නව ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දහ අට දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද උදේ දිවුරුම් දුන්හ.
ඇමැතිවරු
සුසිල් ප්‍රේමජයන්ත - පරිසර හා පුණර්ජනනීය බලශක්ති
පාඨලී චම්පික රණවක - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති
පවිත්‍රා වන්නිආරච්චි - විදුලිබල හා බලශක්ති
අනුර ප්‍රියදර්ශන යාපා - ඛණිජ තෙල් කර්මාන්ත
ලක්ෂ්මන් සෙනවිරත්න - සීනි කර්මාන්ත සංවර්ධන
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - ආයෝජන ප්‍රවර්ධන
ජයරත්න හේරත් - උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු
දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා
ගාමිණී විජිත් විජයමුනි සොයිසා - වනජීවී සම්පත් සංරක්ෂණ
බෂීර් සේගුදාවුද් - ඵලදායිතා ප්‍රවර්ධන
ව්‍යාපෘති ඇමැතිවරු
රෝහිත අබේගුණවර්ධන - වරාය හා මහාමාර්ග
නිර්මල කොතලාවල - වරාය හා මහා මාර්ග
නියෝජ්‍ය ඇමැතිවරු
එස් එම් චන්ද්‍රසේන - ආර්ථික සංවර්ධන
සුසන්ත පුංචිනිලමේ - ආර්ථික සංවර්ධන
ෆයිසර් මුස්තාපා - ආයෝජ්‍ය ප්‍රවර්ධන
එම් එල් ඒ ඒ හිස්බුල්ලා - ආර්ථික සංවර්ධන
ඒ ආර් එම් අබ්දුල් කාදර් - පරිසර හා පුනර්ජනනීය බලශක්ති
සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි විතරද වැදගත්? අයියෝ සල්ලි! (නි)
අනේ මෙහෙමත් රටක් තව නැත්ද ? (ස)
ජනතාව රැවටීමක් (ස)
අධ්‍යාපනය නම් ගැළපෙනම කෙනෙකුට දීලා තියෙනවා. (නි)
මේ යන විදියට අපිටත් ඇමතිකමක් ගන්න බැරි වෙන එකක් නෑ (ස)
අනේ මන්දා? දැන් මැති ඇමතිවරුන්ටත් වෙලා තියෙන්නේ දාං අදින්න. (නි)
මේවා අහනකොට අපිට තරහා යනවා..!(නු)
අපේ රටට වැඩිය 22 ගුණයක් විශාල ඉන්දියාවෙත් ඇමතිලා ඉන්නේ 20යි. (නි)
සමහර අමාත්‍යංශවල නම්වල තේරැම් ඒ විෂය භාර ඇමතිතුමාලාවත් දන්නේ නැතිව ඇති..!(නු)
කොහොම හරි කමක් නැහැ රටට හොදක් වෙනවානම්..!(නු)
ඔහොම යං ... ඔහොම යං.... තව සුමානයක් යනකොට පෙට්‍රල් ලීටරේ තව රු 20 කින් විතර වැඩිකරයිද දන්නෙ නැහැ මෙයාලට පඩි ගෙවන්න? (නි)
චම්පික මන්ත්‍රීතුමා යම් දෙයක් කළා.. දැං ඒවා වෙනස් වෙයි. (නු)
මේවා කරනවට වඩා තව ගොඩක් අඩුපාඩු තියෙනවා හදන්න (ස)
කන්දක් විළි ලා කෙන්දක් වැදුවා සේ කියන්නේ මේවාට තමයි. (ස)
ඇයි ඒ එක පාරටම අදාළ විෂයන් මාරු කලේ (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ක්‍රීඩා ඇමතිධූරය වෙනස් වෙලා නැද්ද? (නි)
රට හදන්න ඉන්න ඇමතිලා මදි නිසාද මේ තවත් ඇමතිකම් දෙන්නේ? (නි)
ඒත් අපිව බලාගන්න කවුරුවත්ම නැහැනේ? (නි)
ඇමතිවරු 35කට සීමා කරනවා කියලා නේද කලින් පොරොන්දු දුන්නේ? (නි)
සුභ අනාගතයක පෙර නිමිති තමයි මේ පහළවීගෙන යන්නේ. (නි)
ඕනෑ ඔට්ටුවක්. අපේ නව ඇමතිතුමා ලබන පෙබරවාරි වෙද්දී විදුලි බිල අඩුකරනවා අඩුකරනවාමයි. (නි)
ඡන්දදායක අපිට ගහන්න ඕනෑ පොල්පිති වලින්. (නි)
දැන් ඉතින් අපේ ආර්ථිකය ටාර් ගාලා නැගලා යයි නේද? (නි)
නොදුරේදීම සෑම 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ඇමති පදවි...(ස)
අනේ හොදයි
පුණර්ජනනීය බලශක්ති පරමාණුක බලශක්ති විදුලිබල හා බලශක්ති - ඇමතිකම් තුනයි. අපේ බිල තව ටිකදවසකින් අනිවාර්යයෙන්ම නගිනවා. (ස)
අධ්‍යාපන ඇමතිවරුන් වැඩිය ඉන්නේ මොන රටේද ??? ...............ඇමරිකාවේ ...ඇමරිකාවේ..(ස)
බලාගෙන යද්දී නරකම නැහැ. (නි)
අපි ඔක්කොම රජ වරු, ඔක්කොම සිටුවරු............(ස)
රටේ නිතිය ස්ථාපිත කරන්න (දී)
නිති ගරුක රටක් කරන්න (දී)
රටට හොදක් නම් එච්චරයි(දී)
කෝ දැන් අර තිස්පහේ සීමාව? (නි)
රටේ දියුණුව තමයි මුල් වියයුත්තේ (දී)
කොහොම උනත් කමක් නැහැ හොදක් වෙනවානම් එච්චරයි (දී)
ලංකාවේ දියුණුව වෙනුවෙන් (දී)
රට පෙරට යා යුතුයි (දී)
ජනතාවට සහන දෙන්න (දී)
පළපුරුද්ද අනුවද තනතුරු දිය යුතුයි (දී)
මේ ඇමතිකම් මාරු කළේ හරි විදියට එයාලා නොකළ හින්දනේ. (නි)
ලංකාවේ දියුණුව සදහා එක් වෙමු (දී)
මේ සිදුවීම්වලට අදහස් පළකිරීමෙන් අපිත් පාර්ලිමේන්තුවේ අය ගානටම වැටෙනවා..!(නු)
මම අපේ රටේ සීනි ඇමතියි කියලා එතුමා කොහොම ආඩම්බරයකින් කියයිද? (නි)
පිටරටවලින් ගන්න ණය මුදල් ටික හසුරුවන්න මේ තරම් අවශ්‍යද?(නු)
බොහොම හොඳයි. රට සංවර්ධනය කරන්න කලින් මේ ඇමති ගොල්ලෝ ටික සංවර්ධනය කරමු. සමහර අමාත්‍යංශ වලට ඇමැතිවරු දෙදෙනා බැගින්. ඉතිරි කට්ටියටත් ලුණු ඇමති ,සිමෙන්ති කර්මාන්ත සංවර්ධන ඇමති, අල ඇමති,බිත්තර ඇමති,කුකුල් මස් ඇමති, එළවලු ඇමති,පලතුරු ඇමති,තවත් ඕනෑ නම් ගොඩක් දේවල් තියෙනවා. (නි)
ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් හැදිච්ච අරුම පුදුම රටක් තියෙනවා... (නි)
මොකක්ද මේ බලශක්ති වැඩේ? (නි)
සීනි කර්මාන්තයට ආයෝජනය කරන්නේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය හරහාද?(නු)
මේවා විහිලු. මේ පුංචි රටට මෙච්චර ඇමතිවරු මොකටද ? (ස)
ලංකාව තමයි ලෝකයේ හොදම රට. දෙවියොත් බලාගෙනයි ඉන්නේ මෙහේ දිහා. (නි)
ඇත්තටම මේ ගොල්ලො දිවුරන්නෙ මොකක් කියලද? දැන් හුඟක් ඇමතිලගෙ වැඩ බලපුවම ඒ අය මොනව කියලා දිවුරුවද කියලා සාධාරණ සැකයක් ඇති වෙනවා. (නි)
http://www.guinnessworldrecords.com/records-5000/most-cabinet-ministers-appointed-by-a-government/ (නි)
එතකොට අධ්‍යාපනය ඉස්සරහටත් මෙහෙමද? මගේ රටට දළදා හිමි සරණයි! (නි)
දැන් හැම මන්ත්‍රීවරයෙක්ම ඇමති හෝ උපඇමතිවරයෙක් වෙලාද? (නි)
පරිසර හා පුණර්ජනනීය බලශක්ති - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යාංශ අතර ලාබ- පාඩු සසඳන්න ඕනෑ වෙන්නේ නැත්නම් හොඳවෙයි.
පවිත්‍රා, ඔයා මේ වැඩේ හරියට පිරිසිදුවට කරන්න. (නි)
එයාලා දෙනවා. එයාලාම ගන්නවා. අපි බලාගෙන ඉන්නවා. (නි)
හරිම ෂෝක්. හරියට ක්‍රීඩා උත්සවයක් වගෙයි. එක වගේ ඉසවු ගොඩයි. (නි)
මේචචර ගොඩක්? ආශ්චර්යය තමයි. (නි)
ආසියාවේ ආශ්චර්‍යය....(ස)
පරිප්පු වලට?? (නි)
අපේ රටේ තියෙන්නේ එක එක්කෙනා සන්තෝස කරන දේශපාලනයක් (ස)
අනාගතයේදි සෑම නගරයටකටම ඇමති වරයෙක් බිහිවේවි (ස)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... (නි)
මේ හැමෝගෙම ඡල, විදුලි, දුරකථන, ඉන්දන අතුලු අනෙකුත් වියදම් දැරීමට මම පුරවැසියෙක් හැටියට බැදි සිටිනව. (ස)
ඇයි සීනි වලට විතරක් !හකුරු වලට පැණි වලටත් අමාත්‍යාංශයක් ඕනෙ නේද (ස)
අනේ මෙහෙමත විහිලු.(ස)