වසර 42ක පමණ කාලයක් ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ වත්මනෙහි අසනීප තත්වයෙන් පසුවන ප්‍රවීණ රංගධර නිහාල් ප්‍රනාන්දු ගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඒ මහතාගේ බොරලැස්ගමුවේ නිවසට ගියේය.
1973 වර්ෂයේ සුභ සහ යස නාට්‍යයෙන් නාට්‍ය ජීවිතය ආරම්භ කර ඇති නිහාල් ප්‍රනාන්දු මහතා දැනට හෘදයාබාධයකින් පෙළෙයි. දරු දෙදෙනකුගේ
පියෙක් වන ඔහු අද ඉතා අසරණ තත්වයකට පත්ව සිටී.
කලාවට ඇති ආදරය නිසාම 1996 වසරේ දී ඔහු ,අමාන්තය චිත්‍රපටය නිෂ්පාදනය කළේය. තමාට අයත් නිවසය බැංකුවට උගස්කර ලබාගත් මුදල ඔහු එයට
වියදම් කළේය. කාලයාගේ ඇවෑමෙන් අසරණ වූ නිහාල් ප්‍රනාන්දුට ජනමාධ්‍ය ඇමැතිවරයා ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහයෙන් මූල්‍යමය ආධාරයක්ද පිරිනමන ලදී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාව යහපත් එ්ත් බොරු කුමටද ....සංදර්ශන නොව වැඩ කරන්න (බ)
කැමරා සහ මාද්‍ය උපකරණ සමග මෙය සිදුවුන බව රුප රාමු වලින්ම පෙනේ. නිහාල් ප්‍රනාන්දු මහතාට අපි නිරෝගී සුවය පතමු.! (ර)
නිහාල් ප්‍රනාන්දු මහතාට 100 යි. ප්‍රදර්ශන වියදම 1000 යි (බ)
නිහාල්ට වඩා ඉහ වහා ගිය සතුටක්නේ මෙතුමාට තියෙන්නේ. (ර)
මේවා බලන සමහර අයගේ ඇහේ කටු ඇනෙන්න වගෙයි. අදහස් වලින්ම ඒ වග පෙනෙනවා. (නි)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඇත්තටම ඔහු බලන්න යාම අගය කරනවා. ඒක එතුමාගේ යුතුකමක්. (නි)
මහින්ද මහත්තය ඉස්සර දාපු ඇඩ් එක්ක මේවා මොනවද (රේ)
අගය කළ යුතු දෙයක් (ම)
මේ ගයන්ත ඇමැතිතුමාත් එක්ක ඉන්නේ කවුද කියා අපි දන්නවා... මෙයා ආන්ඩු මාරුවත් එක්කම සෙට් වෙලා,, දෙයියන්ගේ පිහිටයි ඈමතිට.... කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කෑවා.. තේ ශක්ති අරමුදල කෑවා.... හොයලා බලන්න... ජනතාවගේ මුදල් ඕවා.... ඔය දෑන් නිල් පාට ඇඳගෙන ඉන්නේ...(බ)
කව්රු මොනවා කිව්වත් මේක හොඳ සාධනීය ක්‍රියාවක් හැටියටයි මට නම් පෙනෙන්නේ . හිටපු ජනාධිපති මේ වගේ වැඩ කලා ඡන්ද කාලවලදී හුදු ප්‍රචාරය සඳහා , ඒත් ඡන්දයකුත් ළඟ නැති නිසා මෙය අවංකවම කරපු සත්කාරයක් නේද ? (ස)
සුජීගේ අදහස මම අගය කරනවා.හොරකම ඒකාධිපති පාලනයේ හෝ වේවා, යහපාලනයේ හෝ වේවා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. (නි)
අසරණ කෙනෙකුට පිහිටවීම හොඳ ක්‍රියාවක්. එයට ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ (නි)