අධිකරණ සේවා කොමිසමේ ලේකම් වශයෙන් විනිසුරු ආර්.එම්.සිසිර රත්නායක මහතා අලුත්කඩේ සිය කාර්යාලයයේ දී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ බාරගත්තේය.
කාර්ය මණඩලය නව ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගත්තේය.කොළඹ අධිකරණ මහේස්ත්‍රාත්වරු ද නිතිඥවරු ද පැමිණ සිටි අය අතර වූහ.
වැඩ බාරගැනීමෙන් පසු රත්නායක මහතා පැවැසූයේ අධිකරණ සේවා කොමිසමේ ව්‍යවස්ථාවෙන් පැවැරෙන බලතල අනුව තම රාජකාරිය ඇපකැපවීමෙන් සිදු කරන බවයි.
සිසිර රත්නායක මහතා මහා බ්‍රිතාන්‍යයේ ඇබර්ඩින් සරසවියෙන් වාණිජ නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් දිනා සිටී.
අතිරේක ලේකම්වරයකු ලෙස අධිකරණ අමාත්‍යංශයට පත්වීමෙන් පසු සිවිල් අභියාචනා මහාධිකරණ උසාවි පිහිටවීමට මුල් විය.
ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන රත්නායක මහතා මෙම තනතරුට පත්වීමට පෙර අවිස්සාවේල්ල සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරුතුමනි ඔබ ගැන ආඩම්බරයි...!! (ස)
තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමට බොහෝදෙනා ප්‍රීතිමත් කළ හැක.(නදී)
ඔබට් සුභ පැතුම් (දී)
විධායකය, විධායකය, විධායකය යන කුළුනු තුන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති දෙවොල දරා සිටී.(නදී) .