ඉන්දියාවේදී පැවැත්වෙන 10 වැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සුපිරි හය වටයේ සහභාගි වන පළමු තරගය ප‍්‍රබල නවසීලන්ත පිලට එරෙහිව මුම්බායිහිදී හෙට (08) පැවැත්වේ. මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.
තරගයේ සූදානම පිළිබඳව ලංකාදීප කළ විමසුමකදී ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවේ නවසීලන්ත පිලට එරෙහිව තරගය ජය ලැබීමට ශ්‍රී ලංකා පිල ඉතාමත් හොඳ මානසික සහ ශාරීරික තත්ත්වයක පසු වන බවයි.
”ඉන්දියාවට එරෙහිව ක‍්‍රීඩා කළ 11 දෙනාම මේ තරගයටත් ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. කොදෙව් තරගයේ පරාජයෙන් පසුව මද වේග පන්දු යවන උදේශිකා ප‍්‍රබෝධනී සහ පා දඟ පන්දු යවන ඉනෝකා රණවිර කැඳවීමෙන් සාර්ථක වීමට හැකිවුණා. ඒ නිසා වෙනසක් කිරීමේ බලාපොරොත්තුවක් නෑ.”
ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන නවසීලන්තය 2000 වසරේ නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් බවට පත්විය. නවසීලන්තය 1993, 1997 සහ 2009 යන වසර වලදී පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී අනු ශූරියන් බවට ද පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල මේ දක්වා නවසීලන්තය පරාජය කර නොමැතිවීම ද කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිලේ කළමණාකරු ඒ. ආර්. එම්. අරූස් මහතා පැවසුවේ ඉන්දියාව සත්කාරකත්වයේ වාසිය ද ඇතිව සිටියදීත්, ඉනිම ආරම්භයේදීම කඩුලූ තුනක් දැවීයෑමෙන් එංගලන්තය හමුවේ පරාජයට පත්වූයේ ද මෙම ක‍්‍රීඩාංගණයේ වීම නිසා දැඩි අවධානයෙන් මෙම තරගයට පිවිසෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ගන්නවාමයි. මගේ සුභ පැතුම් ඔබට! (නි)
දෙන්න නංගෝ පැලෙන්නම. ජය සිකුරුයි.(නදී)
මගේ රටේ දිරියවන්ත දූ දරුවන්ට මගේ සුභ පැතුම්.(නදී)
සශිකලා ඔයා හරිම ලස්සනයි. ජය වේවා!(නදී)
ගහමු කෙල්ලනේ. අයියලට බැරිවුන දේ නංගිලාවත් කරමු.(නදී)
දයාබර නැගණියේ ශෂිකලා ඔබ ඇතුළු මුළු කණ්ඩායමටම මාගේ හෘදයාංගම සුබ පැතුම් , ජය වේවා කියා පතනවා (ස)
ජය වේවා !!! (ස)
ඔයාලවත් කුසලානයක් ගේන්න .96 ලෝක කුසලානයෙන් පස්සේ 2013 ලෝක ශූරියේ වෙන්න. සුබ පැතුම් (ස)
ඉදිරියටම යන්න, ජය ගත යුතුයි (ස)
තෙරුවන් සරණයි සහෝදරියේ ....! (ස)
සැකයක් නැහැ. ඔබයි ලංකාවේ පළමු ක්‍රිකට් දක්ෂයින්, කාන්තා අංශයෙන්. (නි)