(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කර අැත
මෙම අනුකාරක සභාව පත් කරනු ලැබ ඇත්තේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසිනි.
එහි සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතාට පවරා ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබූ අතර, එම රැස්වීමේ සභාපතිත්වය දරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාය.
නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම්, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් සහ ආයතනික අඩුපාඩු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මෙම අනුකාරක සභාව පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd