දකුණු අප‍්‍රිකාව සහ පාකිස්තනය අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දෙවැනි දිනයේදී පාකිස්තානු පළමු ඉනිම ලකුණු 49 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ.
වසර 60 කට අධික පාකිස්තානු ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මීට පෙර 2002 වසරේ සාජාහිදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 53 ක දැවී යෑම පාකිස්තානයේ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම සියලූ දෙනා දැවී 253
(හෂීම් අම්ලා 37, ජැක් කලිස් 50, ඒ. බී. ඩිවිලියස් 31, එෆ්. ඩූ. ප්ලීසිස් 41, උමාර් ගුල් 56/2, යුනයිඞ් ඛාන් 33/2, මොහොමඞ් හෆීෂ් 16/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 207 (ගේ‍්‍රම් ස්මිත් 52, හෂීම් අම්ලා නොදැවී 50, ඒ. බී. ඩිවිලියස් නොදැවී 63, උමාර් ගුල් 25/2)
පාකිස්තානය පළමු ඉනිම සියලූ දෙනා දැවී 49
(අෂාර් අලී 13, මිස්බා උල් හක් 12, වර්නන් පිලෙන්ඩර් 25/2, ඬේන් ස්ටෙයින් 8/6, ජැක් කලිස් 11/2)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තානය ලකුණු 49 කට දැවීයයි
පාලිත-ඩුබායි Sunday, 03 February 2013 01:01 PM
වස ලැජ්ජාව මට නම් ඉවසන්න බැහැ.(නදී)
සිල්වා Sunday, 03 February 2013 01:04 PM
හැම වෙලාවෙම, පාකිස්ථානය හා ඉන්දියාව අපිට වඩා අඩු ලකුනු ගානකින් ඉනිම බිද වැටෙනවානම් එයයි මගේ සතුට.(නදී)
සිල්වා Sunday, 03 February 2013 01:20 PM
නියමයි, දකුනු අප්‍රිකාව මගේ සුභ පැතුම්.(නදී)
අතපත්තු Sunday, 03 February 2013 01:37 PM
කව්රු මොනවා කිවිවත් පාකිස්ථානය අපිට මිත්‍ර රටක්. 96 ලෝක කුසලානය දිනාගන්න ක්‍රීඩා ලෝලීන් දක්වපු සහයෝගය ගොඩක් ඉවහල් වුනා. ආසියාවේ සෑම කණ්ඩායමක්ම ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි ක්‍රිකට් ලෝකය ගිගුරුම් දෙන්නේ.(නදී)
දෝහා Sunday, 03 February 2013 01:54 PM
කොච්චර වුණත් අල්ලපු රටේ උදවියට වඩා පාකිස්ථානුවා අපිට හුගක් හිතවත්. (නි)
ඩෑම් Sunday, 03 February 2013 01:56 PM
ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්නේ. නමුත් කනවා කියලා ඔහොමත් කනවද? (නි)
රෝයි Sunday, 03 February 2013 02:41 PM
අනේ සිල්වා, යුද්ධයේදී පාකිස්ථානය අපිට උදවු කළා කියලා කියන එක ඔයාට අමතකද? (නි)