දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (13) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙන නවසීලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියේය. ඒ අනුව නවසීලන්තය තවත් ලකුණු 247 ක් පසු පසින් සිටියි.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 153.5 කදී කඩුලූ 8 ට 525
(ගේ‍්‍රම් ස්මිත් 54, හෂීම් අම්ලා නොදැවී 110, ඒ. බී. ඩිවිලියස් 51, එෆ්. ඩූ ප්ලීසිස් 137, ඩියන් එල්ගර් නොදැවී 103)
නවසීලන්තය පළමු ඉනිම ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 121
(බී. ජේ. වෙට්ලින් නොදැවී 63, ඬේන් ස්ටෙයින් 17/5, ආර්. ක්ලින්වෙල්ට් 53/2, රොබින් පීටර්සන් 20/2) සහ දෙවැනි ඉනිම ඕවර 67 කදී කඩුලූ 4 ට 157 (මාටින් ගප්ටිල් 48, ඩියන් බ‍්‍රවුන්ලි නොදැවී 44, බී. ජේ. වෙට්ලින් නොදැවී 41, ආර්. ක්ලින්වෙල්ට් 31/2, රොබින් පීටර්සන් 29/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd