නව හා සංශෝධිත ඇමැති පදවි සඳහා ඇමැතිවරු දස දෙනෙක්, නියෝජ්‍ය ඇමැති හව දෙනෙක් ද මහින්ද රාජපක්ෂධ ජනපති ඉදිරියේ මින් මද වේලාවකට කලින් දිවුරුම් දුන්නේය.
පහත සඳහන් ඇමැතිවරුනට අලුත් පදවි ලැබිණි.
චම්පික රණවක - තාක්ෂණ හා පර්යේෂණ ඇමැති
අනුර ප්‍රියදර්ශන යාපා - ඛණිජ තෙල් ඇමැති
සුසිල් ප්‍රේමජයන්ත් - පරිසර ඇමැති
පවිත්‍රා වන්නිආරච්චි - විදුලිබල ඇමැති
ලක්මන් සෙනවිරත්න - සීනි
ලක්ෂමන් යාපා - ආයෝජන ප්‍රවර්ධන ඇමැති
දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු වැසිකිලි සේරම අපවිත්‍ර වෙලා. ඒ ගැන සොයා බලන්නත් කවුරු හරි පත්කල යුතුයි (ස)
වාහනේ රෝද මාරු කරලා හරියන්නේ නෑ . අලුත් වාහන ටිකක් දාමු (ස)
දැන් මන්ත්‍රීවරයෙක් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි. ඔක්කොම ඇමතිවරුනේ. (නි)
කවදාහරි දවසක අපිට අඩන්න වේවි කියලා මම දැනගෙන හිටියා. (නි)
අනේ අපිට බුදු සරණයි! (නි)
නියෝජ්‍ය ඇමතිලා කී දෙනෙක්ද අනේ...(ස)
ඔලුවේ අමාරුවට කොට්ට මාරු කලා වැඩක් නෑ නේද ආයුබොවන් (ස)
වෙනස් කරලාවත් බලමු හරියාවිද කියාලා (ස)
සන්තෝසයි (දී)
මේවා ඇහෙනකොට අපට නම් හිතෙන්නේ මොනවා කරනවාද කියලා..!(නු)
ලොකු වෙනසක්නම් පේන්න නෑ !!!(ස)
අනේ සාධු. වාසනාවයි. මක්කැයි මෙච්චර කල් සුනංගු කළේ. (ස)
මොකක්ද අනේ මේ සීනි ඇමති කියන්නේ. මට නම් තේරෙන්නේ නෑ. (ස)
ඇමතිලා කෝටියක් හිටියත් වැඩක් නෑ පොඩි මිනිහට සේවයක් වෙන්නේ නැත්නම් (ස)
ඔක්කොටම කලින් අපි රට 1ට තියා ගන්න ඕනේ (දී)
අධ්‍යාපනයට තවත් ඇමති කමක් . ඉන්න අය මදිද (ස)
මොකද්ද මේ සීනි ඇමති කම ?? (ස)
නව ඇමති වරුන්ට ජය වේවා (දී)
උසස් අධ්‍යාපනය වෙනස් කරන්නෙ නැද්ද? (ස)
නියමයි නියමයි ලංකාවට තිබුණු ලොකුම ප්‍රශ්නෙත් දැන් විසඳුනා. (ස)
කෝ අනේ පිටි ඇමති කෙනෙක් (ස)
ටියුෂන් ඇමති, සාඩින් ඇමති, ස්ත්‍රී දූෂණ ඇමති.... කෝ එතකොට එහෙම අය නැද්ද? (නි)
හොදයි...... හොදයි...... හොදයි...... (දී)
ආශ්චර්‍යය කියන්නේ මේකට තමයි අනේ (ස)
අධ්‍යාපන ඇමතිලානම් වෙනස් කරන්න එපා. (ස)
පිටි ඇමති කෙනෙක් නැද්ද? ඉන්නම එපැයි. (නි)
ඇමතිලා වැඩිවෙනවා කියන්නේ අවුරුද්දකට තවත් මිනිස්සු 10-15ක් ඇමති ආරක්ෂක වාහන වලය බිලිවෙනවයි කියන එක. (නි)
රටට හොඳක් යහපතක් වෙයිද?(ස)
මෙහෙව් රටක් වෙන කොහෙද ලොව සීනි ඇමති, මුං ඇට ඇමති, පරිප්පු ඇමති, කව්පී ඇමති සිටිනා....... (ස)
ඔලුවේ අමාරුවට කොට්ට මාරු කරලා වගේ (ස)
අනේ අපේ ලංකාව... (නි)
කෝ ඉතින් සීනි ඇමති කිවුවට සුදු සීනිද, රතු සීනිද කියලා අපි දැනගන්නෙ කොහොමද? (නි)
සන්තෝසයි (දී)
අධ්‍යාපන ඇමති, උසස් අධ්‍යාපන ඇමති, අධ්‍යාපන සේවා ඇමති... ඊළගට? (නි)
කවුද එතකොට පිටි ඇමති? (නි)
චන්ඩින් පාලනය කරන්න කාන්තා හා ළමා අපචාර නවත්තන්න වාහන තද බදය නැතිකරන්න වගේ අවශ්‍යතා ගැනත් සිතා බලන්න.!(නු)
මේ වගේ රටකනේ අපි ඉන්නේ (ස)
දියවැඩියා සහ පිටි ඇමති කෙනෙක් නැද්ද? (නි)
හාල් පොල් පිටි වලටත් පත්කරමු නේද?(නු)
මට රටකජු සහ කිරිටොපි ඇමති කම ගන්න කිව්වා. මම බැහැයි කියල ටිකක් ඈත් වෙලා ඉන්නෙ මේ දවස්වල!(නු)
අපේ රටේ දැන් කොලෙස්ට්‍රෝලුත් වැඩි නිසා ඒක පාලනයට පොල්තෙල් අමාත්‍යංශයකුත් තිබුණා නම් නේද හොද? (නි)
මෙහෙමත් අමාත්‍යංශ ගොඩක්? මොකටද හැබෑටම මේචචර? (නි)
මේක හරියට රොටිය අනිත් පැත්ත ගැහුවා වගේ වැඩක්නේ (ස)
බුදුසරණයි !! (ස)
ඇමකිචරුන් කීයක් හිටියත් අපිට කමක් නැහැ. ඒත් රටේ මීනිසුන්ට මොකද වෙන්නේ? (නි)
තව කොච්චර තියෙනවද දන්නෙ නැහැ? (නි)
හරියට තරඟයක් වගෙයි. (නි)
තව මදි. තව තියෙනවා. (නි)