දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තනය අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දෙවැනි දිනයේදී පාකිස්තානු පළමු ඉනිම ලකුණු 49 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ.
වසර 60 කට අධික පාකිස්තානු ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මීට පෙර 2002 වසරේ සාජාහිදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 53 ක දැවී යෑම පාකිස්තානයේ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 253
(හෂීම් අම්ලා 37, ජැක් කලිස් 50, ඒ. බී. ඩිවිලියස් 31, එෆ්. ඩූ. ප්ලීසිස් 41, උමාර් ගුල් 56/2, යුනයිඞ් ඛාන් 33/2, මොහොමඞ් හෆීෂ් 16/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 207 (ගේ‍්‍රම් ස්මිත් 52, හෂීම් අම්ලා නොදැවී 50, ඒ. බී. ඩිවිලියස් නොදැවී 63, උමාර් ගුල් 25/2)
පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 49
(අෂාර් අලී 13, මිස්බා උල් හක් 12, වර්නන් පිලෙන්ඩර් 25/2, ඬේන් ස්ටෙයින් 8/6, ජැක් කලිස් 11/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස ලැජ්ජාව මට නම් ඉවසන්න බැහැ.(නදී)
හැම වෙලාවෙම, පාකිස්ථානය හා ඉන්දියාව අපිට වඩා අඩු ලකුනු ගානකින් ඉනිම බිද වැටෙනවානම් එයයි මගේ සතුට.(නදී)
නියමයි, දකුනු අප්‍රිකාව මගේ සුභ පැතුම්.(නදී)
කව්රු මොනවා කිවිවත් පාකිස්ථානය අපිට මිත්‍ර රටක්. 96 ලෝක කුසලානය දිනාගන්න ක්‍රීඩා ලෝලීන් දක්වපු සහයෝගය ගොඩක් ඉවහල් වුනා. ආසියාවේ සෑම කණ්ඩායමක්ම ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි ක්‍රිකට් ලෝකය ගිගුරුම් දෙන්නේ.(නදී)
කොච්චර වුණත් අල්ලපු රටේ උදවියට වඩා පාකිස්ථානුවා අපිට හුගක් හිතවත්. (නි)
ක්රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්නේ. නමුත් කනවා කියලා ඔහොමත් කනවද? (නි)
අනේ සිල්වා, යුද්ධයේදී පාකිස්ථානය අපිට උදවු කළා කියලා කියන එක ඔයාට අමතකද? (නි)