(අංජුල මහික වීරරත්න)

හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය.

තමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්මාරක ඉදි නොකරන ලෙසට නන්දා මාලිනිය ජීවත්ව සිටියදී කළ ඉල්ලීමට අනුව ඇගේ භෂ්මාවශේෂ කැලණි නදියේ පා කර තිබේ.

ඒ අනුව නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ ඇයගේ ඥාතීන් විසින් ඉකුත් සෙනසුරාදා (12) උදෑසන කල්‍යාණි නදියට මුදා හළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේය. දශක හතක් පුරා ලාංකේය ජන මනස පුබුදුවාලමින් ගී ගැයූ නන්දා මාලිනිය ඔක්තෝබර් 20 වැනිදා සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වූවාය.නන්දා මාලිනිය එලෙස නික්ම ගියේද අවමංගල්‍ය උත්සව, ගුණ කථන කිසිවක් එපා යැයි අවසන් කැමැත්තේ ලියා තබාය.