ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයෙක් විය. කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ හා රාජකීය විදුහලේ ආදිශිෂ්‍යයෙකි.
ක්‍රීඩාවෙන් පාසැල් වර්ණ ලාභියෙකි.
පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයයට ඇතුළත් වූ ඔහු 1975 දී නීතීඥවරයෙක් විය.
ජ්‍යෙෂ්ඨ නීතීඥයන් වන ඩී ආර්ටී ගුණතිලක හා ජනාධිපති නීතීඥ දයා පෙරේරා මහත්වරුන් යටතේ නීති වෘත්තියට පිවිසි ඔහු 1978 දී එංගලන්තයේ හා වේල්සයේ ශ්‍රේෂ්ඨාධිකරණ සොලිස්ටර්වරයෙක් විය.
1981 දී ශ්‍රී ලංකාවට පැමිණි ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය. රජයේ නීතීඥවරයෙක් වූයේය.
වසර පහළොවක්ම රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු වූ පීරිස් මහතා හාවඩ් විශ්ව විද්‍යාලයයේ නඩු විභාග උපදේශන පිළිබඳ ජාතික ආයතනයේ ද, කේම්බ්‍රිජ් හි ජීසස් විදුහලේ පොලිස් හා අපරාධ යුක්ති අධ්‍යයන කේන්ද්‍රයේ ද ජොර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයයේ ද පුහුණුව ලැබීය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් වී නීතීඥ වෘත්තියේ යෙදුණු ඔහු මූලික හා අභියාචනාධිකරණයන්හි නඩුවලට පෙනී සිටියේය. පරිපාලන නීතිය, වාණිජ නීතිය, ඉඩම් නීතිය, මූලික අයිතිවාසිකම්, කාර්මික නීතිය, අතුරු තහනම් හා අපරාධ නීතිය පිළිබඳ බේරුම්කරුවෙක් ද විය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ අන්තර් විභාග අංශයේ පරීක්ෂක මණ්ඩලයේ සභාපති ද, නීති විද්‍යාල පරීක්ෂකවරයකු වශයෙන් ද කටයුතු කළ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙක් විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයකු ද වූ ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 8 වැනි සැසිවාරයේ සමාලෝචන කමිටුවට කරුණු දැක්වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සාමාජිකයෙක් ද විය.
ඔහුගේ බිරිය ප්‍රියන්ති ද නීතීඥවරියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව අගවිනිසුරුතුමාට අපේ සුබ පැතුම්. නීතී සිසුවෙකු කාලයේ සිට ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු වු කාලයේදිත් එකසේ නිහතමානී මහත්මා ගති පෙන්වු ඔබට සියලු දෙවි රැකවරණ ලැබෙවායි ලන්ඩනයේ නීතීඥ මිතුරන්ගෙන් සුබ පැතුම! (නි)
සුබපැතුම් ඔබ තුමාට (දී)
ඔබට සුබ පැතුම් (ස)
ලංකාවාසී ජනතාවගෙන් සුභ පැතුම් ඔබට (දී)
මෝඩ මිතුරන් සියයකට වඩා බුද්ධිමත් එක් මිතුරෙක් වටිනා බව සිහියේ තබාගෙන කටයුතු කරන්න. (නි)