තමන් කියනදේ නාහන කෙනෙකු "ත්‍රස්තවාදියායයි" හංවඩු ගසා ඔහුගේ ගෙදරට සන්නාහ සන්නද්ධ හමුදාවක් යවා ඔහුට වෙඩිතබා මරාදැමීමේ අයිතිය තමන්ට ඇති බව මේ ‘ලෝක පොලිස්කාරයා‘ අවධාරණයෙන්ම කියා සිටී. ඒ අවස්ථාවේ එතැන ඉන්නා අහිංසක කාන්තාවකට වෙඩි වැදුනොත් එය ඇගේ නොලැබීමය, අවාසනාවය.
වෙනත් රටක යුදපිටියෙදී කෙනෙකු මියයතොත් එතැන සිදුවන්නේ "අවිනීත නොහික්මුණු සොල්දාදුවන් අසරණ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීමකි."
ඇමෙරිකාව ලෝකයට කියනේ එහෙමය. නමුත් ඒ සෙල්ලම් ගෙදරදී වලංගු නැත.
මේබව සනාථ කරන ප්‍රවෘත්තියක් පසුගියදා ප්‍රචාරය විය.
මෙය අභිරහසක් හෝ කවුරුත් නොදන්නා දෙයක් නොවේ. මෙම ප්‍රවෘත්ති වාර්තාවට අනුව දැනට ඇමෙරිකාව පුරාම ලක්ෂ තිහකට වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සහිත අමුතු කණ්ඩායමක් බිහිවී ඇත.
යුධහමුදා භටයින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී වනගත පෙදෙස්හි ගිනි අවි පුහුණුව ලබාගන්නා මොවුන් බැලූ බැල්මට පෙනෙන්නේ හමුදා භටයන් ලෙසය.
මෙම පිරිස හැඳින්වෙන්නේ නිතර සුදානමින් යන තේරුම සහිත "ප්රෙපර්ස්" නමිනි.
විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධරයන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යනු ලබන මෙම කණ්ඩායමේ සියලුදෙනාටම හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ගිනි අවි පුහුණුව ලබාදෙයි.
මේ අවි පුහුණුව ලබන්නන් අතර වයස අවුරුදු නමයේ නොදරුවෝ ද සිටිති.
වෙනත් රටවල දරුවන්ට ආයුධ පුහුණුව ලබාදීම බලවත් වරදක් බවට කෑ මොරදෙන ඇමෙරිකාව තම රටේ සිදුවන එවැනි කටයුතු ගැන සොයා බැලීමක් සිදුකරන්නේ නැත. ඒගැන ලෝකයටම ඇහෙන්නට කෑ මොර ගහන්නේත් නැත.
කියනකොට එහෙමය. කරනකොට මෙහෙමය.
පසුගිය කාලයේ ඇමෙරිකාවේ නගර කිහිපයකම පාසල් සහ වෙළඳසල්හි ඝාතන කිහිපයක්ම සිදුවිය. ඉන්පසුව ඇමෙරිකාවේ ආයුධ ළඟ තබාගනීමේ අයිතිය අහෝසි කරන ලෙසට උද්ඝෝෂණ සහ ඉල්ලීම් ඉදිරිපත්විය. නමුත් බොහෝදෙනා ඊට තම විරෝධය පාමින් කියා සිටියේ එම ඉල්ලීම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හේතුවන බවයි.
ඇමෙරිකාවේ හැමතැනම ඇති කඩසාප්පුවලින් ඉතාමත් ලෙහෙසියෙන් අවි ආයුධ සහ වෙඩි උණ්ඩ මිලදී ගත හැකියි. මෙය ඇමෙරිකානුවන්ගේ මානව අයිතිවාසිකමකි. එසේ ගන්නා ගිනි අවි භාවිතා කර ඝාතන සිදුකළවිට කියන්නේ ඒවා උම්මත්තයන්ගේ වැඩ බවයි.
"ප්රෙපර්ස්" සන්නද්ධ කණ්ඩායම පිහිටුවාගත්තේ පනස් හත් හැවිරිදි ජිම් ෆොස්ටර් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. ඔහු කියන්නේ ඇමෙරිකානුවන් අද ලෝකය පුරාම අපකීර්තියට පත්ව ඉන්නා බවත් තම රටට විදේශ ත්‍රස්ත කල්ලිවලින් ඇති තර්ජනය වෙන කිසිදාටත් වඩා භයානක අන්දමට වර්ධනය වී ඇති බවත්ය.
" මම කියන්නේ අපට අතවරයක් හෝ විපත්තියක් සිදුවූ අවස්තාවක රජයෙන් පිහිටක් ලැබේය කියා හිතන්න අපහසු බවයි" කියන ෆොස්ටර් තම තමන්ගේ අවශ්‍යතාවයන් බලා කියා ගැනීම තම තමන්ගේ වගකීම බවට දැන් පත්ව ඇති බවද පවසයි.
මේ වාර්තාව දුටු කෙනෙක් කීවේ මේ මිනිස්සු මේවගේ නොදරුවන් සන්නාහ සනද්ධකොට නවීන යුද අවි පුහුණුවක් ලබාදෙන්නේ අනාගතයේදී ඔවුන්ලවා "පොල්ගාවා ගන්නනම් " නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වදෙන් ළමයි දරුණු වෙන්න පුළුවන් (දී)
මෙහෙමත් රටක්? (නි)
මේ වැඩේ ළමයින්ට වැරදි ආදර්ශයක් දෙනවා (දී)
අපිට පුලුවන්ද ඇමරිකාවට උපදෙස් දෙන්න? (නි)
පද්මි, ඇමෙරිකාවේ කොහෙද අපට තේරුම් ගතහැකි සංස්කෟතියක් තියෙන්නේ? මීට වසර හතරකට ප්‍රථම උතුරේ එවැනි සංස්කෟතියක් තිබූ බව ඇත්තයි. එය තුරන්කළ අප ජනපතිටයි එම ගෞරවය! (නි)
පද්මි, මේ සංස්කෘතිය ලොවට හුරු වුණොත් ලෝක විනාශය එතනයි. සත්‍යය එයයි. (නි)
ඇමරිකාවට බැන බැන ඉන්න එතකොට ඔක්කොම හරියයි.(නදී)
ඒ වැඩේ හොදයි, පුහුණුව විතරක් නොවෙයි නොමිලේ තුවක්කුවකුත් දෙමුද (දී)
ඔබාමා මහත්තයෝ ඒ වැඩේ නම් හොදයි ඊට කලින් ළමයිගේ ආද්ධ්‍යත්මික වර්දනයක් කලොත් නරකද (දී)
ඒ වැඩේ එච්ච්ර සුභ නැහැ (දී)
සිල්වා, ඕකම තමයි උතුරු කොරියාවටයි ඉරානෙටයි තියෙන තර්කේ. (නි)
ඕකෙන් ඉතින් වෙන්නේ ඇමරිකාවේ මිනිස්සුන්ට උන්ම වෙඩි තියාගන්න එකනේ. පිටින් ත්‍රස්තවාදී එන්න ඕනේ නැහැ ලංකාවට.(නදී)
ඇමරිකාවට බැන බැන ඉන්නේ නැතිව අපිත් ළමයින්ට අයි පුහුනුව ලබා දෙමු. ඒක අනාගතයට වැදගත් වෙයි.(නදී)
විශ්වාස කරන්නත් අමාරුයි.. කොමහන්ද මේ ප්‍රවෘත්තිය සොයා ගත්තේ... (ස)
ඇමරිකාව අතීතයෙත් මෙවැනි දේ කළ බවට වාර්ථා පලවුනා. ඒත් අමුතු පියවරක් ගත්තේ නෑ (ස)
ඇමරිකානු සංස්කෘතිය තේරුම් ගන්න ලංකාවට තව ගොඩාක් කල් යාවි... (ස)
ත්‍රස්තවාදයට අනුබල දෙන්න එපා. (නි)
මේ දෙන්නේ ත්‍රස්ත ප්‍රහාරකින් බේරෙන හැටි පුහුණුවක්. අපිටත් පාසැල් වල මේවා කියලා දුන්නා 1988 දි. (නදී)
රටක් අනිකුත් රටවල් අබිබවා සංවර්ධනය වන විට එම රටට බාහිර තර්ජන වැඩිවීම 20වන සියවසේ දී මුල් මැද අග මෙන්ම 21 වන සියවසේදීත් එලෙසම පවතී.ඇමෙරිකා එක්සත් ජනපදය ලොව භුමි ප්‍රමාණය අතින් ලොව සිව්වන විශාලතම රටවන අතර ජනගහනය අතින් ලොව තුන්වන රට වේ.අප මෙහෙදී සැලකිය යුතු වැදගත්ම කාරණාව නම් සියලුම බ්‍රිතාන්‍යට යටත් රටවල් වලට පෙර "තමාට පෙර රට" යන සංකල්පය පෙරදැරිකොට ගෙන බ්‍රිතාන්‍ය පාලනයෙන් රට මුදවා ගැනීමට 1775 දී යුද සංග්‍රාමයක් අරබා 1776 ජුලි 04 වෙනි දින මුලින්ම නිදහස අත්පත් කරගත් අතර අදත් ඔවුන් ලෝක පොලිස්කාරයා වී ඇත්තේ වසර 200 වඩා කාලයක් රට දිනවන ජාතික ප්‍රතිපතියක් තුල ගමන් කිරීමෙන්ය.එම නිසා අප සෑම විටම බටහිරෙන් උගතයුතු දේ ලබාගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම තුලින් රටට සබැ සව්භාග්‍යය උදාකර ගත හැකි බව මගේ විශ්වාසයයි .(නදී)
අවසානයේදී මේ පුහුණුවෙන් වැඩක් ගන්නේ එක්කෝ තමන්ගේම අම්මට නැත්නම් ඉස්කෝලේ යාළුවන්ට වෙඩි තියලා මරාදාලා. (නි)
සිල්වා, ඔයාගේ හිතේ තියෙනවා ඇමරිකාවේ විදියට අපි හුරුවිය යුතුයි කියලා. මසම වැරදියි කිවුවේ අන්න ඒක. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
වදුරාට දැලිපිහි දුන්න කතාව අහලා තියෙනවද (දී)
ඇමරිකානු වසන්තය පටන් ගන්නද යන්නේ? :D (නි)