ඉන්දියාවේදී පැවැත්වෙන 10 වැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සුපිරි හය වටයේ සහභාගි වන පළමු තරගය ප‍්‍රබල නවසීලන්ත පිලට එරෙහිව මුම්බායිහිදී හෙට (08) පැවැත්වේ. මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.
තරගයේ සූදානම පිළිබඳව ලංකාදීප කළ විමසුමකදී ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවේ නවසීලන්ත පිලට එරෙහිව තරගය ජය ලැබීමට ශ්‍රී ලංකා පිල ඉතාමත් හොඳ මානසික සහ ශාරීරික තත්ත්වයක පසු වන බවයි.
”ඉන්දියාවට එරෙහිව ක‍්‍රීඩා කළ 11 දෙනාම මේ තරගයටත් ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. කොදෙව් තරගයේ පරාජයෙන් පසුව මද වේග පන්දු යවන උදේශිකා ප‍්‍රබෝධනී සහ පා දඟ පන්දු යවන ඉනෝකා රණවිර කැඳවීමෙන් සාර්ථක වීමට හැකිවුණා. ඒ නිසා වෙනසක් කිරීමේ බලාපොරොත්තුවක් නෑ.”
ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන නවසීලන්තය 2000 වසරේ නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් බවට පත්විය. නවසීලන්තය 1993, 1997 සහ 2009 යන වසර වලදී පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී අනු ශූරියන් බවට ද පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල මේ දක්වා නවසීලන්තය පරාජය කර නොමැතිවීම ද කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිලේ කළමණාකරු ඒ. ආර්. එම්. අරූස් මහතා පැවසුවේ ඉන්දියාව සත්කාරකත්වයේ වාසිය ද ඇතිව සිටියදීත්, ඉනිම ආරම්භයේදීම කඩුලූ තුනක් දැවීයෑමෙන් එංගලන්තය හමුවේ පරාජයට පත්වූයේ ද මෙම ක‍්‍රීඩාංගණයේ වීම නිසා දැඩි අවධානයෙන් මෙම තරගයට පිවිසෙන බවයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නවසීලන්ත තරගයට කණ්ඩායමේ වෙනසක් නෑ ශ්‍රී ලංකා නායිකා ශෂිකලා
අනුර Friday, 08 February 2013 12:53 AM
ජය ගන්නවාමයි. මගේ සුභ පැතුම් ඔබට! (නි)
හේරත් Friday, 08 February 2013 02:47 AM
දෙන්න නංගෝ පැලෙන්නම. ජය සිකුරුයි.(නදී)
තිසල් Friday, 08 February 2013 05:36 AM
මගේ රටේ දිරියවන්ත දූ දරුවන්ට මගේ සුභ පැතුම්.(නදී)
ලක්ෂමන් Friday, 08 February 2013 07:49 AM
සශිකලා ඔයා හරිම ලස්සනයි. ජය වේවා!(නදී)
තුෂාර Friday, 08 February 2013 07:56 AM
ගහමු කෙල්ලනේ. අයියලට බැරිවුන දේ නංගිලාවත් කරමු.(නදී)
සෙනෙවිරත්න Friday, 08 February 2013 08:40 AM
දයාබර නැගණියේ ශෂිකලා ඔබ ඇතුළු මුළු කණ්ඩායමටම මාගේ හෘදයාංගම සුබ පැතුම් , ජය වේවා කියා පතනවා (ස)
සම්පත් Friday, 08 February 2013 09:20 AM
ජය වේවා !!! (ස)
චමිලා Friday, 08 February 2013 09:20 AM
ඔයාලවත් කුසලානයක් ගේන්න .96 ලෝක කුසලානයෙන් පස්සේ 2013 ලෝක ශූරියේ වෙන්න. සුබ පැතුම් (ස)
නිත්‍යා Friday, 08 February 2013 10:20 AM
ඉදිරියටම යන්න, ජය ගත යුතුයි (ස)
තාලප Thursday, 07 February 2013 09:43 PM
තෙරුවන් සරණයි සහෝදරියේ ....! (ස)
ඉරෝෂන් Friday, 08 February 2013 12:49 PM
සැකයක් නැහැ. ඔබයි ලංකාවේ පළමු ක්‍රිකට් දක්ෂයින්, කාන්තා අංශයෙන්. (නි)