අවුරුදු 30ක් අවංකව රාජකාරි කළ බවත්, ඉදිරියටත් මහජනාව සමග සිටින බවත් හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක විජේරාම මාවතේ නිල නිවසෙන් නික්ම යද්දී මාධ්‍යවේදීනට කීවාය.
පස්වරු 5.30ට ඇය නිවසෙන් එළියට එද්දී සිය ගණනක් මාධ්‍යවේදීහු ද, තවත් විශාල පිරිසක් ද කාරය ළඟට රොක් වූහ.
රතු පැහැති කාරය පැදවූයේ ඇගේ පුතාය. ඇගේ සැමියා ප්‍රදීප් කාරියවසම් තවත් කාරයක සිටියේය. පොලීසිය මාධ්‍යවේදීන් හා ඇය ඈත් කර තැබීමට බොහෝ වෙහෙස ගත්තේය. ඉක්මණට ඉක්මණට යන්නැයි පොලීසිය මාධ්‍යවේදීනටත් ඇයටත් කියද්දී, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ඡායාරූප ශිල්පීන් එක රොත්තට පොර කද්දී බණ්ඩාරනායක මහත්මිය කාරයේ වීදුරුව පහත් කළාය.
මුව පුරා සිනහවක් පාමින් මෙසේ කීවාය.
‘මම අවංකයි. බදු රහිත වාහන බලපත්‍රයක්වත් ගත්තේ නෑ. මම නිර්දෝෂියි. මම හැමවිටම ජනතාව සමගයි. ජනතාව අපේ පවුලේ අය රකිනු ඇතැයි මා සිතනවා. මා මුහුණ දුන් ප්‍රශ්නය ගැන අද හෙටම ප්‍රකාශයක් කරනවා.‘
ඇය තවත් දේ කීවත් පොලීසියේ කෑකෝ ගැසීම නිසා ඒවා ඇසුණේ නැත. මාධ්‍යවේදියකුගේ කකුලක් ද එතැනින් ගමන් කළ රියකට යන්තමින් අසුවිය.
ප්‍රධාන ගේට්ටුවෙන් පිටවූ ඇගේ රිය බොරැල්ල දෙසට ගමන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකනම් ඔබ තුමිය බය වෙන්න එපා..!(නු)
ඉක්මනට ප්‍රකාශයක් කරන්න.. ජනතාව බලාගෙන ඉන්නවා.!(නු)
නිදොස් බව ඔප්පු කරල පෙන්වන්න තවත් කල් ඕනද?(නු)
ඉදිරියටම යන්න ජය වේවා.!(නු)
සිදුවූ දේ ගැන කණගාටුයි..ඔබට දෙවි පිහිටයි..!
මැඩම් ඉදිරියටම එන්න..! (නු)
මැතිණියනි, ඔබ මේ රටට මැණිකකි.මේ රට හැර නොයන්න.. අතීතය සෝදා හැර තවත් ඉදිරියට යන්න ඔබට හැකිය..! (නු)
ඔබ උගත්, බුද්ධිමත් කාන්තාවක්. මෝඩ වෙන්න එපා. (නි)
ඔබතුමිය දේශපාලනටය නොඒවායි බලාපොරොත්තු වෙමි.! (නු)
ඔබතුමියට ජය වේවා..! (නු)
පාර්ලිමේන්තුවට නම් එන්න උත්සාහ කරන්න එපා මැතිණියනි. (නු)
කල්පනාකාරීව වැඩ කරන්න ඔබතුමියට ජය..! (නු)
ලංකාවේ බොහෝ පිරිසක් තවමත් බොරු ප්‍රචාර වලට රැවටිලා ඉන්න බව ලංකාදීපේට ලියන ප්‍රතිචාර වලින් පේනවා. සමහරුන් නම් වාසියට කඩේ යනවා. අනිත් අයගේ මොලේ මදිකම. මෙහෙම ගිහින් මුළු රටම ලොකු අනතුරකට යනවා. සාධාරණය කියන එක ලංකාවෙන් දැනටමත් තුරන් වෙලා. (නි)
ඉදිරියේදීවත් සමජයේ ප්‍රායොගික බව තේරුම් ගෙන වැඩ කරන්න. ඔබට සිදුවූ දේ පිලිබඳ කණගාටුයි. (නු)
ඔබට සිදුවූ දේ ගැන ඉතාම කණගාටුයි..! (නු)
ජනතාවගැන ඔබ තුමිය තැබූ විශ්වාසය එසේම වේවා..! (නු)
ඔබතුමියට ජය..! (නු)
ඔබතුමියගේ ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන් සිටිමු..! (නු)
කලින්ම ඉල්ලා අස්වුණානම් වැදගත් (නු)
මෙතුමියටත් කාල සර්ප යෝගයද කොහෙද? තමන් කරන රැකියාවේ ඉහළම තැනට ඇවිල්ලා එක පාරටම පහලට වැටෙනවා මඩ නාගෙන..! (නු)
මීගමුවෙ උපුල් වගේඋදවිය තමයි ජෙනරල් වත් අමාරැවෙ දැම්මෙ හැම දේටම දේශපාලන ඇහැ දාලා බලන්න් එපා මධ්‍යස්ථව හිතන්න පුරුදුවෙන්න. (නු)
දේශපාලනයට නම් එන්න එපා (නු)
ඔබට අපගේ ප්‍රණාමය..! (නු)
එපාකරපු පොලිසිය... (නි)
දැං ඉතිං වෙන කරන්න දෙයක් නැහැ..!(නු)
ඔබතුමියට දේශපානලයට එන්න අදහසක් නැද්ද ජනතාවට සේවයක් කරන්න..?(නු)
ඔබතුමියට ඔහොම නම් අපට..?(නු)
සදුන්, මේ රට නිදහස් කර ගැනීම පිළිබදව ඔයාට අදහසක් නැද්ද? (නි)
නූතන විහාරමහා දේවිය ඔබට ජය..!(නු)
ඔබට රට වෙනුවෙන් කරන්න තියෙන රාජකාරිය කරන්න.. ඔබට ජය..!(නු)
දිරිය දියණියට ජය පතමු..!(නු)
ඔබතුමිය ගැන ඉතාම කණගාටුයි.! (නු)
දැන් සමහර කට්ටිය මෙතුමියගේ නිවස වටේ කැරකෙනවා ඇති. (නි)
ඒ වනුවෙන් තව තවත් හඬ නගන්න (දී)
ඔබතුමියට ජය වේවා! (නි)
සමාවෙන්න මැඩම්... (නි)
ඔබතුමියට දළදා සමිදු පිහිටයි. (නි)
කිරිබත් කාපු අය , වමාරන දවස් අපි ගැන ගැන ඉන්නේ. (නි)
පාලිත කියන දේ 100%ක් හරි. (නි)
තවත් මොන ප්‍රකාශද මැඩම්? (නි)
ට්‍රිලියන් එකෙන් ගෙයක් ගත්ත එක නම් අනුමත කරන්න බැහැ කොහෙත්ම අපිට. (නි)
මංජුල, ජනතාවයි අමාරුවෙ වැටිලා තියෙන්නෙ. ඇයි හොද මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්නෙ නැතුව ඡන්දෙ දවසට නුසුදුස්සන්ගේ නම් ඉස්සරහ කතිර ගහන්නෙ. (නි)
ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය 10% ක් වත් තිබුණා නම් මේ වගේ කරන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ 60% ඡන්දදායකයෝ මොනවගේද කියලා ඊළඟ ඡන්දෙදිත් මනාව ඔප්පුවෙයි. මේවායේ දාන අදහස් දැක්කහමත් ඒක හරිම පැහැදිලියි. (නි)
ඔබට ජයවේවා (දී)
තවටික දවසකින් බැලියහැකි ඇත්ත මොකද්ද කියලා (දී)
කවදා හෝ සත්‍ය ජය ගනීවි. (නි)
විශිෂ්ඨයි මැතිණිය, සත්‍ය ජය ගනී. ලංකාවෙන් බිහි වූ යකඩ ගැහැණීය නුඹයි...(ස)
ඔබතුමිය සමග අපි ඉන්නවා (දී)
මැඩම් ඔයා ඡන්දේ ඉල්ලන්න (ස)
ඒ සිදුවීමෙන් කම්පා වෙන්න එපා (දී)
පාලිත ඔබ නිවැරදියි. සනුල්, ධම්මික කරුණාකර බුද්ධිමත්ව හිතන්න උත්සාහ කරන්න. (නි)
මංජුල, අබුඩාබි, මට කියනවද ඔයා එහෙම කියන්න හේතුව මොකක්ද කියලා. මට පුළුවන් එතකොට පැහැදිලි උත්තරයක් දෙන්න. (නි)
බොහොම කණගාටුයි. ඔබට ජයෙන් ජය! (නි)
දැන් ඉතින් මොනවා කරන්නද (දී)
ඔබ තමයි තවමත් අපේ අගවිනිසුරු. (නි)
දේශපාලනයට ඇවිත් නම කැතකර ගන්නනම් එපා (ස)
ඒ කියන්නේ ඔයා දේශපාලනයට එනවද? (නි)
ඔබ තුමිය දුක් වෙන්න එපා (දී)
ඒ වෙනුවෙන් ඔබ පෙනී සිටින්න (දී)
තමන් අවංක නම් බය වෙන්න එපා මැඩම්. (නි)
පවු කියල හිතෙනවා (දී)
දැන් මොනවා කරන්නද (දී)
සුදුස්සාට සුදුසු තැන (දී)
මැතිණියනි, ඔබට ජය! (නි)
අපිට කියන්න බැහැ මොකද උනේ කියලා (දී)
ඔබතුමිය මේ වගේ රටක තව දුරටත් රැදී ඉන්න එපා. ඔබතුමිය වගේ උගත් බුද්ධිමත් අයට මේ රට ගැලපෙන්නේ නැහැ. දෙසැරයක් නොසිතා දියුණු රටකට ගිහින් සතුටින් ජීවත් වෙන්න. ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිට සදාකල්හීම ලැබේවා! (නි)
මහජනතාව ඔබතුමිය සමග සැමදා සිටින බව අමතක නොකරන්න. (නි)
මොනවා කරන්න ද, ඔබතුමියට ජයවේවා (දී)
ඔබ තුමිය ජනතාවට විශ්වාසයි. ඔබට දළදා සමිඳු පිහිටයි (දී)
මහජනතාව අතරට ලගදීම එයි (දී)
ඒ උනාට දැන් ඉවත් කරලා ඉවරයි (දී)
ඔබ නිර්දෝෂී බවට උසාවි තීන්දුව ලබාදෙනතුරු පදවිය දරා සිට, පදවියේ, උගත්කමේ සහ ගැහැනුකමේ ගරුත්වය රැකගෙන, මැර දේශපාලුවන්ගෙන් ඔබට සහයෝගය දෙන ජනතාවට සිදුවියහැකි උපද්‍රව වළකමින් ඉවත්වූ ඔබ, ඔබ සතු උගත්කම සහ බුද්ධිමත් බව මෙතෙක් පෙන්වා ඇත. (නි)
ඔබත් ජෙනරල් සරත් ෆොන්සේකාත් යන දෙදෙනාම ඉතාම අවංක නිර්භීත අය වන අතර, රට බේරා ගැනීමට සහය වන්න. දේශපාලනයට නොඑන්න.
ඔබතුමිය එක එක්කෙනාගේ ළණු නම් කන්න යන්න එපා, අහවලා වගේ. (නි)
ඇත්තටම මටත් කණගාටුයි. (නි)
දැන් ඒ ගැන කතා කරන්න එපා (දී)
දැන් ඒ වැඩේ ඉවරයි (දී)
මට බැහැ මොකුත් කියන්න (දී)
මටනම් අපේ රටේ නීතිය හා බොහෝ ආයතන ගැන කණගාටුවක් වගේම කලකිරීමක් තියෙන්නේ (ස)
මට කියන්න මොකුත් නහා (දී)
ඔබතුමියට ඉතාලියේ සුභ පැතුම්! (නි)
අපි බලං ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
අපි සැමදා ඔබ සමගයි (දී)
ඔබතුමියට ජයවේවා (දී)
මටත් කියන්න තියෙන්නේ දැන් මොනවා කරන්න ද කියලා තමයි (දී)
ඇයි ඔබතුමිය බදු රහිත වාහන බලපත්‍රයක්වත් ගත්තේ නැත්තේ? ඒක ඔබතුමියගේ හිමිකමක් නේද? (නි)
ප්‍රකාශ කරන්න ගියොත් රට තවත් අවුල් වේවි නේද? තීරණවල ප්‍රායෝගික බවයි ඉතාම වැදගත්. අගවිනිසුරුධුරය දේශපාලන පත්වීමක්. එය පත්කළ තැනැත්තාටම ඉවත් කරන්නටද බලතල ඇත. (නි)
දිල්ශාන් හරියටම හරි. මොනතරම් උගත් වුණත් ප්‍රායෝගික නැත්නම් පැවැත්මක් නැහැ. (නි)
මැඩම්, ඔබ දේශපාලනයට නම් එන්න එපා. බුදු සරණයි! (නි)
පොලිසියේ සැබෑ ස්වරූපය අපි මනාව දුටුවා. (නි)
මොනවා කළත් දේශපාලනයට නම් එන්න එපා. (නි)
අපි හිතුවේ යුද්ධයෙන් පසු රටේ ප්‍රශ්න අවසන් වේවි කියලා. ඒත්? (නි)
ඔබ වැනි නිර්භීත කාන්තාවක් අපට ආඩම්බරයකි. ඔබට ජය! (නි)
මේ පොඩි දේට මේ ටික කාලෙට මොනතරම් හානි රටට, මිනිස්සුන්ට වුණාද? නිතිඥවරු මොනතරම් නම් භේද වුණාද? (නි)
ඔබතුමිය දේශපාලනයට ඇවිත් රටට සේවය කරන්න .අවංක හොඳ අය පාර්ලිමේන්තුවට අවශ්‍යයි . ජය වේවා ! (ස)
මට කියන්න දෙයක් නැහැ මේ ගැන (දී)
මෙය තවත් එක් සිද්ධියක් පමනක් ද........ (දී)
හර්ධ සාක්ශියයි වැදගත්
අනේ මන්දා , මට නම් කනගාටුයි(දී)
අපි ඔබ සමඟයි. ඔබට ජය වේවා (ස)
ජිවිතේ හැටි ඔහොම තමයි (දී)
කෙනෙකුට අදහස් පල කිරීමටවත් ලංකාවේ නිදහසක් නැහැ කියන එක ලංකාවේ පොලිසිය ඔප්පු කරලා තියෙනවා. අග විනිසුරුද නැද්ද යන්න වැදගත් නැහැ කෙනෙකුට මාධ්‍යට අදහස් ප්‍රකාශ කරන්න. අපට එදා තිබිච්ච ඒ නිදහසත් හැමෝටම පින් සිද්ධවෙන්න දැන් නැහැ. කොයි තරම් නම් ජයග්‍රහනක්ද අපි ලබා තිබෙන්නේ. (ස)
ඔබතුමිය දේශපාලනයට අවතීර්න වෙන්න හිතන් ඉන්නවනම්, අපි ඔබ තුමියට ආරාධනා කරනව අපිත් එක්ක මේ ගමන යන්න එන්න කියල (ස)
දේශපාලනය ආවොත් තව මඩ ගාගන්න තමයි වෙන්නේ (ස)
ඔබේ උතුම් සේවය පාර්ලිමේන්තුව වගේ තැනකට ගෙන යන්න එපා. පුළුවන් නම් මේ රටෙන් පිට වෙලා නීතිය සදාචාරය තියෙන රටකට ගිහින් ජීවත් වන්න. (නි)
මේ වැඩේ සුළුවට තකන්න එපා (දී)
සත්‍ය සගවන්න බැහැ අපි බලන් ඉම්මු, ඒ කතාව ඇත්තක්ද නැද්ද කියලා ඔප්පු වෙයි (දී)
මට හරිම දුකයි (දී)
මෙතන ඉන්න පිස්සෝ කියන දේවල් අහලා ඒ මෝඩකම් කරන්න නම් එපා (ස)
දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
මම මේ ගැන මොකුත් කියන්න දෙයක් නැහැ (දී)
මට ඔබ තුමිය ගැන කනගාතුයි (දී)
අනේ මැඩම්, දැන්වත් ප්‍රවේශම් වෙන්න. (නි)
අනේ මැඩම්, දේශපාලනයට නම් එන්න එපා. (නි)
ඔබතුමියට ජය වේවා! (නි)
සත්‍ය යට ගහන්න බැහැ. (දී)
අත්තටම කනගාතුයි (දී)
මට මේ ගැන කියන්න දෙයක් නැහැ (දී)
දේශපාලනයට ආවොත් මඩ ගාගන්න වෙනවා. මොකද දේශපාලනය කරන්න වෙන්නේ මඩේ ඉඳන් (ස)
සත්‍ය ජය ජයගන්නවා (දී)
සත්‍ය කවදා හරි ජය ගන්නවා. (දී)
මංජුල, මම කිව්වේ එතුමියට දේශපාලනයට එන්නේ නැතුව මේකට සටන් කරන්න කියලි .ඔයා එකේ දකින වැරැද්ද මොකක්ද ? (ස)
ඒක ඔබ තුමියගේ හර්ධ ශාක්සිය දන්නවා (දී)
ඇත්තටම මටත් කණගාටුයි.
නිදොස් බව ක්‍රියාවෙන් පෙන්වන්න (දී)
ඔබ නිවැරදි නම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. සාධාරණය ඉටු වේවි. (දී)
උගත් බුද්ධිමත් මෙතුමියට දේශපාලනය කිරීම නරකද ? (ස)
ඔබට සදා ජය (ස)
ඇයට ජයඝෝෂා නගපු අයගෙන් හෝ ඉටිපන්දම් දවාලූ අයගෙන් හෝ එක්කෙනෙක්වත් ඇය නිල නිවසින් යනවිට පැමිණ සිටියේ නෑ. ජනමාධ්‍යවේදීන් හැර. (ස)
එතකොට ඔයා කරපුවා හරිද? මහත්තයා කළ දේවල් හරිද?(නු)
ඔබට ජය මැතිණියනි(නු)
ඔබේ නිදොස් බව වෙනුවෙන් ඔබ හඩ නගන්න. (දී)
බඩු මිල මොන ප්‍රශ්නද. දැන් තියෙන දැවෙන ප්‍රශ්නය ඔබතුමිය ගැනයි. (ස)
හරි හෝ වැරදි චෝදනා 14කට ලක් වුණානේ, නිවැරදි නමි නිසි පිළිතුරු ජනතාවට ලබා දෙන්න. දෝෂාභියෝගයට මුහුණ දුන් අවස්ථාවෙම එහෙම කලානම් වඩාත් හොඳයි. (ස)
ඔබට සදා ජය . සැමදා අපි ඔබ සමඟයි . ඔබට බුදු සරණයි (ස)
ඔබ නිදොස් නම් බය වෙන්න එපා. එය ඔප්පු කරන්න. (දී)
මේ පිලිබදව සොයා බැලිය යුතුයි (දී)
සත්‍ය කොයි මොහොතක හරි ජය ගන්නවා (දී)
අනේ ඩිලාන්, මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
සත්‍ය කවදා හෝ ජයගනීවි (ස)
නිදොස් බව ඔප්පු කර පෙන්වන්න (දී )
මොනවා කරන්නද දැන් (දී)
ඔබතුමිය නැවත විශ්ව විද්‍යාලයට යන්න. එතන තමා ඔබ වැනි උගතුන්ට හොඳම තැන. පාර්ලිමේන්තුව කියන එකේ තියෙන්නේ මොනවද කියලා දන්නවනේ. ඒකට බැහැලා ඒවා නාගන්නේ නැතුව ඔබේ උගත්කම ගෞරවය රැකගෙන ඉන්න. ඔබ කී පරිදි සොබා දහම කවදා හරි ඔබේ පිහිටට එනු ඇත. රටේ ජනතාවට ඔබ ආරක්ෂා කරනු තබා ඔවුන්ටවත් ආරක්ෂා නැතුව ඉදිද්දි ඔබ ඒ ගැන නම් විශ්වාස කරන්න එපා. ඔබ රටේ අනාගත විශ්ව විද්‍යාල වල දරුවන් උදෙසා ගත් තීරණය මතුදවසක ඔබට පිහිටට එනු ඇත. එබැවින් එම දරුවන් වෙනුවෙන් ඔබේ ජීවිතය කැප කරන්න. හදිසි තීරණ නොගෙන දුර දිග බලා කටයුතු කරන්න. දේශපාලකයන්ගේ අතකොළුවක් නොවී පුලුවන් නම් මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට මේ රටේ සිවිල් සමාජයට නායකත්වය දෙන්න. (නි)
තමුන් සාධාරණයි නම් අනිවාර්යෙන්ම සාධාරණක් බලාපොරොත්තු වෙන්න. (දී)
නිර්දෝෂී බව ඇයි කමිටුවටයි නොකිවුවේ? (නි)
සිංහලුන් කියන්නේ කෙළෙහිගුණ නොදන්නා ජාතියක් බව පමණක් මතක තබාගෙන ඔබ ඉදිරියට යන්න. (නි)
මේ කතාව ඇත්තනම් කවද හරි සාධාරණය ඉටු වෙයි. (දී)
හරිම කනගාටුයි ඔබ ගැන (දී)
තමන් දන්නවා ඇතිනේ හරිද වැරදිද කියලා (දී)
දැන් මොනවා කරන්නද (දී)
හිටපු අගවිනිසුරුතුමියනි, විශාල ප්‍රසිද්ධයක් ලෑබුනණහම කවුරුත් ආශයි. ඔබතුමියටත් වුණේ ඒකයි. ශ්‍රී ලංකා දේශපාලනයේ එල්ලෙන්න වැල් නැති අය එමටයි. ඒ අය උත්සාහ කළේ ඔබතුමියගෙ කරපිටින් යන්නයි.ඔබතුමියගේ නීති සංගමය ගැනත් පොදු මහජනයාට කුතුහලයක් ඈති වුණා කිවුවොත් නිවැරදියි. අවු.34ක් යුද්ධයෙන් බෑට කෑ රටක් කනාමැදිරි එළියටත් බයයි. ඇත්තෙන්ම ඔබතුමියට මගේ වත්කම මෙපමණයි කියලා රටට හෙළි කරන්න පුලුවන්ද? පොදු මහජනයා බලා ඉන්නේ මාධ‍්‍යයට ඔබ කියන කතා නොව ඔබගේ වත්කම් ප්‍රකාශනයයි. ඔබ ඇත්තෙන්ම නිදොස් නම් ඔබට මෙය ප්‍රකාශ කළ හැකියි නේද ? අපි එනකොට මොකුත් ගෙනාවෙත් නැහැ නේද? යනකොට මොකුත් ගෙනයන්නෙත් නැහැ නේද? බුදු දහමට අනුව කටයුතු කරන කිසිවෙකුට වරදින්නේ නැත. (නි)
ජෝයි ඩයස්, කාටද කඩේ යන්නේ? (නි)
දැන් පරක්කු වැඩියි (දී)
සමස්ථ කාන්තාවන්ටම කර නිග්‍රහයට බලධාරීන් වගකිව යුතුයි (ස)
ගරු මැතිණියනි, මිනිසුන් හැමදාම ජීවත් වෙන්නේ නැහැ. කිසිදු ප්‍රතිපත්තියක් නැතුව අවුරුදු දහසක් ජීවත්වීමට වඩා අවංක ප්‍රතිපත්තිගරුකව එක් දවසක් වුවද ජීවත්වීම වටින බව ධම්මපදය අනුව පෙන්වා දිය හැකිය. ඒ නිසා අද ඔබතුමියට නැතිවූ යම් දෙයක් වේද, ඊට වඩා සිය දහසක් අගනා දේ අනාගතයේදී උරුම වන බව පැවසිය හැකිය. ඒ නිසා සිදු වූ සෑම දේම ස්වභාව ධර්මයාට බලා දී ඉවසිලිමත්ව ක්‍රියා කරනු මැනවි. අද ඔබතුමියට සිදුකළ අකටයුතු කම් සියල්ල යථා කාලයේදී ආයෙමත් ඒවා කරපු අය දෙසටම කැරකී එන දිනය වැඩි ඈතක නැත. මේ සියළු දේ මැද පොදු ජනතාව වන අප ඔබතුමිය සමඟ යි මැතිණියනි සැමවිටදීම. අපි ඔබ තුන් දෙනා ආරක්ෂා කරගන්නම්. ඔබ තිදෙනා අපගේ දෑස් වගේ මැතිණියනි. තෙරුවන් සරණයි !!! (ස)
ඔබතුමියට ඒමට තරම් පක්ෂයක් තාම බිහිවෙලා නැහැ.. ඒ නිසා ඒ ගැන හිතන්නවත් එපා..!(නු)
සත්‍යය කවදා හෝ ජය ගන්නවා. (නි)