ශ්රී ලංකාවේ වරාය පිළිබඳ අධ්‍යයනයක යෙදිමින් මෙරට ආර්ථීක සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ විශාඛාපට්ටනම් ගාන්ධි කලමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරුන් ඇතුළු සිසුහු 147 දෙනෙක් අද දහවල් දිවයිනට පැමිණියහ.
මහාචාර්ය රවිනාතගේ මෙහෙයවීම මත මෙම සිසුහු දින හතරක් කොළඹ හා හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රීත ආර්ථීක සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යයනයක යෙදෙති.
එසේම තමන් ඇතුළු මෙම විශ්ව විද්‍යාල සිසුහු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත් තම අධ්‍යයනය සාර්ථක වුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් මහාචාර්ය රවිනාත් එසැණට කීවේය.
මෙම පිරිස මෙරටට ගෙන්වීම සදහා පහසුකම් සපයා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේ අංශය , චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ එල්.එස්.ආර් ආයතනයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාලදිවයින් - ශ්‍රී ලංකා ප්‍රාදේශීය කළමනාකරු සමින්ද පෙරේරා, ශ්‍රී ලංකන් හොලිඩේස් කලමනාකරු ගයාන් පීරිස්, විධායක නිලධාරිනී සුසීමා රත්නසේකර හා එල්.එස්.ආර් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට මොටකද අපේ වරායවල් පෙන්නන්නේ? (නි)
මේ කණ්ඩායමට අපේ ළමයි ටිකකුත් ඇතුළු කළා නම් මේ පහසුකම් ලබාදේවිද? (නි)
දෙවැනි ඡායාරූපයේ ඉන්න ගැහැණු ළමයින්ට නම් එයාර් ලංකා එකේ රැකියා හම්බ වේවි ෂුවර් එකටම. (නි)
සාදරයෙන් පිළිගන්නවා. අපි ආගන්තුක සත්කාර වලින් පොහොසත්. (නි)
සාදරයෙන් පිලිගන්නවා. අපි ආගන්තුක සත්කාරවලින් පොහොසත්. ජයලලිතා වගේ අපේ නායකයෝ පටු ආකල්ප වලින් පිරිලා නැහැ. ඕනෑම කෙනෙනෙකුට අපේ රටට එන්න දොර ඇරලා තියෙනවා.(නදී)
මම නම් මේක දකින්නේ අමුතු විදියකට. මම ඉන්දියානුවන් ශත පහකට විශ්වාස කරන්නේ නැහැ. මේක ලියන අතරෙත් මගේ යටතේ ඉන්දියානුවන් 18 දෙනෙක් වැඩකරනවා. නමුත් කරන තරමක් කරන්නේ සහ කියන්නේ බොරු. මේ ඇවිල්ලා තියෙන්නේ වරායවල් ගැන කෙසේවෙතත් අපේ රටට තව හෙන ගෙඩි ටිකක් දෙන්නද?(නදී)
ගලක් මත ඉදිකළ ලෝකයේ ඇති එකම නැවු තොට බලන්න එන්න ඇති. (නි)
එතකොට ජයලලිතා කියපුවා? (නි)
සමහරවිට වරාය ගැන විස්තරේ සොයලා අනාගතයේදී මොනවා හරි කරන්නද?(නදී)
මෙච්චර ලස්සන කෙල්ලන් මැද්දේ ඇයි මෙහෙම ඔරෝගෙන ඉන්නේ? (නි)
ජයලලිතාට හොරෙන්ද එන්නේ ? (නි)
දකුණු ඉන්දියාව අපිට නැතුවම බැරිද?(නදී)
ලංකාවේ අය දකුණු ඉන්දියාවට ගියාම එළවනවා. අපි එයාලා මෙහෙ ආවම මල් මාල දාලා පිළිගන්නවා. ඒකයි වෙනස! (නි)
වැඩි විස්තර නොදී ඉන්න එක නුවණට හුරුයි වගේ.(නදී)
පාසල් ගිය කාලයේ වාර්ෂික විනෝද චාරිකා මට මතක් වුණා. (නි)
අපට මේ අල්ලපු රටේ මින්ස්සු නැතිව බැයිද මොකුත් කරගන්න.(නදී)
මෙයාලා ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොට වරාය බලන්න. (නි)
ගලක් උඩ වරායක් හැදුවේ කොහොමද කියලා බලන්න එන්න ඇති.(නදී)
ශ්රී ලංකන් ගුවන් සමාගම නොමිලේ එන්න කිව්වද? හම්බන්තොට වරාය නම් කමක් නැහැ. මේ රටේ ඕස්ට්‍රේලියාවට වත් නැති තරම් ක්‍රීඩාංගන හදන්නේ ඇයි? තවත් ගුවන්තොටුපොළවල් වැඩි නැද්ද? හම්බන්තොට, යාපනය සහ මඩකලපුව විතරද ලංකාවේ දියුණු කරන්නේ.(නදී)
මාරයි, අර නැව් එන්නෙ නැති වරායවල් හදන විදිය ඉගෙනගන්න වෙන්න ඇති. (නි)
ගොඩබිම කපලා මාලු බෝට්ටු එන වරායවල් පිළිබඳ අධ්‍යයනකට වෙන්න ඇති. (නි)
ලගදීම වරායත් ඉන්දියාවට දෙයි වගේ. විකුනන්නේ නැතුව අවරුදු 99 කට බදු දෙයි.(නදී)
ආපෝ! මෙයාලා ගැන ඇහැ ගහගෙනම ඉන්න එක ඇගට ගුණයි. (නි)
රණරාල, රත්න, ඕකට කියන්නේ අවිද්‍යාව කියලා. (නි)
අන්තිමේදී වෙනම වාර්තාවක් දෙයිද දන්නෙ නැහැ. (නි)
අපේ දේවල් අපිට වටින්නේ නැති වුණාට වෙනත් රටවල අයට ඒවා වටිනවා. (නි)
ඉන්දියාවේ සහ ඊට අයත් අන්දමන්, නිකොබාර් දූපත් වල මීටවැඩිය ලොකු වරායවල් තියෙනවනේ. (නි)
මේවට ජයලලිතා මොනවා කියනවද දන්නෙ නැහැ නේද? (නි)
අර ගල කඩපු විදිය ඉගෙනගන්න වෙන්න ඇති. (නි)
බණ්ඩාර, අපි මෙච්චර මේ රටේ ඉදලත් අපිව විශ්ව විද්‍යාල වලින් ඔහොම එක්කගෙන ගියේ නැහැනේ ඉගෙනගන්න. (නි)
තිසල්, මම ඕකට කියන්නේ "විජ්ජාව" කියලා. (නි)
මෙයාලා දන්න ඒවා.... (නි)
අපිට ආදරේට එනවා කියලමත් හිතන්න අමාරුයි. (නි)
ඒක නම් ඇත්ත. මහා ලොකුවට විජයග්‍රහණයක් හැටියට පෙන්නපු නොරොච්චෝලෙත් ඔන්න චීනේටම දීලා ඒකෙන් විදුලිය සල්ලි වලට ගන්න යනවා. මගේ රටට දළදා හිමි සරනයිලු.(නදී)
මෙම ගමනේ පරමාර්ථය කුමක්දැයි යන්න පිළිබදව අවධානයෙන් සිටිය යුතුය. (නි)
මේ තමයි චීන භීතිය. (නි)