බහු වාර්ගික සමාජයක සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරැකීමට තමා බැඳී සිටින බව නව අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කෙළේය. පීරිස් මහතා පිළිගැනීමට උපරිමාධිකරණයේ පැවැති උත්සවයේදී ඔහු පැවැසූයේ මානව හිමිකම් සුරැකීමේ රජයේ වැඩ පිළිවෙළට අධිකරණය උපරිම සහාය ලැබෙන බවයි. ශ්‍රි ලංකා නීතිඥ සංගමය කලින් ගත් තීරණයක් අනුව මෙම උත්සවයට සහභාගී වූයේ නැත. නීතිඥවරුන් වෙනුවෙන් ලංකා බැංකුවේ සභාපති නීතිඥ රසීක් පාරුක් මහතා ද නීතිපති ද අගවිනිසුරුට සුභපතමින් කථා කළහ. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ සියලු විනිසුරුවරු පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ මහත්වරු ටික නාවට ඔය ඇවිත් හිටිය නීතිගරුක නීතිඥ මහත්වරු ටික හොදටම ඇති (නු)
අපේ පැරුන්නෝ කොයිතරම් සාර්ථකද දැං අයට වඩා..! (නු)
සුභ පැතුම්..! (නු)
මෙයත් හරියට ජේ.ආර්. මහත්තයා සාමගිවිසුම අත්සන් තැබුව අවස්ථාව වගේ..! (නු)
දැන්ම නම් මට මොකුත්ම කියන්න බැහැ. (නි)
සුභ පැතුම් සර්. අපේ රටට හොද කාලයක් යාවි කියලා හිතනවා. (නි)
එතුමාට විරුද්ධව මොකක්ද අල්ලස් චෝදනාවක් ගැන පහුගිය දවස් ටිකේ පත්තරේ ගියා නේද? දැන් කවුද ඒක විභාග කරන්නේ? (නි)
මේ අගවිනිසුරුවත් අයින්කරන්න කියල බස්වලින් ඇවිත් පෙලපාලි යයිද දන්නෙ නෑ...! (නු)
කැටවල... ඔයා සුභ පතා ගන්න. ඉතාලිය අල්ලගන්න එපා. ඔයාලගෙ කට්ටිය ටිකයි ඉතාලියෙ ඉන්නෙ. (නු)
සුබ පැතුම් ඔබට !! (ස)
අපෙන් සුභ පැතුම්.! (නු)
මෙකෙන් එකක් පැහැදිළියි. නීති වෘතිකයන්ට කරන්න බැරි දෙයක් නැහැ කියාල..!(නු)
අනේ! හතර පස් දෙනයිනේ ඉන්නේ. මට පෙනෙන හැටිද මන්දා? (නි)
ඔව් ඔව් යහපතක් වේවි (ස)
ඔබතුමාට සුභ පැතුම්! (නි)
බලමු බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා (ස)
සුබ අනාගතයක්! (ස)
ඔබතුමාට සුභ පැතුම්! (නි)
පස් දෙනාද ඉන්නේ රටේ ??(ස)
පෙරලුන පිට හොඳයි කියනවා (ස)
සුභ පැතුම්..! (නු)
ඒ උනාට කට්ටියක් කියනවා නේද එයාව පිළිගන්න බැහැ කියලා (දී)
සන්තෝසයි (දී)
බලමු බලමු...(නු)
අධිකරණයට මින් මතුවටවත් ඇගිලි නොගැසීමට හැකි වේවා.! (නු)
පත්තරේ දැක්කා යූඑන්.එකෙන් කියලා තියෙනවා පසුගිය සමුළුවෙදි ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වුවේ හිටපු නීතිපති ලෙසඅගවිනිසුරු කියලා..! (නු)
මේ තරම් සෙනගක්...................... (ස)
පුවත්පත් කියනවා ඔබතුමා ගැනත් විවිධ කතා.. (නු)
ඔබතුමාට ඉතාලියෙන් උපරිම සුභ පැතුම්! (නි)