු අම්මා ආච්චිලාගේ නිවෙස වෙත දුව ගියාය. ඔරලෝසුව වේලාව සටහන් කර තිබුණේ උදෑසන 9.03 ලෙසිනි. හති වැටෙමින් දුවගෙන ආ වින්නඹු අම්මා බිලිඳියගේ මවගේ දෑස් දෙස බලාගෙන වේලාව 9.03 යි යනුවෙන් පැවසුවාය. සීලවතී මාතාව වේලාව නිශ්චය කළාය. යන්න විනාඩියයි. ‘‘එන්න විනාඩියයි. වින්නඹු අම්මේ විනාඩි දෙකක් මග හැරියම හරියටම කෙලි පොඩිත්ත ඉපදුණු වේලව උදේ 9.01 යි. සීලවතී මාතාව තම දියණිය උපන් වේලාව නිශ්චය කළාය. අපේ කෙලිපොඩිත්තිට නමක් තියන්න ඕනෑ. දුවලාගේ තාත්තේ වේලාවත් අරන් ගිහින් නමක් තියන්න හොඳ අකුරක් අරන් එන්න. සීලවතී මාතාව තම සැමියාට පැවසුවාය. ලියාදුන් අකුරු බලා ‘මා’ යන්නේ නමක් සොයදද්දී සීලවතී මාතාව තම බිලිඳියට නමක් යෝජනා කළාය. මාලිනී.... ඒ නම හොඳයි නේද? සියල්ලෝම ඒ නමට අනුමැතිය ලබාදුන්හ. නිල්වන් ඇස් ඇති, රෝස පෙති වගේ කොපුල් තල ඇති පැහැබර බිලිඳිය සියල්ලන්ගේම පපුතුර ආදරය දෝර ගලන වස්තුවක් බවට පත්ව සිටියාය. පුංචි කාලයේ මට මගේ අයියලා තරම් ළඟ දෙන්නෙක් තවත් හිටියේ නෑ. අම්මට තවත් දරුවෙක් ලැබෙන්න ආවම අය්යලා මාව හුඟක් ආදරයෙන් බලා ගත්තා. පුංචි කාලයේ මම හරිම දඟ මල්ලක්. අපි පුංචි කාලයේ හුඟාක් සෙල්ලම් කළා. මට තෑගි විදියට ලැබුණු බෝනික්කෝ එක්ක සෙල්ලම් කළා. පෙරහර ගියා. ඒ වගේම මම පුංචිකමට අයියලා එක්ක රණ්ඩු වුණාට ඒකාලේ අය්යලා එක්ක ඕනෑම දඟ වැඩක් කරන්න ඔට්ටුයි. මට මොනවා හරි ඕනෑ කියලා හිතුනොත් ඒ දේ ලබා ගන්නම තමා සටන් කරන්නේ. පුංචි කාලේ මම බිත්තියට පයින් ගහගහා මට ඕනෑ දේ ලැබෙන තුරුම මම අඬනවා. දැන්නම් ඒ අතීතය මතක් වෙද්දී ඒ දඟ මල්ල කරපු කියපු දේවල් මතක් වෙද්දී මට හිනහත් යනවා. ඒත් අම්මාගේ තාත්තගේ සහෝදරයන්ගේ ආදරය මැද්දේ මම ගෙවපු ඒ ජීවිතය හරිම සුන්දරයි. අපි ඔක්කොම පවුලේ නම දෙනෙක් හිටියා. 1952 වසරේදී ඇය මුලින්ම පාසල් ගියේ නුගේගොඩ ශාන්ත ජෝන් ප‍්‍රාථමික විදුහලටයි. මට මතකයි මගේ අම්මා මාව ඉස්කෝලේ එක්කර ගෙන ගිහින් මාව පන්තියටම ඇරලලා එන්න හදද්දී මම හයියෙන් ඇඬුවා. ගෙදරදී කොච්චර දඟ කළත් නැටුවත් මම ඇඬුවා. ඉතින් ඊට පසුව මගේ අම්මා මාව ටිකක් වෙලා ඉස්කෝලේ තියලා එහෙම ගෙදර එක්කරගෙන ආවා. ඒත් මම ඇඬුවේ එදා විතරයි. ඊට පසුව මම හුඟාක් ආසාවෙන් ඉස්කෝලේ ගියා, මාලිනිය පැවසුවාය. ඩොංකි මෝස්තරයට හිසකෙස් කපා ජපන් කෙල්ලකුගේ මෙන් සුන්දර මුහුණක් හිමි පුංචි කෙල්ල මාලිනිය පාසැල් හමාර වී ගෙදර පැමිණි වහාම කළේ තම අය්යලා දෙන්නා සමඟ එක්ව සෙල්ලම් කිරීමය. බිංකුංඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් පල්ලිය වත්තෙත් බල්ලෝ බුරාපිය.’ බිංකුණ්ඩෝ නටවමින් ළමා වියේ සොඳුරු බව හදවතට දැනෙන්නටම ආස්වාදනය කළ පුංචි දඟමල්ල කැලණිය ගුරුකුලයේ ශිෂ්‍යාවක් බවට පත්වූවාය. ඒ තුන්වැනි පන්තියේ ඇය ඉගෙන ගන්න සන්දියේදීය. පුංචි කෙල්ල මාලිනියගේ දෛවය ලියැවී තිබුණේ ඒ අනුව විය යුතුය. පුංචිකමට නැටුමට ගැයුමට ආදරය කළ මාලිනියගේ ජීවිතයේ තවත් පරිච්ෙඡ්දයක් අපි ඊළඟ සතියේදී කියවමු. (මනෝහාරී හේවාවසම්ගේ මාලනී - අභිනය පෙළහර නම් ග‍්‍රන්ථයද පාදක කර ගැනුණි)
සටහන - සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි කාලයේ මම හරිම දඟ මල්ලක්.මෙයා තාමත් දඟ මල්ලක්.
ඔබ අග්‍රගන්‍ය නිලියක් බව මුලු ලෝකයම පිලිගනී.එහෙත් අද ඉන්න තැන ගැන බැලුවොත් ඔබ දෙබිඩි චරිතයක් මෙතනත් රගපාන බව පෙනේ,එදා1977 දී ජේ.ආර්.මහත්තයා එක්‌ක රටවටේ ගියා.මතකද අගලවත්තේ රැස්‌වීමෙත් ඇවිත් කතා කලා.අද අනික් පැත්තේ නියෝජිත අත ඔසවන්නියක්,ඒ නිසා ඔබට තිබූ පැහැදීම අපි අතින් ගිලිහුනා මගෙ හිතේ,ඔබ හිතන්නේ ?මොකෝ ජීවත් වෙන්න බැරි කමක් නැහැනේ, බුද්ධිමතුන් අඩු වෙලාවේ ඔතනට ඒ අයට යන්න දිය යුතුයි මගෙ හිතේ, පොල්පිත්තක් වුනත් පන ලබන රු.25 බත් පත කන්න කවුද අකමැති නේද?
එදා ඔබේ සුන්දර රගපෑම් අපේ හිතේ තාමත් තියෙනවා
මම ගොඩක් ආසයි මේ ලිපියට..
එන්න විනාඩියයි.යන්න විනාඩියයි, හරියටම ඉපදුණු වේලව උදේ 9.01 නෙවේ 9.02............අනේද කියන්නේ?
දැන් දඟ නැද්ද..
අපිට ඔබ ගැන ආඩම්බරයි මාලි අක්කේ
අනේද කියන්නේ? අර අහවල් කතාව මතක් වෙනවා මට
ඔබ මට මදාරා මලකිය පිය ලදුනේ....
අනිත්‍ය වටහා ගැනීමට මේ රුප පෙළ කදිම උදාහරණයක්.
දේශපාලනයට ආවහම තමන්ට තියෙන තැනත් නැතිවෙනවා....
තාමත් ලස්සනයි...