එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පොදු එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් කොළඹ මහා නගර සභා, නව නගර ශාලාවේදී නව සමසමාජ පක්ෂය නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, රුහුණු ජනතා පෙරමුණේ නායක අරුණ සොයිසා, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි, මුස්ලිම්, දෙමළ ජාතික සන්ධානයේ නායක අසාත්සාලි හා නිදහස් වේදිකාවවෙනුවෙන් එහි කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්වරු මෙම පෙදු එකඟතාවට අත්සන් තැබූහ. ප්‍රජාත්නත්‍රවාදය හා මූලික අයිතිය තහවුරු කරීම, නීතියේ සමානාත්මතාවය, හා මූලික අයිතිවාසිකම් රැක ගැනීම, දූෂණය වංචාව සහ අක්‍රමිකතාවය පිටු දැකීම, ඇතුළු ප්‍රධාන කරුණු හතක් යටතේ මෙම අවබෝධතාව අත්සන් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යා දෙක නොරත රත කිව්වලු.... (නි)
දේශපාලනයේදී ගිවිසුම් නොගහා නම් වැඩ කරන්න එපා (දී)
මොක්කුද මේ?(නදී)
දෙන්නන්කෝ සද්දයක් වලං පොඩිකරලා, නලා පිඹලා. (නි)
ප්‍රභාකරන් විතරයි සහයට අඩු.(නදී)
කලුගල් එක්ක හැප්පෙනවා නම් ඩයිනමයිට් වගේ තියෙන්න ඕනෑ. (නි)
පිස්සු නැත්නම් ෂෝක් කිවුවලු. (නි)
කෙසේ හෝ පුලුවන්නම් කරන්නකෝ. එතකොට අපිටත් බලන්නන පුලුවන් මොනවද වෙනස් වෙන්නේ කියලා. (නි)
එකමුතු කම වැදගත් (දී)
පක්ෂ හතයි. ඡන්ද 150යි. මල් හතයි මෙයා....මාවත් ගන්නකෝ... (නි)
තවත් පුස් වෙඩිල්ලක්.(නදී)
වැඩක් තියෙන දෙයක්ද මේ?(නදී)
මළ කොටින් ප්‍රසිද්ධියේ සමරන්න එපා (නි)
බෝඩි ලෑලි හතක් සමග සන්දානගත වෙයි.(නදී)
මේ ගොල්ලෝ හැමදාම ගහන්නේ ගිවිසුම් විතරද?(නදී)
පාට පක්ෂ බේද නැතුව මේ වෙලාවෙ රට ගැන හිතන්න ඕනෑ. මිනිස්සු ජොබ් කරලා හම්බ කරලවත් ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. (නි)
ඔය දීගේ කවදා වෙනකල් කාවිද යන්නැයි මට ඇති සැකය වෙන්නේ. (නි)
ප්‍රභාකරන් වෙනුවට මේ එක්කෙනෙක් ඉන්නේ(නදී)
විපක්ෂ නායකයටත් ඇමති කෙනෙකුට වඩා වරප්‍රසාද තියෙනවා. මේ ගිවිසුම මගින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ විපක්ෂ නායක කම ජීවිතාන්තය දක්වා ආරක්ෂා කරගන්නද? (නදී)
හොද වැඩක්. ආන්ඩුවට දැනෙන විපක්ෂයක් ගොඩනැගීම තමයි අවශ්‍ය. (නි)
විපක්ෂ නායක තුමනි, මෙයාලා ගාවගත්තොත් තියෙන ඡන්ද ටිකත් නැති වෙයිද?(නදී)
ඒක ඇත්ත. මිනිස්සු දැන් වේල් 3 කන්න හොයාගන්නෙත් හරිම අමාරුවෙන්. (නි)
විපක්ෂයේ බලය පෙන්වන්න (දී)
අහවලා දිනුවා නම් අද රට සෝමාලියාවක් වෙලා. (නි)
ඔහොම යමුකෝ. දැනට ගග ගලන්නේ දිය කඩුල්ලකින්නේ. (නි)
ඇයි මේකේ ඇති වැරැද්ද? අද පවතින ආන්ඩුවෙත් පක්ෂ හැට හුටාමාරක් ඉන්නේ.(නදී)
මේවා පක්ෂද නැත්නම් බෝඩි ලෑලිද ? (නදී)
ත්‍රීවීල් එකෙන් යන්නත් කට්ටිය නැති පක්ෂ මේවා (ස)
2014 වෙනසක් (ස)
2010 චන්දෙ ඉවර වෙලා යු.ඇන්.පී එක කියුවේ අපි තනි පක්ෂයක් හැටියට තරග කරනවා මිසක් හවුල් ආණ්ඩු පිහිටුවන්න සුළු පක්ෂ එක්ක සන්ධාන ගත වෙන්නේ නැහැ කියලා. (නි)
අරයාව එකතු කරගෙන ඉන්නේ තමිල්නාඩු ඡන්ද ගන්නද? (නි)
විපක්ෂ නායක තුමන්ට ජය වේවා. (දී)
ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා නේ.(නදී)
ලබන සුමානේ වෙද්දී රජය පෙරළන්න පුලුවන් වේවි. (නි)
හේමකුමාර නානායක්කාර මහතාට ජය වේවා! (නි)
කුමක්ද අරමුණ? (දී)
දැලට අහුවෙලා ඉන්නේ පනින මාළු ටිකක්. කොයි වෙලාවේ පනීද කියන්න බැහැ.(නදී)
පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම එකට එක් වියයුතු කාලයකුයි දැන් ඇවිල්ලා තියෙන්නේ. (නි)
කෝ ෆොන්සේකා මහතා නැහැනේ .(නදී)
චතූ, කාලා බීලා ඉන්නවා කියන්නේ මොකක්ද? (නි)
පක්ෂයට වෙලා තිබෙන දේ මෙයින්ම පෙනෙනවා. (නි)
ලැබෙන ඡන්ද ටිකත් නැති කරගනියි වගේ. (නි)
තව ටිකයි අඩු... (නි)
පොදු විපක්ෂයක්ද (දී)
ආඩි හත්දෙනාගේ කැද හැලිය කව්රුත් දන්නවානේ. ඔහොම යං.(නදී)
ගියපාරනම් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුනේ පොන්සේකා. මෙයාලගේ ජනාධිපති අපේක්ෂකයා කවිද?(නදී)
එස්.එෆ්. දිනුවා නම් අද රටත් දිනුම්. අපිත් දිනුම්. අපේ අනාගත පරපුරත් දිනුම්. (නි)
ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ හිටිවී .(නදී)
කලුගල් එක්ක හැප්පෙනවා නම් ඩයිනමයිට් වගේ තියෙන්න ඕනෑ.ඒකට සුදුසු ම පුද්ගලයෙක් සිටිය යුතුයි. (ස)
පතෝල කියන්නේ හොඳ පෝෂණ ගුණයක් තියෙන කෑමක්. ඒත් මෙලෝ රහක් නැහැ. (ස)
හුරේ! පක්ෂ හතයි, අත් දාසයයි... (නි)
අපි නමකත් දාමු එක්සත් ත්‍රීවීල් පෙරමුණ (ස)
සංවිධානය කාන්තා පක්ෂයට දැන්මම තහනම්(ස)
මට යූ.එන්.පී.ය ගැන දුකයි. (නි)
පව් අනේ.. ඔක්කෝම බනින්නේ එයාටමයි. එයාටත් මහන්සි නැද්ද වලං පොඩිකරලා, පොළවල් වල ගිහින්, ගොන් කරත්ත වල ගිහින් ,මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැතිව නලා පිඹලා.. (නි)
අයියෝ! දෙයියෝ සාක්කි! (නි)
එහෙනම් ලබන මාසේ ආන්ඩුව පෙරලයි (ස)
ඔක්කොම එකතු කලොත් ඡන්ද 150ක් 200ක් විතර වැඩිවෙයි.(නදී)
ජයවේවා (දී)
මේ වගේ දේවල් තුලින් රටකට ශක්තිමත් විපක්ෂයක් හැදෙනවා (දී)
විපක්ෂය ශක්තිමත් කරන යන ගමනක් (දී)
ඒකාබද්ධ විපක්ෂයක් (දී)
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා නම් කෑගහන්න එපා ඔන්න. (නි)
මටත් හිතෙන්නේ පිටරට වලට වෙලා ඉන්නවට වැඩිය මෙහෙම කරන එක හොදයි. (නි)
සිංහල කොටියාත් ඉන්නේ.(නදී)
ඔන්න බලන්න හිමින් සැරේ නැගිටින හැටි සද්ධන්තයා(ස)
ගිවිසුම් ගහලද චන්දෙට එන්නේ (දී)
යූ.එන්.පී එකට තාමත් මිනිස්සු කැමතියි. හැබැයි මේ කට්ටිය එකතු වුනොත් වෙනසක් කරන්න පුලුවන්.(නදී)
කවුද මේකට ගිය අය? (නි)
ජනපතිතුමාට නියත ජය! (නි)
හොඳ අය යවලා ඕන නැති අය පිළිගන්නවා ....(ස)
අයියෝ! (නි)
නායකතුමා කරන හැම දේම වැරදියට දකින නිසා වරදින්නේ පක්ෂයට, එතුමට ශක්තියක් වෙන්න ඕන පක්ෂය දින වන්න නම් (ස)
මේ සැරේ කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)
ආඬි හත් දෙනාගේ කැඳ හැලිය නේද ? වෙන මොනවා කරන්නද ? (ස)
මෙලෝ රහක් නැහැ !!(ස)
විපක්ෂය ශක්තිමත් කරන්න එක්වෙලා (දී)
පොදු විපක්ෂයක් හදන්නද යන්නේ (දී)
නියමයි (දී)