ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය තමන්ට තිබුණත් නැතත් තමන් ඒ සම්බන්ධයෙන් හිත කරදර කරගන්නේ නැතැයි තිලකරත්න ඩිල්ෂාන් පසුගිය සිකුරාදා කිම්බර්ලි නුවරදී පැවසීය.
”මම තරුණ කී‍්‍රඩකයන් එක්ක අභියෝගයක් බාරගත්තා. මම තරුණයන්ට තැන දෙනවා”
”තව වසර තුන හතරකින්, තරුණ කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දස්කම් පෙන්නවනවා මට වාඩිවෙලා බලා ඉන්න පුළුවන්. මගේ අරමුණ ඒකයි” යයිද ඩිල්ෂාන් කිම්බර්ලි නුවරදී පැවසීය.
තමන් නායකත්වය බාරගත්තේ ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය දැරීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවකදී බවද ඩිල්ෂාන් පැවසීය.
”හැමෝම අයින් වුණා. නායකත්වය බාරගන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවාම මම අභියෝගය බාරගත්තා. මගේ නායකත්වය මම සතුටින් කරගෙන යනවා” යයිද ඩිල්ෂාන් පැවසීය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බොහෝ භූමිකා බාරගෙන ඇති කී‍්‍රඩකයන් කිහිප දෙනාගෙන් ඩිල්ෂාන්ද අයෙකි.
”මම හැම දෙයක්ම කළේ රට වෙනුවෙන්”
”ඔවුන්ට ඕනෑ වුණාම මා කඩුලූ රැක්කා, ඔවුන්ට ඕනෑ වුණාම මා ආරම්භක පිතිකරුවා ලෙස කී‍්‍රඩා කරලා ඊට පස්සේ අංක 6 පිතිකරුවා ලෙසත් කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය.
පිතිකරුවකු සහ කඩුලූ රකින්නකු වශයෙන් කී‍්‍රඩා කිරීමට අමතරව ඩිල්ෂාන් අවස්ථානුකූලව පන්දු යැවීමටද ඉදිරිපත් වන අතර පිටියේ ඕනෑම තැනක විශිෂ්ට පන්දු රකින්නකුද වෙයි.
නායකත්වය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන ප‍්‍රවෘත්ති නිසා අසහනයට පත්ව සිටීද යන්න කළ විමසුමකට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා පැවසුවේ ඒ ගැන තමන් කරදර නොවන බවත් නව තේරීම් කමිටු සභාපතිවරයා සිකුරාදා තමන්ට කතා කළ අවස්තථාවේදී ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළ බවත්ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වය පිලි ගත්තාට පසුව දිල්ෂාන්ගේ පිතිහරබය සෑහෙන පසුබෑමකට ලක් වුනා, මගේ අදහස නම් නායකත්වයෙන් ඉවත් වී සුපුරුදු දස්කම් වෙන්වීම අපි කාටත් හොදයි. මහේල ආයෙත් නායකත්වයට ඒම සරල නැහැ, ඊලග ලෝක කුසලානය හිතෙහි තබාගෙන තරුණයෙක් නායකත්වයට ගෙන එන එක තමා ඉතාමත් හොද. අපේ කණ්ඩායමට සුභ අනාගතයක්.
You are great dilshan.wish u all the best... ඔබ අති විශිෂ්ඨයි ඩිල්ෂාන්. සුබ පැතුම්
දැන්වත් හොද වෙනසක් බලමු
තීරණය ගොඩාක් හොදයි
ඩිල්ෂාන් මම හිතන්නේ ඔයා නායකත්වයෙන් අයින් වෙන එක හොදයි. මම හිතනවා දැන් ඔබට කිසි බරක් නැතිව ක්‍රීඩා කරන්න පුලුවන්
ඔබ නිවැරැදියි ඩිල්ෂාන්. අපි එකගයි ඔබ සමග
ඩිල්ෂාන් ඔයා දක්ෂයි. අපි ඉදිරියටම යමු.
තරග පරාජයන්ට ඔබ පමණක් වගකිව යුතු නැහැ
ඩිල්ෂාන් ඇත්තටම ඔබ විශිෂ්ඨයි. 2011 ලෝක කුසලානයේදී එය හොදින් ඔප්පු වුණා. ඇත්තටම ඔබ අවංකයි. ඔබට සුබ පැතුම්
ඔහුට තවදුරටත් නායකත්වය දිය යුතුයි. තරග පරාජයන්ට ඔහු පමණක් වගකිව යුතු නැත
නිවැරැදි තීරණයක් ගන්න සුබ පැතුම්
ඔව් දිල්ෂාන් ඔබ හරි. අපට දැන් තමයි වැටහෙන්නේ. අපි ක්‍රිකට් ලෝලීන් විදිහට බලන කොට තරගාවලි කිහිපයක් එක දිගට පරාජය වන කොට ඇත්තටම දුක හිතෙනවා. ඒ අපි සැබෑම දේශප්‍රේමීන් නිසා. ඉතින් ඒ අවස්ථාවේදී ඇතිවන ආවේගයට ක්‍රිකට් කණ්ඩායම විවේචනය කරනවා. ඒත් ඔබ නිවැරැදි බව අපට වැටහෙනවා.
දැන්වත් දිල්ෂාන්ට නිදහසේ ක්‍රීඩාව කරගෙන යන්න ඉඩ දිය යුතුයි
නායකත්වයේ වරදක් මා දකින්නේ නැහැ. නමුත් ක්‍රීඩකයෝ ටික තේරීම් කමිටුව නිසා අපහසු තත්ත්වයකට පත්වෙලා. එයාලා භයයි එක තරගාවලියකින් අසමත් වුණොත් අනෙක් තරගාවලියන්ටත් නොතේරේවි කියා. මෙහි මානසික වැටීමක් තිබෙනවා.
මෙන්න නියම කොල්ලෙක්
හිතවත් දිල්ෂාන් ඔබට නායකත්වය තවම බරවැඩියි කියලා මම හිතනවා
දිනුම පැරදුම කාටත් එකයි. අපටනම් දිල්ෂාන්ගේ වරදක් පේන්නේ නෑ.
දිල්ෂාන් ඔබ හොද නායකයෙක්. ඒත් ඔබ නායකත්වයෙන් සමුගන්නව නම් ඔබට හොද ගමනක් යා හැකියි
ඔබට ජය
ඔබට කළ හැක. ඔබයි හොදම අවංක පුද්ගලයා
දිල්ෂාන් ඔබ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ලංකාවට ඔබ සම්පතක්. පරාජය තමයි දිනීමේ මූලික අඩිතාලම. ඔබට සුබ පැතුම්