IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නරියෙක් දරුවාගේ අත සපා කයි

දඩාවතේ යන නරියකු ලන්ඩනයේ බ්‍රොම්ලි නගරයේ නිදා සිටි අත දරුවකුගේ ඇඟිල්ල වෙන් වන තරමටම සපාකා ඇතැයි ලන්ඩන් පුවත්පත් කියයි.

දරුවාගේ වයස මාසයකි.

කුණු බාල්දිවල ආහාර කෑමට කුරුල්ලන් හා නරියන් පුරුදු වී සිටිතියි කියති.

බ්‍රිතාන්‍යයේ නරි දඩයම තහනම් නිරීමත් සමග නගරබද හිස් බිම්වල නරියන් මෙන්ම හාවන් ද බෝවීම වැඩි වී තිබේ.

මවගේ කෑගැසීම නිසා මෙම නරියා පැණ ගිය අතර දරුවාගේ ඇඟිල්ල යළි යතාතත්ත්වයට පත් කිරීමට වෛද්‍යවරු උත්සාහ ගනිති.



අදහස් (0)

නරියෙක් දරුවාගේ අත සපා කයි

නලින් Monday, 11 February 2013 10:19 AM

නරි කොහෙද නගරයේ (දී)

:       0       0

අනුර Monday, 11 February 2013 10:19 AM

"දරුවාගේ ඇඟිල්ල යළි යතාතත්ත්වයට" විශිෂ්ටයි (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 11 February 2013 10:24 AM

ෂා හරි රස ඇති...(ස)

:       0       0

අචල Monday, 11 February 2013 10:30 AM

අපි නරි බලන්න කැලේට යන්න ඕනේ, එහෙ නගරේ ඉන්නේ. දැන් කොහෙද දියුණු කියල හිතා ගන්න බැහැ (දී)

:       0       0

සංජිව Monday, 11 February 2013 10:39 AM

හරිම දුක් මුසු කතාවක් (දී)

:       0       0

ගමගේ Monday, 11 February 2013 10:42 AM

පුදුම දෙයක්නේ, කවුරුත් නැද්ද ඒ ළමයාව බලා ගන්න (දී)

:       0       0

ලිහිණි Monday, 11 February 2013 10:48 AM

නරි කනකල් අම්මා කොහෙද හිටියේ (දී)

:       0       0

බණ්ඩාර Monday, 11 February 2013 02:58 PM

අපේ රට හොදයිනේ (දී)

:       0       0

රජිව් Monday, 11 February 2013 10:56 AM

දරුවට ඉක්මන් සුවය ලැබේවා !!!(ස)

:       0       0

ඉසුරු Monday, 11 February 2013 03:05 PM

නගරෙට නරි එනකල් මොනවද කලේ (දී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 11:26 AM

දැන් එහෙනම් පටන් ගනීවි නරි දඩයම. (නි)

:       0       0

රොෂාන් Monday, 11 February 2013 03:32 PM

මොනවා උනත් දරුවා වාසනාවන්තයි. (ස)

:       0       0

සිරිපාල Monday, 11 February 2013 11:47 AM

නරි දඩයම තහනම් කළා නම් හා ගහනය අඩු වෙන්න එපැයි. (නි)

:       0       0

ලීල් Monday, 11 February 2013 03:43 PM

ඇත්තටම රසද බලන්න ඔයාගේ ඇගිල්ලක් කාලා බලන්න.(නදී)

:       0       0

චන්ද්‍රානි Monday, 11 February 2013 11:58 AM

ලන්ඩනයේත් ඉන්නවද අයාලේ යන නරි? (නි)

:       0       0

ලලිත්-කටාර් Monday, 11 February 2013 12:03 PM

ලන්ඩනයේ නගර වලත් දඩාවතේ යන නරියෝ ඉන්නවද? (නි)

:       0       0

නිලූ Monday, 11 February 2013 12:16 PM

ප්‍රියන්ත ඔයා නම් මනුස්සයෙක් වෙන්න බැහැ. මිනී මස් කන සතෙක් වෙන්න ඇති. මේ පුවත ඇසුණහම, අර කිරි දරුවගෙ දසුන දැක්කහම ‍ඔහොම කථා කියන්න හදවතක් තියෙන මනුස්සයෙක්ට නම් බැහැ. සිද්ධිය සුළු වුණත් අම්මා කෙනෙක්ට , තාත්තා කෙනෙක්ට නම් මෙය දැක්කම හදවත පිච්චිලා යනවා. (නි)

:       0       0

සේනක Monday, 11 February 2013 12:29 PM

අර අපේ යුද්ධය කාලෙදී කෑගහපු නරි ටිකට දැන් වැඩක් නැති නිසා ලන්ඩන් වලට වෙලා මෙහෙම වැඩ කරනවා ඇති නේද? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 11 February 2013 12:50 PM

ප්‍රියන්ත කියන්නේ මනුෂ්‍යයෙක්ද? (නි)

:       0       0

ගජබා Monday, 11 February 2013 12:55 PM

අපෝ! ලන්ඩන් වල නරිත් ඉන්නවද? බලන්නකෝ දැන් ලංකාවේ නම් ලස්සන. (නි)

:       0       0

අනූෂි Monday, 11 February 2013 12:57 PM

ඔයා ඇත්ත කිවුවේ නිලූ. ඒ දේ එයාට වුණා නම්? (නි)

:       0       0

ශිරෝම් Monday, 11 February 2013 01:29 PM

ප්‍රියන්ත, තිරිසනෙක් වෙන්න එපා.(නදී)

:       0       0

රුවනි Monday, 11 February 2013 01:31 PM

ප්‍රියන්ත ඔයාගේ ඇඟිල්ලක් නරියෙක් කෑවොත් මොනවා වේවිද? (ස)

:       0       0

අසංක Monday, 11 February 2013 01:45 PM

පව් වැඩේ ..... (දී)

:       0       0

සුදේශ් Monday, 11 February 2013 05:49 PM

අම්මාලටත් හැම තිස්සෙම ළමයා දිහා බලා ඉන්න බැහැ. (දී)

:       0       0

රූම් Monday, 11 February 2013 02:03 PM

නරි බෑනාවත් ඇවිල්ලද?(නදී)

:       0       0

නවින් Monday, 11 February 2013 10:12 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

දමිත් Monday, 11 February 2013 10:13 AM

පොඩි එකත් ආසාවෙන් බලන් ඉන්න ඇති, නරියෙක් නේ ඇවිත් තියෙන්නේ (දී)

:       0       0

සුවහස් Monday, 11 February 2013 10:15 AM

පුදුම හිතෙනවා නේද (දී)

:       0       0

ටජ් Monday, 11 February 2013 10:16 AM

ඒ රටේ නරි ඉන්නේ අපේ රටේ බල්ලෝ ඉන්නවා වගේ නේ (දී)

:       0       0

මාලක Monday, 11 February 2013 10:18 AM

අසරණ පොඩි එකා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site