ඇමෙරිකා ඉතිහාසියේ ලොකුම සුළි කුණාටුවෙන් ඇමෙරිකිවේ වාණිජ අග නගරය වන නිව්යෝර්ක් නුවර අද පාළුවට ගියේය. සුළි කුණාටුවත් සමග ඇතිවූ මුහුදු හා ජල මාර්ග ගොඩ ගැලීමෙන් නිව්යෝර්ක් නුවර ගංවතුරක් ඇති විය. ලක්ෂ පහකට පමණ විදුහිලය නැති විය.
බැල්ටිමෝර්, ෆැලැඩෙල්ෆියා හා වොෂින්ටන් මේ කුණාටුවේ ගමන් මග බව කාලගුණ විද්‍යාඥයෝ කියති. එම ප්‍රදේශවලට දැඩි හිමපතනයක් ඇති විණි. දුම්රිය හා බස් සේවා ද පෙර දින සිටම නතර කර තිබිණි.
අඩි 13ක් උසට වතුර ගලා ආවේය. පාසල් වසා ගුවන් ගමන් 14000ක් අවංලගු කැරිණි.
පහළ මැන් හැට්න් පාරවල බෝට්ටුවල නැගුණු සහන සේවකයෝ විපතට පත්වූවන් මුදා ගැනීමට යුහුසුළු වූහ. නිව්යෝර්ක් නුවර මරණ දෙකක් වාර්තා විය. තට්ටු අනූවක සුපිරි මහල් නිවාසයක් කඩා වැටෙතියි බියෙන් එහි නේවාසිකයෝ ඉවත් කරනු ලැබූහ. ජනාධිපතිවරණයට දින නවයක් තිබියදී ඇතිවූ මේ ව්‍යසනයත් සමග ජනපති බරක් ඔබෝමා සහ ඔහුගේ ප්‍රතිවාදී මිට් රෝම්නි සිය ඡන්ද කටයුතු නවතා දැමීය.
නිව්යෝර්ක් කොටස් වෙළදපලද වසා දැමිණි. මීට පෙර එය වසා දැමුණු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වුණු දවසේය.
මේ කුණාටුවෙන් ඇමරිකාවට ඩොලර් කෝටි 2000ක් (රුපියල් කෝටි 264000) ආර්ථික පාඩුවක් ඇති වෙතියි ගණන් බලා තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුගේ විපතේදී අනුකම්පා නොකිරීම මනුසත්කමට නොගැලපේ..!(නු)
කොහේ උනත් මිනිස්සුනේ
ලොව කොතරම් බලවත් අය උන්නත් දවසකදී අසරණ වෙනවා. අපි එවිට ඔවුන්ට උදවු කළයුතුයි. (නි)
ඇමෙරිකාවට මේ වුණා මදි. (නි)
අපි අපි විසින්ම පරිසරයට කරන බලපෑම් වල ප්‍රතිඵල තමයි මේ... (නි)
ඇමෙරිකාවට දුක සහ සැප දෙනකොට උපරිමයෙන්ම දෙන්න ස්වභාව ධර්මය වගබලාගෙන තියෙනවා. (නි)
අපි මොනවා කරන්නද? (නි)
මෙය දෙවියන්ගේ කැමැත්ත කියනවනම් අපි මොනවාකරන්නද? දෙවියන්ගේ කැමැත්තට ඉඩදී බලාසිටිමු. කාටකියන්නද ලෝකෙම ලොක්කට මෙහෙම උනේ.(නු)
හේමන්ත ඔයා කියනදේ මට නම් තේරෙනවා ඔයා හරි..!(නු)
හේමන්ත , අනේ තියෙන වැඩක් බලාගන්න (ස)
ලෝක විනාශය
ඉක්මනට හොඳ අතට පත්වෙන්න කියලා පතනවා (ස)
ලයන් නිමල් තමන්ට කරන්න බැරි දේ අනුන් ලබා හරි කරගන්න බලනවා.. අනේ ඔයා මෙහෙම අදහස් දැම්මයි කියලා ඔයාට ග්‍රීන් කාඩ් දෙන්නේ නැහැ..!(නු)
නිව්යොක්වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)
දේව සාප රටවල් අල්ලන යන්න එපා. අන් සැපට අකුල් හෙලන්න එපා, ආගම් වල නායකයන් හෑල්ලුවට ගන්න එපා. දැන්වත් හැදෙන්න (අ)
දුප්පත් රටවලට නැගිටීමට ඉඩ නොදෙන නිසා ස්වාභාවිකව දඩුවම් ලැබෙනවා (ස)
අඩි 13 වඩා වැඩි කාර් එහේ තියෙනවද ? (ස)
සැන්ඩි ඔච්චර සැරනම් බ‍්‍රැන්ඩි කොච්චර සැර ඇත්ද? (ස)
ඔහොම වෙලා මදී............(නු)
දෙවියන් ලබාදුන් දායාදයන් මිනිසා නිසියාකාරව පරිහරණය නොකරන්නේ නම් මෙවැනි විපත් නොසිතු මොහොතක නොපැතු අයුරින් නොවැලැකිවියහැකි ආකාරයට පැමිණීම වැලැක්විය හැක්ෙක් කාටද? (ස)
ඇමෙරිකාවෙ ඉන්නෙත් අපි වගේම ලේ, මස්; ඇට, නහර වලින් හැදුණු මිනිස්සු. වෙනසකට තියෙන්නේ ඒ අය අපිට වඩා පින් කරපු උදවිය. ඒ නිසයි ඒ අය අපිට වඩා සැපවත් ජීවිත ගත කරන්නේ. ඒ මිනිස්සු අසරණ වුණහම ඒ දිහා බලලා සැනසෙන්න, සතුටුවෙන්න එපා. අනුන්ට ඉරිසියා කරලා, කුහකකම් කරලා කවමදාවත් අපිට සැපක්, සතුටක් බලපොරොත්තු වෙන්න බැහැ.(ස)
ජීවිත හානි නොම වේවා (ස)
ලෝකයේ කාලගුණික වෙනස්කම් කාගෙවත් බලපෑමකින් සිදුවන්නක් නොවේ. උතු නියාමයට අනුව සිදුවන්නක්. එය බලවක් දුප්පත් බේදයක් නොමැතිව සිදුවෙනවා.එයයි ලෝක ධර්මතාවය. (නි)
ඇමරිකාවේ පාලකයෝ හොඳ නිසා තමයි ඔහොම වෙන්නේ (ස)
න්‍යෂ්ටික බෝම්බ දස දහසක බලදැම්මේ සැන්ඩී සුළි සුළං වනසයි මහ පිම්මේ පාඩම ලොවට ගෙන දෙන මේ සිදුවීමේ අපි සැම කූඹියෝ බලයට සොභාදමේ (ස)
අයියෝ සල්ලි
ලෝකයේ ලොකුම රටත් පොඩිම රටත් ස්වභාව ධර්මයාට පිටුපාන්න බෑ. (අ)
ඇමෙරිකාවෙ ඉන්නෙත් අපි වගේම ලේ, මස්; ඇට, නහර වලින් හැදුණු මිනිස්සු. වෙනසකට තියෙන්නේ ඒ අය අපිට වඩා පින් කරපු උදවිය. ඒ නිසයි ඒ අය අපිට වඩා සැපවත් ජීවිත ගත කරන්නේ. ඒ මිනිස්සු අසරණ වුණහම ඒ දිහා බලලා සැනසෙන්න, සතුටුවෙන්න එපා. අනුන්ට ඉරිසියා කරලා, කුහකකම් කරලා කවමදාවත් අපිට සැපක්, සතුටක් බලපොරොත්තු වෙන්න බැහැ.(නු)
සොබාදහමත් එක්ක ඔට්ටු වෙන්න කාටවත් බෑ (ස)
අර දෛවඥයගේ අනාවැකිය හරි ගියා එහෙනම් (ස)
ලෝකයේ මහා බලවතා කියන මේ අයට වෙලා තියෙන දේ...අනිත් හැමෝටම හොඳ පාඩමක් (ස)
හොඳයි...නියමයි (ස)
දැන් තමයි කරන පව් විදවන්න පටන් ගත්තේ..ඔය ආරම්භය විතරයි.. (ස)
දුප්පත් රටවල් වලට කරන දේවල් වලට තමයි ඔය (ස)
යහපත් කාලගුණික තත්ත්වයක් වහාම ඇති වේවා..!(නු)
අනුන්ට විපත් කරන අයට ස්භාවධර්මය සලකනවා (අ)
එයාලා කරන වැඩ වලට ඔහොම වෙලා මදි (ස)
කව්රු මොනවා කිව්වත් මම නම් ඇමෙරිකාවට කැමතියි.මොකද එයාල නැතිව දැන් යන විදියට ලෝකයට පවතින්න බෑ.අපේ රටවල ඉන්න ඇතැම් පාලකයන්ගේ වැරදිවලට එයාලට බැනලා වැඩක් නෑ.එයාලාගේ පැත්තෙන් එයාලා හරි.අනික මුස්ලිම් අන්තවාදය ඔය තරම් හරි මෙල්ල වෙලා තියෙන්නේ ඇමෙරිකාව නිසා.කාට හරි කරදරයක් වුණාම අනේ හොදයි කියන්න එපා අපි බෞද්ධයෝ නේද.එයාලගේ කරදර ඉක්මණින් අඩුවෙන්න කියල පතන්න.ඔය නසාර්ල කොහොමත් ත්‍රස්තයෝ.හේමන්ත ඔයා කියනදේ මට නම් තේරෙනවා ඔයා හරි.හැමෝම ඇමෙරිකාවට බැන්නත් ඔයාලා හැමෝම ඇමෙරිකා යන්න හදනවනේ ග්‍රීන් කාඩ් කිය කියා (අ)
අපි ඔබ සමගයි ඇමෙරිකා. (නි)
අනිත් රටවල් වලට ගිණි ගෙඩි දෙන අයට ස්වභාවධර්මයෙන් දඩුවම් ලෑබී ඇති හැඩයි.මොනව උනත් කෙනෙකුගේ දුකේදී අපට සතුටු වෙන්න බෑනේ... ඉක්මණටම මෙම අයහපත් කාළගුණික තත්ත්වය පහව යත්වා...!!! (ස)
පව් ඔබාමා !!!! මොනවා උනත් සොබාව ධර්මයත් එක්ක සෙල්ලම් බැහැ....පොඩ්ඩක් දැන්වත් හිතන්න බලන්න....පොඩි අයට කරදර නොකර තමුන්ගේ පාඩුවේ ඉන්න!!!!! (ස)
එහෙම කියන්න එපා.. විපතක් උනොත් කාටත් එකයි.. අනික් එක එයාලා මෙල්ල කරන්න පුළුවං ඇමරිකාවට පමණයි.. ඇමරිකාව නැතිනම් බලන්න තිබුණා..!(නු)
ලෝක විනිසයටද දන්නේ නෑ මේ අර අදින්නේ (ස)
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ (ස)
කාට හරි කරදරයක් උනාම අනේ සාදු කියන්න පුලුවන්ද…. ඔය විපතට පත් වෙන මිනිස්සුත් අපි වගෙම තමයි ….උනුත් දරු මල්ලො ඉන්න එදාවේල හොයගන්න ජොබ් එකට ගාටන අහින්සකයො…. අනේ හොදයි හෙන ගහපිය කියන්නෙ එයාලටද??? …ඇමරිකාවෙ දේශපාලනයට, දේශපාලුවොන්ටයි අපි හෙණ ඉල්ලුවට අහිංසක මිනිස්සුන්ට හෙණ ඉල්ලන්න තරම් කුහක වෙන්න එපා…. අනිත් එක ඔය ස්වාභාවික විපත් අපිටත් උරුමයි….. (ස)
නසාර් සාප කරනවා නම් දෙවියො වෙන්න බැ දෙවිවරු සාප කරන්නෙ නැහැ. තවකෙනෙක් ගෙන් පලිගන්නෙ වෛරකරනෙ ගුණදහම් වලින් පිරිහුණු උදවිය. අදහන දෙවියන්ට නින්දාකරන්න එපා ඔහු සාප කරන්නෙක් හැටියට හදුන්නාදී (අ)
දෙවියන් ඉන්නවාද කියලත් මට සැකයි. (නි)
ඉක්මණින් කාළගුණය හොද තත්ත්වයකට පත්වේවායි පතමු. (නි)
හැමෝම ඇමෙරිකාවට බැන්නත් ඔයාලා හැමෝම ඇමෙරිකා යන්න හදනවනේ ග්‍රීන් කාඩ් කිය කියා. (නි)
එයාලා කිවුවේ අරගොල්ලන්ට. වැඩි විස්තර අවශ්‍ය නැහැ. (නි)
ඇමරිකාවේ එහෙම උනාට ලංකාවට ඒහෙම වෙන්නේ නෑ. ඒ වුණාට ලංකාවේ දේශපාලකයෝ ඔබාමා වගේ වීදි බහින්නේ නෑ (ස)
පින් කරලා තියෙන්නේ බෞද්ධ ජනතාව මිස ඇමෙරිකාවේ අය නෙමෙයි. (නි)