IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නවක වදයට පේරාදෙණිය තිත කියයි

මේ වසරේ මාර්තු මාසයේ විශ්වවිද්‍යාලයයට ඇතුළු වන සිසුනට නවක වදය නොදීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය හා අනෙකුත් ශිෂ්‍ය සංගම් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ සිසුන් සමග එකඟතාවයකට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පැවැසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ උපකුලපති කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
විශ්වවිද්‍යාලයයට ලබන මාර්තු මාසයේ ඇතුළු වන සිසුන් නවකවදය පිළිබඳව කිසිදු බියක් ඇති නොකරගත යුතු බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසුගිය කාලයේ සිදු වූ නවක වද හේතුවෙන් කීර්තිනාමයට කැළැල් ඇති වූ බව පැවසූ ඒ මහතා එම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡුා කොට මෙම එකඟතාවයට පැමිණි බව ද කීවේය.



අදහස් (0)

නවක වදයට පේරාදෙණිය තිත කියයි

ගාමිණි Sunday, 06 January 2013 07:57 PM

ඇති යන්තම්, දැන්වත් මොළය පෑදුණා. (නි)

:       0       0

නිරෝෂන් Sunday, 06 January 2013 08:08 PM

අහන්නත් ආසයි. අපේ සහෝදර සිසු සිසුවියන්ට තවතවත් දැනුම වර්ධනය වේවා! (නි)

:       0       0

කුමාර් Tuesday, 08 January 2013 05:02 PM

නවක වදය පමණක් නවත්වලා මදි. බොරු වැඩ ඔක්කොම නවත්වලා ළමයින්ට ඉංග්‍රීසි පුහුණුවක් ලබා දුන්නා නම් ප්‍රයෝජනයි. (නි)

:       0       0

ලංකා Sunday, 06 January 2013 08:28 PM

ඒක තමයි වෙන්න ඕනේ (දී)

:       0       0

චින්තක Monday, 07 January 2013 11:43 AM

ඉතාම වටිනා තීරණයක් , හැබැයි මේක ප්‍රායෝගික වෙන්න ඕන (ස)

:       0       1

රංජන Sunday, 06 January 2013 08:56 PM

මේක නම් ගොඩක් හොද දෙයක්. (නි)

:       0       0

විශ්ව Sunday, 06 January 2013 09:05 PM

සුභපැතුම් පෙරා (දී)

:       0       0

ශාන් Monday, 07 January 2013 11:57 AM

ස්තූතියි ළමයිනේ . හොඳ වැඩක් , ඔබලාට හොඳ අනාගතයක් (ස)

:       0       0

අජිත් Sunday, 06 January 2013 10:09 PM

අපි සියලු දෙනා අගය කරන්න ඕනේ මෙවන් දෙවල් (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 06 January 2013 11:55 PM

හොඳ තීරණයක් , ඇති යන්තම් (ස)

:       0       0

උපුල් Monday, 07 January 2013 12:13 AM

ඉතා හොඳ තීරණයක් .නවක සිස්න්ගේ දියුණුවට ඉහළ සිසුන්ට වැදගත් දේ ගොඩක් කල හැකියි (ස)

:       0       0

අමිල Monday, 07 January 2013 12:16 AM

පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වලට ආදර්ශයක් (දී)

:       0       1

අනූ Sunday, 15 December 2013 10:18 PM

දැන් නැවතිලාද? (නදී)

:       0       1

නිලුක Tuesday, 08 January 2013 09:19 AM

විශිෂ්ටයි

:       0       0

දියස් Monday, 07 January 2013 02:41 AM

හරි දිවුරන්න බලන්න එහෙනම්. එතකොට පිළිගන්නම් (ස)

:       0       1

ජයනාත් Monday, 07 January 2013 04:03 AM

ඉතා හොද තීරණයක් (දී)

:       0       0

ප්‍රමුඛා Monday, 07 January 2013 12:34 PM

ඔන්න ඔකයි වෙන්න තිබ්බේ.. හැමදාම සංගම් වලට බැන බැන ඉන්නේ නැතිව කතා බහ කරල විසදන්න පුලුවන් වෙනන ඔනේ....(ස)

:       0       0

ටිකිරි Monday, 07 January 2013 06:24 AM

ඉතාම අගය කළ යුතු තීරණයක්. (නි)

:       0       0

දර්ශන Monday, 07 January 2013 08:15 AM

ඔය ශිෂ්‍ය සංගම් ගැන සතපහකට විශ්වාස කරන්ඩ බෑ. පළවෙනි දවසේ දෙමව්පියෝ ආවම කියනවා කිසිම නවක වදයක් දෙන්නේ නෑ කියලා. පහුවදාම පටන් ගන්නවා (ස)

:       0       1

අජිත් Monday, 07 January 2013 08:21 AM

ඒ කියන්නේ මෙච්චරකල් නවක වදය තිබිලා තියෙනවයි කියලා ශිෂ්‍ය සංගමය පිළිගත්තා කියන එකනේ. (නි)

:       0       0

සුමුදු Monday, 07 January 2013 08:55 AM

මෙය ඉතා හොද ප්‍රවණතාවයක්. ලෝකයේ දියුණු රටවල නවක වදයන් නැහැ. ලංකාවේ අය බටහිර රටවල අනිත් දේවල් වැළද ගන්නවා වගේ මේ වගේ හොද දේවලුත් අනුකරනය කරන එක හොදයි. නවක වදය කියන්නේ ඉතා පැරණි කාලේ එංගලන්තය වගේ රටවල තිබුණු යල් පිනූ දෙයක්. ඔවුන් දැන් ඒවා අත් ඇරලා. අපි තමයි නොදැනුවත්කමට බදාගෙන ඉන්නේ අද වෙනකල්. මේ වගේ දේවල් නැති කරන්න මාධ්‍ය මගිනුත් සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන්. (නි)

:       0       0

පතිරණ Monday, 07 January 2013 08:59 AM

ඔය ශිෂ්‍ය සංගම් විශ්වාස කරන්ඩ බෑ. (ස)

:       0       0

පතිරණ Monday, 07 January 2013 09:01 AM

ඔය ශිෂ්‍ය සංගම් ගැන විශ්වාස කරන්ඩ අමාරුයි කිසිම නවක වදයක් දෙන්නේ නෑ කියලා. (ස)

:       0       1

කුරුවිට Monday, 07 January 2013 09:18 AM

වටිනා ආදර්ශමත් පුවතක් (ස)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:34 PM

හොඳ දේට හොඳයි කියන්න ඕන. ඉතාම හොඳ වැඩක් . අනිත් අයටත් මෙය අනුමත කරන්න සිත් පහල වේවා (ස)

:       0       0

නානායක්කාර Monday, 07 January 2013 09:55 AM

ගොඩක් හොඳයි (ස)

:       0       0

ශිරානි Monday, 07 January 2013 10:29 AM

මාර්තු මාසෙට තව වැඩි කාලයක් නැහැනේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 07 January 2013 10:41 AM

ඔය නවක වදයට හවුල් වෙන අනිත් අයත් දැන්වත් පොඩ්ඩක් හැදෙනවා නම් හොදයි. (නි)

:       0       0

සුදේෂ් Monday, 07 January 2013 10:42 AM

ඒක හරි නැහැ. පොඩ්ඩක් විතර දුන්නෙ නැත්නම් කිසි ගතියක් නැහැ. (නි)

:       1       0

ලලනා Monday, 07 January 2013 10:44 AM

ඔබ සැමගේ ප්‍රාර්ථනයට සුභ පතමු. (නි)

:       0       1

අජිත් Sunday, 06 January 2013 06:55 PM

දරුවනි, ඔබ සැමගේ සාමුහික තීරණය සාර්තක වේවායි පතමි (ස)

:       0       1

නිලූක Monday, 07 January 2013 10:41 AM

මෙම නවක වදය එහි සීමාව තුළ කරනවා නම් එය ඉතාම රසවත් ‍අත්දැකීමක්. නවක සිසුන්ට එම රසවත් අත්දැකීම විද, සම්පූර්ණ සරසවි අත්දැකීම් සමුදාය ලබාගැනීමට නොහැකි වනු ඇත. (නි)

:       1       0

අපොන්සු Monday, 07 January 2013 02:05 PM

නවක වදයට තිත තබියයුත්තේ නීතියයි. නීතියෙන් නවක වදය (අයෙකුගේ නිදහස් අධයාපනයට අකුල් හෙලීම)මානුෂික අයතීන් උල්ලංගනය කිරීමක් කරහම, විශ්ව විද්‍යාලෙන් පිට වුණාට පස්සේ නඩු දාන්න අවස්ථාව දුන්නහම එක වාරයකින් මුළු ලංකාවේම නවක වදය දෙන්න මෝඩ වෙන අය හොයන්න අමාරු වෙයි. (ස)

:       0       1

සුනිල් Monday, 07 January 2013 10:51 AM

ස්තූතියි. මෙම තීරණය සියලුම සරසවි වල ක්‍රියාත්මක වුණොත් හොදයි. (නි)

:       0       1

චින්තක Monday, 07 January 2013 02:30 PM

අතිවිශිෂ්ටයි (දී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site