IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නායකත්වය ලබාගත්තේ කෙටි කාලීනවයි

අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලක්ව සිටින පසුබෑමෙන් මුදවා ගැනීමේ අපේක්‍ෂාවෙන් තමන් වසරක කාලයක් සඳහා නායකත්වය යළිත් බාර ගැනීමට කැමැත්ත දුන් බව  නව නායක මහේල ජයවර්ධන පවසයි. හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සහ නව නායක මහේල ජයවර්ධන දකුණු අප‍්‍රිකා සංචාරයෙන් පසුව ඉදිරි තරග සහ ශ්‍රී ලංකා පිලේ පසුබෑම සම්බන්‍ධයෙන් ඊයේ (26) ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. ‘‘මගේ කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ නායකයා වෙන්න. නායකත්වයෙන් ඉවත් වුණාට පස්සේ මට  ඕනෑ වුණේ පිතිකරුවකු ලෙස දස්කම් දැක්වීමටයි” මගෙන් කිසියම් සේවයක් කණ්ඩායමට අවශ්‍ය වෙලාවක මම මේ තීරණය ගත්තේ. මට ඒ හැරෙන්න කිසිම බලපෑමක් එල්ල වුණේ නැහැ නායකත්වයට පැමිණෙන්න යැයි” මහේල පැවසීය. තමන් 2009 වසරේදී නායකත්වයෙන් ඉවත් වුයේ නවකයන්ට අවස්ථාව ලබා දීමට යැයි පැවසුවද, මේ අවස්ථාවේදී නවකයන්ට පීඩනයක් ලබාදීම සුදුසු නොවන බව ද නව නායකයා පැවසීය. ‘‘මම 2009 වසරේ නායකත්වයෙන් අයින් වුණේ නවකයන්ට අවස්ථාව දෙන්න  ඕනෑ යන තීරණය අනුවයි. දැන් තිබෙන තත්ත්වය අනුව නවකයකු නායකයා වුවහොත් පීඩනයක් පමණයි ලැබෙන්නේ. ඒ තත්ත්වය හමුවේ නව තේරීම් කමිටුව යෝජනාව ගෙනාවට පස්සේ මම තීරණය කළා නායකත්වය නැවතත් බාරගන්න” දිගු කාලීනව නොවෙයි මම තේරීම් කමිටු සභාපතිට කිව්වා අවුරුද්දක කාලයකට පමණක් නායකත්වය ලබා දෙනවා කියලා” යැයිද එම පුවත් පත් සාකච්ඡාවේදී මහේල ජයවර්ධන පැවසීය. පිතිකරුවකු ලෙස දස්කම් අතරට නොයා නායකයකු ලෙස කටයුතු කිරීමේ කිසිදු අදහසක් නැතැයි ද මහේලගේ අදහසයි. තව දේවල් තියෙනවා. කණ්ඩායමේ රැදී සිටින්න නම් මම ක‍්‍රීඩකයකු ලෙස හොඳට කී‍්‍රඩා කරන්න  ඕනේ” මට මේ අවුරුද්ද මැදදී වයස 35 ක් වෙනවා. මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ ක‍්‍රීඩකයකු ලෙස දස්කම් අතර රැුදී නොසිටිමින් නායකයකු ලෙස දිගටම කටයුතු කරන්න” මේ තීරණය කෙටි කාලීනයි. අලූත් නායකයෙක් ඉදිරියට පත් කරන්න  ඕනේ. ඒකට සැලසුම් හදන්න  ඕනේ. ඒ සැම දේම හිතලා මම මේ තීරණය ගත්තේ” යයිද මහේල වැඩිදුරටත් පැවසීය. නායකත්වය ලබා ගැනීමට කිසිදු බලපෑමක් එල්ල නොවු බවත්, ඩිල්ෂාන්ගේ තීරණයෙන් පසුව හොඳින් සිතාබලා ගත් තීරණයක ප‍්‍රතිඵලයක් බවද මහේල පැවසීය. මට නායකත්වය ගන්න කියලා කිසිම බලපෑමක් තිබ්බේ නැහැ. ඩිල්ෂාන් ගත්ත තීරණයෙන් පසුවයි නායකත්වයට එන ලෙස ආරාධනා ලැබුණේ” මගේ ක‍්‍රිකට් ගැන ගුරුහරුකම් දෙන කීප දෙනෙක් මට ඉන්නවා. ඔවුන් සමග කතා කරලා මේ තීරණයට පැමිණියා. මේක දේශපාලන බලපෑමක් නොවෙයි” මම කවදාවත් දේශපාලනය කරලත් නැහැ. කරන්නෙත් නැහැ. වර්තමාන ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තත්ත්වය අනුව මම ගත්ත තීරණයක්” වර්තමානයේ ශ්‍රී ලංකා පිල වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ නැගීම සඳහා ටෙස්ට් හා එක්දින තරගවලට නවක ක‍්‍රීඩකයන් සහභාගි කරවන්නේ කොහොමද කියලා බැලීමත්, ආබාධ වලට ලක්වෙලා ඉන්න දක්‍ෂ ක‍්‍රීඩකයන් නැවත කණ්ඩායමට ගන්නා ආකාරය හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව සාකච්ඡුා කර ඇති බවත් මහේල පැවසීය. ශ්‍රී ලංකා පිලේ පසුබෑමට හේතුව ලෙස තේරීම් කමිටුවේ දුර්වලතා ද, ක‍්‍රීඩකයන්ගේ දුර්වලතාද පිළිබඳව ඇසු පැනයට මහේලගේ පිළිතුර වුයේ මෙසේය. මම කාටවත් ඇගිල්ල දික් කරන කෙනෙක් නොවෙයි. අපි කණ්ඩායමක් විදිහට පරාජයේ වගකීම බාර ගත යුතුයි” හැබැයි අපි දුර්වල ලෙස ක‍්‍රීඩා කරලත් නැහැ. එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලිය පැරදුනේ 1-0 ක් ලෙස ඉන්දියාව වගේ පලපුරුදු කණ්ඩායමක් ගිහිල්ලා 4-0 කට පැරදුණා. අපි එක්දින තරගාවලිය පැරදුනේ 3-2 කින්.  ඕස්ටේ‍්‍රලියාව එක්කත් ටෙස්ට් තරගාවලිය 1-0 කින් පැරදුණේ” ලෝකයේ හොඳම කණ්ඩායම් එක්ක අපි හොඳට සෙල්ලම් කළා. නමුත් අපි තුන් ඉරියව්වෙන්ම හොඳට සෙල්ලම් කරලා නැහැ. හොඳ කණ්ඩායම් සමග ඒ අයුරින් ක‍්‍රීඩා නොකළාම දිනන්න තියෙන ප‍්‍රතිශතය අඩුවෙනවා. වැරැදි හදා ගන්න එක තමයි වැදගත් වන්නේ” ලකුණු අතර නොසිටින කාලයක නායකත්වය හිමිවීම තමන්ගේ පිතිහරඹයට බරක් නොවන බවත්, එක්දින තරගවල තමන් ලකුණු අතර සිටින බවත් මහේල පවසයි. ‘‘මම පහළ වැටිලා ඉන්නේ ටෙස්ට් තරගවල කියලා හිතනව නම් ඒක මම පිළිගන්නවා. අවසන් තරගාවලි දෙකේ මට අවශ්‍ය ලෙස ක‍්‍රීඩා කරන්න හම්බ වුණේ නැහැ කියලා. මට ලොකු ලකුණු අතරට යන්න වුණේ නැහැ” මගේ තාක්‍ෂණයේ දුර්වලකම් තියෙනවා. මම ඒවා හදාගන්නවා. මගේ එක්දින ක‍්‍රීඩා දිවියේ හොඳම අවුරුදු දෙක තමයි 2010 සහ 2011 වසර දෙක. ඉතිං මම ඒ පැත්තෙන් ඉදිරියට ඇවිත් තියෙනවා” දැන් මට අලූත් අභියෝගයක් ලැබී තිබෙනවා කණ්ඩායමේ අංක පහේ ස්ථානයේ කී‍්‍රඩා කරන්න. ඒක මට අභියෝගයක්. කලින් නායකත්වය හිමි වුණා කියලා මගේ දස්කම් සමග පටලවා ගත්තේ නැහැ. මම මේ කෙටි කාලයෙත් ඒ අයුරින් කටයුතු කරනවා” යයිද මහේල වැඩිදුරටත් පැවසීය. ඩිල්ෂාන් කෙටි කාලයකින් නායකත්වයෙන් ඉවත්වීම ගැන මහේල පැවසුවේ ඒ දෙය ඩිල්ෂාන්ගෙන් ඇසිය යුතු දෙයක් බවයි. කණ්ඩායම තුළ දේශපාලනය පවතින බව ප‍්‍රකාශ කිරීමත්, එතැන තියෙන්නේ අපේ දේශපාලනයටත් වඩා දරුණු දේශපාලනයක් බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා දිගින් දිගටම පැවසීම පිළිබඳව ද මහේල අදහස් දැක්වීය. මම පිටරට තරගවල ක‍්‍රීඩා කරද්දී පත්තර කියවන කෙනෙක් නෙමෙයි. ඔය කියන දේවල් ඇත්ත කියලා තහවුරු කරලා කියන්න මට බැහැ” මම කවදාවත්ම හිතාමතා තරග පරාජය වෙන්න ඉඩ දීලා නැහැ. සංගක්කාර ලොව අංක එකේ පිතිකරුවා ඔහු ඒ දේ මෙම තරග සංචාරවල ඔප්පු කරලා තියෙනවා” අපට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවල් තියෙනවා. කණ්ඩායම ඇතුළෙ කිසිම දේශපාලනයක් නැහැ. අපි කණ්ඩායමක් ලෙස හොඳට ක‍්‍රීඩා කළේ නැහැ” නායකයකු ලෙස මට සාකච්ඡා කරන්න තියෙන්නේ තේරීම් කමිටුව සහ පුහුණුකරු සමගයි. අපි හදන සැලසුම් තේරීම් කමිටුව මගින් ක‍්‍රීඩා ඇමැතිවරයාට ලබා දෙන්න පුළුවන්” යැයිද මහේල පැවසීය. තමන් සැම විටම ස්වාධීනව කටයුතු කළ අයකු බවත්, බලපෑමක් පැමිණියොත් තමන්ගේ ගමන තමන්ට කණ්ඩායම සමග යන්න බැරිවන බවත්, මේ පත්වීම හා මේ දක්වා තමන්ට කිසිම බලපෑමක් සිදු නොවු බවත් ඉදිරියටත් එසේ සිදුවේ යැයි තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් මහේල පවසයි. තේරීම්වල යම් යම් අඩුපාඩු සිදු වුවා. ඒවා මාධ්‍යයට නොකීවාට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු ලෙස නායක ඩිල්ෂාන්ට, තේරීම් කමිටුවට දැනුම් දුන්නා. කණ්ඩායම ඇතුළේ කතා කරන දේවල් මාධ්‍යයට කියන පුද්ගලයකු නොවෙයි මම යැයි මහේල පැවසීය. ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ ෆර්විස් මහරුෆ්ට අවස්ථාව ලබාදීම පිළිබඳව නව නායකයා මෙසේ පැවසීය. කී‍්‍රඩකයන් 20 ක පමණ සංචිතයක් කැඳවා තිබුණා. මට දුරකතනයෙන් තේරීම් කමිටු නිලධාරීන් පැවසුවේ මේ ගැන. මම කිව්වා දකුණු අප‍්‍රිකා ගිය කණ්ඩායමත් හොඳයි. ඒ අයව තියාගෙන වෙනස්කම් දෙකක් සිදු කළේ මගේ එකගතාවත් සමගයි. කෝසල කුලසේකර තරග සංචාර දෙකකට සහභාගිවුණා. දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහාත් මහරුෆ්ගේ නම කියැවුණා” නමුත් කෝසලට අවස්ථාව දිය යුතු බව තීරණය වුණා” දේශිය එක්දින තරගාවලියේ හොඳින්ම ලකුණු අතර සිටි තුන් ඉරියව් කී‍්‍රඩකයෙක් මහරුෆ්.  ඕස්ටේ‍්‍රලියාවේදී මහරුෆ් සෙල්ලම් කරයි ද නැද්ද දන්නේ නැහැ. නමුත් කණ්ඩායම ශක්තිමත් කරන්න මේ අවස්ථාවේදී මම සහ තේරීම් කමිටුව හිතුවා ලකුණු අතර සිටින මහරුෆ්ව කණ්ඩායමට කැඳවන්න යැයි ද හෙතෙම පැවසීය. මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් මාධ්‍ය හමුවේදී........... (ඡායාරූපය: ඉන්ද්‍රරත්න බාලසුරිය)



අදහස් (0)

නායකත්වය ලබාගත්තේ කෙටි කාලීනවයි

සුරාජ් Saturday, 28 January 2012 01:49 AM

ගොඩක් හොද වැඩක්

:       0       0

හේමන්ත Friday, 27 January 2012 04:49 PM

මහේලට වැඩේ ගොඩදාන්න පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site