ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය පිළිබඳව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවත් එය කමිටුවක් ලෙස සාකාච්ඡ කිරීමෙන් පසුව යුතු තීරණයක් බවත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.
නව තේරීම් කමිටුව පත්වීමෙන් පසුව ඊයේ (30) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති පළමු මාධ්‍ය හමුවේදී සනත් ජයසූරිය මහතා මෙසේ ද පැවසීය.
”තේරීම් කමිටුව පත්වුණා විතරයි වැඩ බාරගන්නේ හෙට” ”නායකයා පත්කිරීම පිළිබඳව කිසිම දෙයක් කථා කරලා නෑ. ක‍්‍රිකට් ආයතනයෙන් නායකයා පත්කිරීම් පිළිබඳව අපිට ක‍්‍රියාපටිපාටියක් ලබාදී තිබෙනවා ඒ අනුව අපිට සාකාච්ඡ කරන්න කාලය අවශ්‍යයි” යයි පැවසූ ජයසූරිය මහතා.....
”නම් කීපයක් කියවෙනවා, ඔවුන් අතුරින් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියට ගෙනයන්න නායකයකු පත්කරනවා” යයිද පැවසීය.
ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට නායකයකු බැගින් දෙදෙනෙකු පත්කරන ලෙස ක‍්‍රීඩා ආමාත්‍යවරයා කළ ඇති ප‍්‍රකාශය පිළිබඳව තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ පැවසීය.
”එම යෝජනාව අමාත්‍යවරයාගේ අදහසයි”
”අතිතයේ ලැබූ අත්දැකීමවලින් ඒ අදහස අමාත්‍යවරයා ඉදිරිපත් කරන්න ඇති. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. තවත් අදහස් ඇති ඒ පිළිබඳව අපි සාකාච්ඡ කර තීරණය කරනවා” යයිද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
තේරීම් කමිටුවේ සභාපති තනතුර අභියෝගාත්මක කටයුත්තක් බවත් ජීවිතයේ බොහෝ අවස්ථාවල පීඩනය යටතේ කටයුතු කළ තමන් මෙම රාජකාරිය ද හොදින් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් ජයසූරිය මහතා පැවසීය.
”මම සභාපතිත්වය දරණ නව තේරීම් කමිටුව ගන්නා සියලූම තීරණ ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ඉදිරියෙන් තියන්න ගන්න ඒවා. දේශපාලනය මේකට සම්බන්ධ කරගතයුතු නෑ”
”ඇමතිවරයා මට සෑම විටම ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන බව මට විශ්වාසයි”
නව තේරීම් කමිටුවේ පූර්ණ කාලීන සාමාජිකයන් ලෙස හිටපු නායක හෂාන් තිලකරත්න සහ හිටපු වේග පන්දුයවන ක‍්‍රීඩක ප‍්‍රමෝද්‍ය වීක‍්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.
පූර්ණ කාලීන සාමාජිකයන් දෙපළට වයස 19 න් පහළ ක‍්‍රිකට්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ඇතුළු විශේෂ කාර්යයන් රැසක් පැවරීමට නියමිතය.
”මෙම තේරිම් කමිටුව පත්කර තිබෙන්නනේ පාසල් ක‍්‍රිකට් සිට ජාතික ක‍්‍රිකට් දක්වායි. මේ හැම තැනම ඉන්නවා සොයා නොගත් ක‍්‍රීඩකයන්. ඒ සඳහා අපි සෑම ක‍්‍රීඩා සමාජයකටම දන්වනවා ඔවුන්ගේ දක්‍ෂතම ක‍්‍රීඩකයන් 6 බැගින් නම් කර යොමු කරන ලෙස, එම ක‍්‍රීඩකයන් එක තැනකට ගෙනල්ලා පුහුණු සැසියක් පවත්වන්න අපේ සැළසුමක් තියෙනවා” යයිද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.
දක්‍ෂ පාසල් ක‍්‍රීඩකයන් හඳුනාගැනීමට ද තමන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට අදහස් කර ඇති බව ද සනත් ජයසූරිය මහතා පැවසීය.
”මම මෙතට ඇවිත් ඉන්නේ ක‍්‍රීඩකයන් කීපදෙනෙකු ඉවත් කරනන්න නොවෙයි”
”ටෙස්ට් ක‍්‍රිකට්වලදී ඉදිරියට යන්න ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් අවශ්‍යයි. ජ්‍යෙෂ්ඨයන් නොමැතිව තරුණ ක‍්‍රීඩකයන්ට ඉදිරියට යන්න අමාරුයි මේ දෙපාර්ශ්ව මිශ‍්‍ර විය යුතුයි”
”2015 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සකස් කිරිමේ අභියෝගය අපිට තියෙනවා’’
”අපි ක‍්‍රීඩකයන් සමග සාකාච්ඡ කරන්න බලාපොරොතත වෙනවා. කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර යාළු මිත‍්‍රකම් ඇති, රට ගැන හිතලා ලංකාවට ආදරයෙන් ක‍්‍රීඩා කළ යුතු බව කමිටුවක් හැටියට අපි ක‍්‍රීඩකයන්ට කියනවා” යැයි සනත් ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක නව තේරීම් කමිටුවේ පූර්ණ කාලීන සාමාජික හෂාන් තිලකරත්න මහතා පැවසුවේ වසර ගණනාවක් ක‍්‍රීඩා කර ලබාගත් අත්දැකීම් අනාගත ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලබාදීමේ අරමුණින් මෙම තනතුර බාරගත් බවයි.
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රිවරයකු වන හෂාන් තිලකරත්න මහතාට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධූරය ලබාදීමට නම් දේශපාලනයෙන් ඉවත් වන ලෙස මීට පෙර හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයකු කළ බලපෑමක් පිළිබඳව කළ විමසුමකදී තිලකරත්න මහතා මෙසේ පැවසීය.
”මගේ දේශපාලන මතයේ වෙනසක් නෑ”
”පසුගිය කාලේ වැරදි පූර්වාදර්ශයක් දුන්නා. ක‍්‍රිකට්වලට දේශපාලනය සම්බන්ධකර ගැනීම අනවශ්‍ය දෙයක්, මගේ පරම වගකීම සහ යුතුකම ශ්‍රී ලංකාව ක‍්‍රිකට්වලට මගේ දැනුම ලබාදීමයි’’
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයකතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ 2009 වසරේ ක‍්‍රීඩා අමාත්‍ය අනුමැතිව ඇතිව තෝරාගැනීමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වන බවත් මේ දිනවල එය යාවත්කාලීන කිරීම සඳහා සාකාච්ඡ කරමින් සිටින බවයි.
නව තේරිම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන චමින්ද මෙන්ඩිස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
සනත් ජයසූරිය මහතා මාධ්‍ය හමුව අමතමින්... ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර සහ තේරීම් කමිටු සාමාජික ඒරික් උපශාන්ත යන මහත්වරු ද මෙහි වෙති.
(ඡයාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් හිතන්නේ මෙතනට සුදුසුම කෙනා කැප්ටන් කූල් (ස)
පැහැදිලි සාර්ථක තීරණයක් ගන්න රට වෙනුවෙන් (ස)
රොෂාන්, තව ටික දවසකින් බලන්නකෝ. (නි)
කවුරු ආවත් කමක් නැහැ. අපේ කණ්ඩායම වෙනදා වගේම සෙල්ලම් කළා නම් මදෑ හොදටම. (නි)
එතකොට මැතිව්ස්ට දුන්නේ මොකක්ද? (නි)
2015 ලෝක කුසලානය දක්වා ප්‍රවීනයන් කණ්ඩායමේ සිටිය යුතුයි. ඒ අතරතුර නවකයන්ට අවස්ථාව දීම ඉතා වැදගත් (ස)
දේශපාලන පක්ෂ ගැන අපට තින්දුවක් බැහැ .(දී)
මොකද මේ අය කෑගහන්නේ සංගා සහ මහේල කණ්ඩායමේ ඉන්න ඕන කියලා.. කවුද කොහෙද කියලා තියෙන්නේ එයාලා අයින් කරනවා කියලා.. යන්නේ කොහෙද මල්ලෙ පොල්..!(නු)
එල තමයි (ස)
සනත්ව මට හොදයි දේශපාලනයට එන්න කලින් නම්. (නි)
ඇයි මෙහෙම ක්‍රිකට්වලට කරන්නේ... ඇත්තටම සංගා සහ මහේල කණ්ඩායමේ ඉන්න ඕන.. ඒ දෙන්නගෙන් එක්කෙනක් නායකත්වය තව ටික කාලයට තමයි හොද එහෙත් අර්ජුන අරවින්ද මහත්තරුන් වගේ අය ගොඩක් සුදුසුයි කියලා හිතනවා..!(නු)
සුබ පැතුම් සනත් (ස)
ඇයි අපේ කැප්ටන් කූල් (ස)
සංගා සහ මහේල නැතුව අපිට ලෝක කුසලානයක් ගැන හිතන්න බැහැ. (නි)
සනත් තමයි සුදුසු මොකද එයා හොද ක්‍රීඩකයෙක්..!(නු)
රොෂාන් කිව්ව කතාව හරියටම හරි.. ක්‍රිකට්වලින් සමු ගත්තත් ලංකාවෙ ක්‍රිකට් අනාගතය ගැන හිතලා තමන්ගේ මව්බිමට දේශපාලනයකින් තොරව සේවයක් කරන අයට තමා නියම මහත්තුරු කියන්නේ..!(නු)
සුභපැතුම් සනත්..!(නු)
එක් එක් කෙනාගෙ දේශපාලන මත විවිධාකාර වෙන්න පුළුවං.. නමුත් ක්‍රීඩාවෙ සුගතියට එය බාධාවක් නොකරගත යුතුයි..!(නු)
මෙතනට දේශපාලනය ගාව ගන්න එපා. එහෙම උනොත් අච්චාරු හැලියක් වේවි (ස)
සනත් හෂාන් පාට කන්නාඩි වලින් තේරුම් කමිටුව දිහා බලන්න ඒපා සනත්ට රෝහණ දේශයේ සුභ පැතුම් (ස)
සනත් අයියා.... දේශපාලනයයෙන් ඉවත් වෙලා ක්‍රිඩාව වෙනුවෙන්ම කැප වුනොත් තමයි ගොඩාක් හොද..... මඩ ගොහොරු දේශපාලනය මහත්වරුන්ට ගැලපෙන්නේ නෑ නේද ? (ස)
සංගා සහ මහේල අනිවාර්යයෙන් කණ්ඩායමේ සිටිය යුතුයි. ඒ දෙන්නගේ සහයෝගය තරුණ ක්‍රීඩකයන්ට ලබා දිය යුතුයි. (ස)
මහේල , සංගා තව ක්‍රීඩාකල යුතුයි (ස)
අර ලේකම්තුමාව යවා ගන්න බැරි උනානේ (නු)
සුභ පැතුම්! (නි)
සනත් ගැන නම් අපිට අවිශ්වාසයක් නැහැ. (නි)