ශ්රී ජයවර්ධනපුර සරසවිය සමීපයේ නාන පොදු ළිඳක් අසලදී කතක රංචු ගැසී කෙළෙසූ බව කියන පිරිසෙන් තව දෙදෙනෙක් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කලින් තව දෙදෙනෙක් සැකපිට රිමාන්ඩ් කරනු ලැබූහ.
ඇඟළුම් කම්හල්වලින් කැපෙන රෙදි කැබලි ගෙන ගෙස් විකුණන කතක ගෙදර යද්දී රාත්‍රියේ වැරදි බස් නැවතුමෙන් බැසීමෙන් පසු මේ අතවරයට පත් වූ බව කියති.
ඇය කෙළෙසූ පිරිස ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සේවකයන් දැයි සොයන බව පොලීසිය පවසයි.
මුලින් ඇය ළිඳ ළඟට රැගෙන ගිය ත්‍රීරෝද රියදුරන් පොලීසියට කියා ඇත්තේ මුදල් ගැනීමට කැමති වී ඇය පැමිණි බවයි.
පසුව ආ දෙදෙනා ඔවුන් විසින් කැදවන ලදැයි ඇය පොලීසියට කියා ඇත.
ඇගේ කෑගැසීම ඇසී අසල් වැසියන් පොලීසිය කැඳවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සේවකයොද කියලා සොයලා බලලා නේද මෙහෙම කියන්න තිබ්බේ (ස)
අනේ මන්දා තේරුම් ගන්න බෑ ...මුදල් ගන්න කැමැත්තෙන් ආ බවත් මෙතන කියනවනේ ...(ස)
මේ කාන්තාව කැමති වුනා නම් යන්නේ දනෝ ගැවසෙන ළිඳක් ළඟටද? නැත්නම් හෝටලයකට හරි තානායමකටද? මම නම් හිතන්නෙ නැහැ මේ මෝඩ කතා පොලීසිය විශ්වාස කරයි කියලා. මෙම කාන්තාව රවටාගෙන හරි බයකරලා තමයි මෙම ළිඳ ලඟට ගෙනත් තියෙන්නෙ. ඒ ගැන සැකයක් නැහැ. මෙම සිද්ධියේදි පොලීසිය ක්‍රියා කළ කාර්යක්ෂමතාවය අගේ කළ යුතුයි. (නි)
කාන්තාවකට නාන්නවත් බැහැනේ දැන් (දී)
හරියට හරි , එහෙම තමයි වෙන්න ඕනේ (දී)
මෙයට ප්‍රධාන හේතුව රට තුළ පවතින නීතියේ බෙලහීනතාවය. නීති සංශෝධනය කර ප්‍රසිද්ධියේ දඩුවමි දීමේ ක්‍රමයක් හදුන්වා දියයුතුයි. (නි)
සිල්වාගේ කාටහරි මෙහෙම දෙයක් වුණා නම් තේරෙයි. (නි)
අරාබියට යවන්න තියෙන්නේ. (නි)
මෙහේ කාන්තාවන්ටත් ආත්මාරක්ෂාව සඳහා පිහි බෙදා දිය යුතුයි (ස)
සිල්වා, ඇයි ඔයා ඉන්න රටේ තියෙන නීතියට ඔයා බණින්නේ? (නි)
සරසවියෙ සේවකයන් නිසා අනුමානයක් නැහැ මේ වැඩ සදහා උපාධියක් සමත්වෙලා ඇති..!(නු)
දැං ඔබ කියයි ශර්යා නීතිය අපේ රටට අවශ්‍ය සෞදි නීත.ි නැත්නම රට තුල බන කියලා සමාජය හදන්න බැහැ...!(නු)
ලලිත්, ඇත්තෙන්ම ඔබ කියන දේ හරි. (නි)
කෑගහලා තියෙන්නේ ඔක්කොම ඉවර උනාට පස්සේද? අනේ මන්දා!!(නු)
රටටම පේන්න දඩුවම් දෙන්න ඕන... ආයෙ මේ වගේ වැඩ නොකරන්න..!(නු)
අන්තර්ජාලයෙන් සම්මාන ලැබූ රරට බව හොදට පේනවා.. ලංකාවෙ මිනිසුන්ට මේ තරම් කාමයට ආශා ඇයිද? (නු)