මේ වසරේ මාර්තු මාසයේ විශ්වවිද්‍යාලයයට ඇතුළු වන සිසුනට නවක වදය නොදීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය හා අනෙකුත් ශිෂ්‍ය සංගම් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ සිසුන් සමග එකඟතාවයකට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පැවැසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ උපකුලපති කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
විශ්වවිද්‍යාලයයට ලබන මාර්තු මාසයේ ඇතුළු වන සිසුන් නවකවදය පිළිබඳව කිසිදු බියක් ඇති නොකරගත යුතු බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසුගිය කාලයේ සිදු වූ නවක වද හේතුවෙන් කීර්තිනාමයට කැළැල් ඇති වූ බව පැවසූ ඒ මහතා එම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡුා කොට මෙම එකඟතාවයට පැමිණි බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා තීරණයක් , හැබැයි මේක ප්‍රායෝගික වෙන්න ඕන (ස)
වටිනා ආදර්ශමත් පුවතක් (ස)
ගොඩක් හොඳයි (ස)
මාර්තු මාසෙට තව වැඩි කාලයක් නැහැනේ. (නි)
ඔය නවක වදයට හවුල් වෙන අනිත් අයත් දැන්වත් පොඩ්ඩක් හැදෙනවා නම් හොදයි. (නි)
ඒක හරි නැහැ. පොඩ්ඩක් විතර දුන්නෙ නැත්නම් කිසි ගතියක් නැහැ. (නි)
ඔබ සැමගේ ප්‍රාර්ථනයට සුභ පතමු. (නි)
මෙම නවක වදය එහි සීමාව තුළ කරනවා නම් එය ඉතාම රසවත් අත්දැකීමක්. නවක සිසුන්ට එම රසවත් අත්දැකීම විද, සම්පූර්ණ සරසවි අත්දැකීම් සමුදාය ලබාගැනීමට නොහැකි වනු ඇත. (නි)
ස්තූතියි. මෙම තීරණය සියලුම සරසවි වල ක්‍රියාත්මක වුණොත් හොදයි. (නි)
ඔය ශිෂ්‍ය සංගම් ගැන විශ්වාස කරන්ඩ අමාරුයි කිසිම නවක වදයක් දෙන්නේ නෑ කියලා. (ස)
ස්තූතියි ළමයිනේ . හොඳ වැඩක් , ඔබලාට හොඳ අනාගතයක් (ස)
ඔන්න ඔකයි වෙන්න තිබ්බේ.. හැමදාම සංගම් වලට බැන බැන ඉන්නේ නැතිව කතා බහ කරල විසදන්න පුලුවන් වෙනන ඔනේ....(ස)
හොඳ දේට හොඳයි කියන්න ඕන. ඉතාම හොඳ වැඩක් . අනිත් අයටත් මෙය අනුමත කරන්න සිත් පහල වේවා (ස)
නවක වදයට තිත තබියයුත්තේ නීතියයි. නීතියෙන් නවක වදය (අයෙකුගේ නිදහස් අධයාපනයට අකුල් හෙලීම)මානුෂික අයතීන් උල්ලංගනය කිරීමක් කරහම, විශ්ව විද්‍යාලෙන් පිට වුණාට පස්සේ නඩු දාන්න අවස්ථාව දුන්නහම එක වාරයකින් මුළු ලංකාවේම නවක වදය දෙන්න මෝඩ වෙන අය හොයන්න අමාරු වෙයි. (ස)
අතිවිශිෂ්ටයි (දී)
විශිෂ්ටයි
නවක වදය පමණක් නවත්වලා මදි. බොරු වැඩ ඔක්කොම නවත්වලා ළමයින්ට ඉංග්‍රීසි පුහුණුවක් ලබා දුන්නා නම් ප්‍රයෝජනයි. (නි)
දැන් නැවතිලාද? (නදී)
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වලට ආදර්ශයක් (දී)
ඇති යන්තම්, දැන්වත් මොළය පෑදුණා. (නි)
අහන්නත් ආසයි. අපේ සහෝදර සිසු සිසුවියන්ට තවතවත් දැනුම වර්ධනය වේවා! (නි)
ඒක තමයි වෙන්න ඕනේ (දී)
මේක නම් ගොඩක් හොද දෙයක්. (නි)
සුභපැතුම් පෙරා (දී)
අපි සියලු දෙනා අගය කරන්න ඕනේ මෙවන් දෙවල් (දී)
හොඳ තීරණයක් , ඇති යන්තම් (ස)
ඉතා හොඳ තීරණයක් .නවක සිස්න්ගේ දියුණුවට ඉහළ සිසුන්ට වැදගත් දේ ගොඩක් කල හැකියි (ස)
දරුවනි, ඔබ සැමගේ සාමුහික තීරණය සාර්තක වේවායි පතමි (ස)
හරි දිවුරන්න බලන්න එහෙනම්. එතකොට පිළිගන්නම් (ස)
ඉතා හොද තීරණයක් (දී)
ඉතාම අගය කළ යුතු තීරණයක්. (නි)
ඔය ශිෂ්‍ය සංගම් ගැන සතපහකට විශ්වාස කරන්ඩ බෑ. පළවෙනි දවසේ දෙමව්පියෝ ආවම කියනවා කිසිම නවක වදයක් දෙන්නේ නෑ කියලා. පහුවදාම පටන් ගන්නවා (ස)
ඒ කියන්නේ මෙච්චරකල් නවක වදය තිබිලා තියෙනවයි කියලා ශිෂ්‍ය සංගමය පිළිගත්තා කියන එකනේ. (නි)
මෙය ඉතා හොද ප්‍රවණතාවයක්. ලෝකයේ දියුණු රටවල නවක වදයන් නැහැ. ලංකාවේ අය බටහිර රටවල අනිත් දේවල් වැළද ගන්නවා වගේ මේ වගේ හොද දේවලුත් අනුකරනය කරන එක හොදයි. නවක වදය කියන්නේ ඉතා පැරණි කාලේ එංගලන්තය වගේ රටවල තිබුණු යල් පිනූ දෙයක්. ඔවුන් දැන් ඒවා අත් ඇරලා. අපි තමයි නොදැනුවත්කමට බදාගෙන ඉන්නේ අද වෙනකල්. මේ වගේ දේවල් නැති කරන්න මාධ්‍ය මගිනුත් සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන්. (නි)
ඔය ශිෂ්‍ය සංගම් විශ්වාස කරන්ඩ බෑ. (ස)